මේ වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 4 බැගින් සහ දොරටු 2ක් අඩි 5 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 17900 බැගින් නිකුත් කරමින් පවතින බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 2 බැගින් විවෘත කර ඇත. ඉන් තප්පරයට ඝන අඩි 640 ක ජලධාරිතාවයක් නිකුත් කෙරෙන බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.
තවද රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර ඇත. එහි අඩි හතර බැගින් දොරටු 2ක්, අඩි තුන බැගින් දොරටු 2ක් , සහ දොරටු 2ක් අඩි දෙක බැගින් විවෘත කර ඇත. ඉන් ජලය තත්පරයට ඝන අඩි 4500 ක් නිකුත් කෙරෙන බව ඉංජිනේරුවරයා පවසයි.
එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් විවෘත කර ඇත. ඉන් ජලය තත්පරයට ඝන අඩි 1600 ක් නිකුත් කරන බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්වය නිසා දිස්ත්‍රික්කයේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවත් එම නිසා වාන් දොරටු වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇති බැවින් ජලාශයන් හි පහල ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පි.හේරත් මහතා පවසයි.

attention veuillez illustrer le concept vectoriel de l annonce importante 2jd0gra