ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය විෂය ක්ෂේත්‍රය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක් වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ සේවා බෙදා හැරීමේ නව මධ්‍යස්ථානය නොම්බර 31 සේවාමාවතෙහි විවෘත කරන ලදී. (පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිටදී )
මෙමගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ සෞඛ්‍ය සේවා ප්‍රවේශතාව සහ ගුණාත්මක බව ඉහල නංවමින් අත්‍යවශ්‍ය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සැපයීම අරමුණයි.
එමෙන්ම නිශ්චිත සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගවලට ඵලදායී ලෙස ආමන්ත්‍රණය කරමින් සමස්ත ප්‍රජාවෙහි යහ පැවැත්ම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම මෙමගින් බලාපොරොත්තු වන තවත් අරමුණකි.
විශේෂයෙන් මෙම මධ්‍යස්ථානයේදී වෛද්‍ය හා සායනික සේවාවන්,වෛද්‍ය රසායනාගාර සේවාවන්,පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව උපදෙස් හා සේවාවන්, උපදේශන සේවාවන් සහ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
මෙම අවස්ථාවට සමගාමීව ගර්භනී මව්වරුන් තිස් දෙනෙකුට රුපියල් තිස්දහසක් වටිනා ගර්භනී මාතා කට්ටල ලබාදීම ද සිදු කළේය.
මෙවැනි සුව සේවා මධ්‍යස්ථාන ගාල්ල මඩකලපුව, කිලිනොච්චිය, නුවරඑළිය,ගම්පහ, කොළඹ සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි ස්ථාපිත කර ඇත.
UNFPA ආයතනයේ සහකාර රාජ්‍ය නියෝජිත ආචාර්ය දයානාත් රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති
මෙහි සමාරම්භක උත්සවයට දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස් පි.හේරත් මහතා, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙහි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති අරුණි මර්සලින් මෙනවිය, විධායක අධ්‍යක්ෂ ආචාර්ය රුචිත පෙරේරා මහතා සහ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ,නාගරික ලේකම් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.









