පළාත් පාලන ආයතනයන්හි වසර දහයකට වැඩි සේවා කාලයක් සපුරා ඇති අනියම් හා තාවකාලිකව සේවයේ යෙදී සිටි අයවලුන් හත්සිය අනූ හත් දෙනෙකු(797) මෙලෙස ස්ථිර පත්වීම් ලැබීමට සුදුසුකම් ලබා තිබුණි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ  සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ  සුරතින්  නාත්තන්ඩිය ඇල්බට් එෆ් පීරිස් රංග ශාලාවේ පැවති උත්සවයේදී පසුගියදා මෙම පත්වීම්  ප්‍රධානය කරන ලදී.

 මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර නසීර් අහමඩ් මහතා, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක අමල් මායාදුන්නේ, අලි සබ්‍රි රහීම්, ජගත් ප්‍රියංකර, සමන් ප්‍රිය හේරත්, යදාමිණි ගුණවර්ධන  යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම් එස්. පි.හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්  සහභාගී වූහ.

450456072 983167243599421 3683751489594638346 n  450471154 983166680266144 3002911676320079203 n

450478631 983167020266110 5492704642564382949 n  450480585 983166613599484 4904150769019633241 n