හිස තෙල් ගැල්වීමේ දිස්ත්‍රික් උත්සවය ආනමඩුව   ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරස්ථානයේදී පෙරවරු නමයයි හතරට යෙදුණු සුභ මොහොතින් පූජ්‍ය පණ්ඩිත ආනමඩුවේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ  රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අභයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ වන්ණි කුමාර වන්ණි දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වඩත්ත ශ්‍රී  සරණංකර පිරිවෙනෙහි පරිවේනාධිපති, ආනමඩුව සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, වඩත්ත  ශ්‍රී බෝධි නන්දාරාමය ඇතුළු සොළොස් මහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය  වඩත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය,  දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පි හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වුහ.

 

491471876 1182092587040218 100222548422142205 n  491712262 1182093603706783 2280896948917479810 n

491762102 1182094013706742 8532550840001575392 n  491785038 1182092180373592 6628278247043441218 n