"ගම් දහසක වැඩ දහසක්" ප්‍රජා ශක්ති පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන මහවැව මැදගොඩ ග්‍රාමයේදී
|
ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය සංවර්ධනය අරමුණු කරගනිමින් ග්‍රාමීය සංවර්ධනය උදෙසා ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක් ජාතික වැඩසටහන ට සමගාමීව පැවති පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැදගොඩ ග්‍රාමයේ දී පැවැත්විණි. ඒ අනුව රුපියල් මිලියන 25,000ක මහජන බදු මුදල් වැය කරමින් දිවයින පුරා ගම් නියම්ගම් දහසක එකවර ආරම්භ වන මෙම සුවිශේෂී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මාලාවේ පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපෘතිය වන මැදගොඩ පොල් කඳ ඔය පැති බැම්මට ජලය පාලනය සඳහා වන දියදොර 02ක් ඉදිකිරීම හා දියපැන්නුම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු වටිනාකම රුපියල් 8,000,000/=කි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 600කට අධික ප්‍රමාණයක් සඳහා දියවර නිකුත් කිරීමට අපේක්ෂිතය. මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගයාන් ජානක මහතා, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව- සභාපති සාගර විජේසේකර මහතා, දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ චින්තා විතාන මහත්මිය, මහවැව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස සහභාගි විය. |
|
"A Thousand Villages, A Thousand Jobs" Praja Shakthi Puttalam District Program at Medagoda Village, Mahawewa. The Puttalam District Inauguration Ceremony, which was held in conjunction with the Praja Shakthi 2026 National Program for Rural Development, aimed at alleviating multidimensional poverty, food security and livelihood development in Sri Lanka, was held today at Medagoda Village, Mahawewa Divisional Secretariat. Accordingly, the construction of 02 water gates for water control on the Medagoda Polkanda Oya side wall and the laying of the foundation stone for the construction of the water fall, which is part of this unique rural development project series that will be launched simultaneously in a thousand villages and hamlets across the island at a cost of Rs. 25,000 million of public tax money, was carried out under the patronage of the Minister of Public Administration, Provincial Councils and Local Government, Mr. Chandana Abeyratne. The total estimated value of this project is Rs. 8,000,000/=. It is also expected that this project will release water for more than 600 acres of paddy fields in the area. |
|
"ஆயிரம் கிராமங்களில், ஆயிரம் வேலைத்திட்டங்கள்" பிரஜா சக்தி புத்தளம் மாவட்டத் நிகழ்ச்சித் திட்டமானது மஹவெவ, மெதகொட கிராமத்தில் நடைபெற்றது. இலங்கையில் பல்பரிமாண வறுமையை ஒழித்தல், உணவுப் பாதுகாப்பு மற்றும் வாழ்வாதார அபிவிருத்தி ஆகியவற்றை நோக்கமாகக் கொண்ட கிராம அபிவிருத்திக்கான பிரஜா சக்தி 2026 "ஆயிரம் கிராமங்களில், ஆயிரம் வேலைத்திட்டங்கள்" என்ற தேசிய வேலைத்திட்டத்திற்கு ஒருங்கிணைவாக நடைபெற்ற புத்தளம் மாவட்ட தொடக்க விழா, இன்று மஹவெவ பிரதேச செயலாளர் பிரிவின் மெதகொட கிராமத்தில் நடைபெற்றது. இத்திட்டத்தின் மொத்த மதிப்பீடானது ரூ. 8,000,000/= ஆகும். இத்திட்டத்தின் மூலம் அப்பகுதியில் உள்ள 600 ஏக்கருக்கும் மேற்பட்ட வயல்களுக்கு நீர் வழங்குவதற்கு எதிர்பார்க்கப்படுகிறது. இந்நிகழ்ச்சியில் புத்தளம் மாவட்ட பாராளுமன்ற உறுப்பினரும், மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவருமான திரு. கயான் ஜனக்க அவர்களும், நாத்தாண்டிய பிரதேச சபைத் தலைவர் திரு. சாகர விஜேசேகர அவர்களும், மாவட்டச் செயலாளர் இந்திக்க சில்வா அவர்களும், மாவட்டப் திட்டமிடற் பணியாளர் திருமதி. சிந்தா விதான அவர்களும், மஹவெவ பிரதேசச் செயலாளர் உட்பட அரச அதிகாரிகள், அப்பகுதி மக்கள் மற்றும் விவசாய அமைப்புகளின் பிரதிநிதிகள் கலந்து கொண்டனர். |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |

























