76 වන ජාතික නිදහස් සමරු උළෙලට සමගාමීව පැවැත් වූ පුත්තලම දිස්ත්‍රික් නිදහස් උළෙල අද පෙරවරුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මයාදුන්නේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික පුජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් කලපු තීරයේ දී පැවතුණි.
“ හදමු අලුත් රටක් " මෙවර නිදහස් උළෙලෙහි තේමාව කොට ගනිමින් පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයේ දරුවන් ජාතික ගීතය ගායනයෙන් හා ආනන්ද විද්‍යාලයේ දරුවන් ආශිර්වාද ගාථා ගායනයෙන් මෙම උළෙළෙහි ආරම්භය සනිටුහන් කළා.
කරුවලගස්වැව සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන් ඉදිරිපත් කළ පූජා නර්ථනයෙන් පල්ලම සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන්ගේ නිර්මාණාත්මක නර්ථනයෙන් ෆාතිමා විද්‍යාලයේ දරුවන්ගේ ඉස්ලාම් නර්ථන අංගයෙන් හා හින්දු විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කළ දමිල නර්ථනයෙන් මෙම නිදහස් උළෙල වර්ණවත් විය.
එමෙන්ම 76වන පුත්තලම දිස්ත්‍රික් නිදහස් උළෙල වර්ණවත් කරමින් පුත්තලම සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන් විසින් මිශ්‍ර ශාස්ත්‍රිය නර්ථන අංගය ඉදිරිපත් කළේය.හලාවත භාව රංග කලායතනයේ ශිල්පීන්ගේ නව නිර්මාණ නර්ථන අංගයෙන් හා ආණමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ දරුවන් ඉදිරිපත් කළ වෙස් නර්ථනයෙන් නිදහස් සමරු උළෙල හැඩගැන්වීය.
එමෙන්ම නිදහස් සැමරුමට පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය නායක, ශිෂ්‍ය භට ,බාලදක්ෂ කණ්ඩායම්, පරිසර භට කණ්ඩායම් සහභාගී වුහ.
මිට සමගාමීව කළපු තිරය පරිශ්‍රයේ 76 නිදහස සංකේතවත් කරමින් රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වීය. එමෙන්ම පුත්තලම මහජන පුස්තකාලය විසින් මෙවර නිදහස සිහිගන්වන ස්ටිකරයක් රථවාහන තුළ ප්‍රදර්ශනය කිරිමට අවස්ථාව සැලසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා,නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇතුළු නිලධාරින්, බ්‍රිගේඩියර් කිචිලාන් මහතා ඇතුළු නිලධාරින්, ගෘප් කැප්ටන් ප්‍රභාත් ඇලෙක්සැන්ඩර් මහතා ඇතුළු නිලධාරින්, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි කුමාර රූපසිංහ මහතා ඇතුළු නිලධාරින්,සිවිල් ආරක්ෂක බල සේනා නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරු,කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන නිලධාරින් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, බැංකු මූල්‍ය ආයතන කළමණාකරු ඇතුළු නිලධාරින් සහ පාසල් දරුවන්, ප්‍රදේශවාසින් සහභාගී වුහ.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතාගේ උපදෙස් හා මගපෙන්වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදි.












