පුත්තලම ආපදා පීඩිතයන්ට රු. මිලියන 318ක වන්දි ප්‍රදානය
|
“ඔබ ලබා ගන්න මේ මුදල් ජනාධිපතිතුමාවත්, අපි රජයවත් මේ අපේ දිශාපතිතුමාවත් අපි කවුරුත් ගෙදරින් ගෙනල්ලා දෙන මුදලක් නෙවෙයි. මහජන මුදල්. මහජන මුදල් අවභාවිත කරන්න රජයට අයිතියක් නැහැ වගේම මහජනයාට අයිතියකුත් නැහැ. මේ ඔබට දෙන මහජන මුදල් උපරිම ලෙස ඵලදාය ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. කර්මාන්ත සඳහා දෙන සහන පාවිච්චි කරලා ඒ කර්මාන්ත නැවත නගා සිටුව ගන්න ඕනේ. ව්‍යාපාර නැවත නගා සිටුව ගන්න ඕනේ. අපි හැමෝම එකතු වෙලා මේ රට මුහුණ දීලා තියෙන දුෂ්කර අවස්ථාවේදී රට ගොඩනැගීමට දායක වුණු වගකීම් සහගත පුරවැසියන් හැටියට කටයුතු කරමු” යැයි පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති මෙම වන්දි ප්‍රධාන අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසී ය. මේ යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක ප්‍රතිලාභීන් 228 දෙනෙකු වෙත රුපියල් මිලියන 318 කට අධික (සමස්ත වශයෙන් රු. 318,826,746.95 ක) වන්දි මුදලක් බෙදා දීමට පියවර ගෙන තිබුණි. මෙහිදී,
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩි ම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කරුවලගස්වැව (58) සහ පුත්තලම (47) ප්‍රදේශවලිනි. මීට අමතරව මාදම්පේ (33), ආරච්චිකට්ටුව (35), ආණමඩුව (20), නවගත්තේගම (24) සහ හලාවත (41) ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය තුළ ආපදාවට පත් ජනතාව වෙත ද මෙම වන්දි චෙක්පත් පිරිනැමීම සිදු කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන ලද්දේ රජය පසුගිය වසර තුළ මහජන බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි ලක්ෂයක් (ට්‍රිලියනයක්) ඉතිරි කර ගැනීමට සමත් වී ඇති බවයි. ඒ අනුව අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති හෝ වැටුප් වැඩි කිරීම් නතර නොකර, එම ඉතිරි කළ මුදලින් රුපියල් කෝටි 50,000ක් ආපදා සහන සඳහා වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙන බවයි. මෙහිදී එක් අයෙකුට ලබා දෙන ලක්ෂ 50ක මුදල මගින් ගමේ පෙදරේරුවන්, වඩුවන්, දර සපයන්නන් සහ හාඩ්වෙයාර් ව්‍යාපාරිකයන්ට ආදායම් මාර්ග උදාවන බැවින්, මෙමගින් මුළු ගමේම ආර්ථිකය ශක්තිමත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ලබා දෙන මෙම මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කර, තම ශ්‍රමය ද දායක කරගෙන වඩාත් වටිනා නිවසක් ගොඩනගා ගැනීමට ප්‍රතිලාභීන්ට වගකීමක් ඇති බවත් ආපදාවෙන් බිඳ වැටුණු ව්‍යාපාරිකයන් සඳහා වන්දි ලබා දෙන අතර ම, ඔවුන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අඩු පොලී ණය ලබා දීමේ වැඩසටහනක් ද සකස් කර ඇති බවත් සඳහන් කළේ ය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසී ය. " මේ ලක්ෂ 50 දෙන්නේ ණයක් හැටියට නෙමෙයි මුළුමනින්ම සහනයක් හැටියට, ප්‍රදානයක් හැටියට. ඒ අතර තියෙනවා කටුමැටි ගෙවල්. පොල්ලතු පැලලි වලින් වට කරලා හදාගත්ත පොඩි නිවාස. ලෑලි ගහලා තිබු නිවාස ටකරන් තහඩු ගහලා හදාගෙන තිබුණ නිවාස.