අසිරිමත් නත්තල අර්ථවත් කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ කැරොල් ගීත ගායනයෙන් හැඩගැන්වූ මෙම උත්සවය සඳහා දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතා, හිටපු මූල්‍ය සහකාර M. සන්තියාගු මහතා සහ  මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අරූන්දාසන් මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරික ජයසිංහ මහතා  ඇතුළු කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපරිමිත දයාව අර්ථවත් කරමින්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නත්තල සමරණු පිණිස,  සියලු ආගම් හා ජාතීන් නියෝජනය වන පරිදි උපකාරක අවශ්‍යතා සහිත පවුල් දහයක සාමාජිකයින්  වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රධානය සහ දරුවන් දස දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද මෙහිදී  සිදු  කළේය..

471317878 1098112112104933 6915360765876135004 n  470223650 1098111125438365 3468872126335177717 n

471151101 1098111852104959 8880422350132745873 n  471325665 1098111788771632 3124815061513374235 n