අපි ලක්ෂ 50ක් දෙන්න තීරණය කරපුවහම සමහර අයගෙන් ආවා යෝජනාවක් ලක්ෂ 50 ක් ඕනි නෑ ඔය ගෙවල්වල වටිනාකම ලක්ෂ එකහාමාරක් විතර ඇති. ලක්ෂ එකහමාරකින් ඒ තිබුණ විදිහට ගේ හදලා දෙමු කියල. හැබැයි රජයේ ඉලක්කය ඒක නෙවෙයි. තිබුණු ජීවිතයේ ම ආපහු දෙන්න නෙමෙයි රජයේ අරමුණ. තිබුණට වැඩිය ඉතා හොඳ නිවසක් එක්ක හොඳ සමාජ ජීවිතයක් ලබා දෙන්නයි " " ආපත්තිය විපත්තියක් බවට පත් කරගන්න දෙන්නේ නැතුව ආපත්තිය සම්පත්තියක් බවට පත් කරලා දෙන වැඩසටහනක් තමයි අපි මේ ආරම්භ කළේ"" රජය විසින් ආපදාවෙන් විපතට පත් ජන ජීවිතය නගා සිටුවීම සඳහා දැවැන්ත මැදිහත්වීමක් කරලා ඒගොල්ලන්ගේ ජීවිතයට සම්පත්තියක් ළඟා කරලා දීමේ මෙහෙමක් තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේක අවස්ථාවක්. මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගමු. ’’ මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින්,අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටිය හ |
|
மாவட்டத்தின் பிரதேச செயலாளர் பிரிவுகளின் அடிப்படையில் அதிகளவிலான பயனாளிகள் கருவலகஸ்வேவ (58) மற்றும் புத்தளம் (47) பகுதிகளில் பதிவாகினர். இதனுடன், மாதம்பே (33), ஆரச்சிக்கட்டுவ (35), ஆனமடுவ (20), நவகத்தேகம (24) மற்றும் ஹலாவத்த (41) உள்ளிட்ட மொத்தம் பதினாறு பிரதேச செயலாளர் பிரிவுகளிலும் அனர்த்தத்தால் பாதிக்கப்பட்ட மக்களுக்கு இழப்பீட்டு காசோலைகள் வழங்கப்பட்டன. இந்நிகழ்வில் கருத்து தெரிவித்த அமைச்சர், கடந்த ஆண்டில் பொதுமக்களின் வரி பணத்தை முறையாக நிர்வகித்ததன் மூலம் அரசாங்கம் தேசிய பொருளாதாரக் களஞ்சியத்தில் ரூபாய் ஒரு டிரில்லியன் அளவிற்கு சேமிக்க முடிந்துள்ளதாகக் குறிப்பிட்டார். அதன்படி, பிற அபிவிருத்தித் திட்டங்களையோ அல்லது சம்பள உயர்வுகளையோ நிறுத்தாமல், சேமிக்கப்பட்ட அந்த தொகையில் இருந்து ரூபாய் 50,000 கோடி அனர்த்த நிவாரணத்திற்காக ஒதுக்க ஜனாதிபதி அனுர குமார திசாநாயக்க தீர்மானித்துள்ளார். ஒவ்வொருவருக்கும் வழங்கப்படும் 50 லட்சம் ரூபாய் தொகை மூலம் கிராமங்களில் கட்டிடத் தொழிலாளர்கள், தச்சர்கள், மர வழங்குநர்கள் மற்றும் ஹார்ட்வேர் வணிகர்கள் ஆகியோருக்கு வருமான வாய்ப்புகள் உருவாகும் என்பதால், இது முழு கிராமத்தின் பொருளாதாரத்தையும் வலுப்படுத்தும் என அமைச்சர் தெரிவித்தார். அரசாங்கம் வழங்கும் இந்த நிதியை சிக்கனமாக பயன்படுத்தி, தங்களின் உழைப்பையும் இணைத்து மேலும் மதிப்புள்ள வீடுகளை கட்டிக்கொள்ளும் பொறுப்பு பயனாளிகளுக்கு இருப்பதாகவும், அனர்த்தத்தால் பாதிக்கப்பட்ட தொழிலதிபர்களுக்கு இழப்பீடு வழங்குவதோடு, அவர்கள் மீண்டும் தொழிலை ஆரம்பிக்க குறைந்த வட்டி கடன்களும் வழங்கப்படும் திட்டம் தயார் செய்யப்பட்டுள்ளதாகவும் அவர் கூறினார். மேலும் அவர் தெரிவித்ததாவது: “இந்த 50 லட்சம் ஒரு கடன் அல்ல; இது முழுமையான நிவாரணமாக வழங்கப்படும் உதவித் தொகை. சிலர் கூறினார்கள், இவ்வீடுகளின் மதிப்பு அதற்குக் குறைவாக இருக்கலாம், அதனால் குறைந்த தொகையில் மீண்டும் கட்டலாம் என்று. ஆனால் அரசின் நோக்கம் அது அல்ல. முன்பு இருந்த வாழ்க்கையை திருப்பிக் கொடுப்பதே இலக்கு அல்ல; அதைவிட மேம்பட்ட வீடும் சிறந்த சமூக வாழ்க்கையும் வழங்குவதே எங்களின் நோக்கம். இந்த திட்டம் அனர்த்தத்தை ஒரு வாய்ப்பாக மாற்றும் முயற்சியாகும்; அனர்த்தத்தை செல்வமாக மாற்றும் ஒரு ஆரம்பம்.” அரசாங்கம், அனர்த்தத்தால் பாதிக்கப்பட்ட மக்களின் வாழ்க்கையை மீண்டும் கட்டியெழுப்ப பெரும் முயற்சி மேற்கொண்டு, அவர்களின் வாழ்வில் முன்னேற்றத்தை கொண்டு வர இந்த திட்டத்தை ஆரம்பித்துள்ளது. ஆகையால், இந்த வாய்ப்பை மக்கள் முழுமையாக பயன்படுத்த வேண்டும். இந்த நிகழ்வில் பாராளுமன்ற உறுப்பினர்கள், மாவட்ட செயலாளர் இந்திக சில்வா, உள்ளூராட்சி பிரதிநிதிகள், தொடர்புடைய பிரதேச செயலாளர்கள் உள்ளிட்ட பல அரச அதிகாரிகள் கலந்து கொண்டனர். |
|
At the Divisional Secretariat level within the district, the highest number of beneficiaries was reported from Karuwalagaswewa (58) and Puttalam (47) areas. In addition, compensation cheques were also distributed to disaster-affected people across sixteen Divisional Secretariat divisions, including Madampe (33), Arachchikattuwa (35), Anamaduwa (20), Nawagaththegama (24), and Chilaw (41). Speaking at the event, the Minister pointed out that the government had managed to save approximately one trillion rupees in the national treasury over the past year through proper management of public tax funds. Accordingly, without halting other development projects or salary increases, President Anura Kumara Dissanayake has decided to allocate Rs. 500 billion from those savings for disaster relief. The Minister further explained that the Rs. 5 million granted to each individual would create income opportunities for local masons, carpenters, timber suppliers, and hardware businessmen, thereby strengthening the entire village economy. He also emphasized that beneficiaries have a responsibility to use the funds prudently and contribute their own labor to build better and more valuable houses. In addition to providing compensation to businesses affected by the disaster, a program has also been prepared to offer low-interest loans to help them restart their businesses. Expressing further views, the Minister stated: “This Rs. 5 million is not given as a loan, but entirely as a grant. Among the affected are small houses made of mud, wattle and daub structures, wooden plank houses, and tin-roofed dwellings. When we decided to grant Rs. 5 million, some suggested that such houses were worth only about Rs. 150,000 and could be rebuilt accordingly. However, that is not the government’s objective. Our aim is not to restore the previous standard of living, but to provide a much better house and an improved social life than before. This program is designed to transform adversity into opportunity — to turn disaster into prosperity.” The government has initiated this major intervention to rebuild the lives of people affected by disasters and to bring lasting improvement to their living conditions. Therefore, this is an opportunity, and people should make the maximum use of it. The event was attended by Members of Parliament, District Secretary Indika Silva, local government representatives, relevant Divisional Secretaries, and many other government officials. |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||













