"රටම එකට" ජාතික වැඩසටහන - පුත්තලම දිස්ත්‍රික්කය
|
" මතින් නිදහස් දේශයක් උදෙසා අභිමානයෙන් යුතුව පෙළගැසෙමු "
"රටම එකට" ජාතික වැඩසටහනට සමගාමීව පැවැති පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන ආනමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේදී සර්ව ආගමික නායකයින්ගේ අනුශාසකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28.06.2026) පෙරවරුවේ ආරම්භ කළේය. අනතුරුව මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීමේ වැදගත්කම සහ මත්ද්‍රව්‍ය භාවිතයේ දරුණු ප්‍රතිවිපාක මහජනතාවට පෙන්වීම සඳහා නිර්මාණය කර ඇති පෝස්ටර, බැනර ඇතුලත් පා ගමන හා දැනුවත් කිරීමේ වැඩසටහන කන්නන්ගර විද්‍යාලයේන් ආරම්භ කර ආනමඩුව නගරය හරහා බස් නැවතුම්පොළ දක්වා ගමන් කර නැවත හලාවත - ආනමඩුව මාර්ගයේ ආනමඩුව ප්‍රාදේශීය සභාව අසලින් නිමාවට පත් කරන ලදී.
මෙම පාගමන සඳහා පරමාකන්ද රජ මහා විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඥානානන්දාභිධාන ස්වාමීන් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින් , පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, නියෝජ්‍ය පොලිස්පති පුත්තලම දිසාව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා, සභාපති ප්‍රාදේශීය සභාව ආණමඩුව ආලෝක බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් ස්ථානාධිපති ආනමඩුව, කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු සිසු පිරිස, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ආනමඩුව, කාර්මික විද්‍යාලය ආනමඩුව, ජර්මානු කාර්මික විද්‍යාලය අනමඩුව, වෘත්තීය පුහුණු අධිකාරිය ආනමඩුව, තරුණ සේවා සභාව ආණමඩුව, ග්‍රාමීය කමිටු සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි පා ගමන සහ දැනුවත් කිරීමේ වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ආණමඩුව ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන ලදී.
|
|
"சுதந்திர நாட்டிற்காகப் பெருமையுடன் அணிவகுப்போம்" பின்னர், போதைப்பொருள் பயன்பாட்டைத் தடுப்பதன் முக்கியத்துவத்தையும், அதன் கடுமையான விளைவுகளையும் பொதுமக்களுக்கு உணர்த்தும் வகையில் சுவரொட்டிகள் மற்றும் பதாகைகள் அடங்கிய அணிவகுப்பு மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சி, கண்ணங்கர பள்ளியிலிருந்து தொடங்கி, அனமடுவ நகரம் வழியாகப் பேருந்து நிலையம் வரை சென்று, சிலாவ் - அனமடுவ சாலையில் உள்ள அனமடுவ பிரதேச சபை அருகே நிறைவடைந்தது. பரமகண்ட ராஜ மகா விகாரையின் பொறுப்பாளர், வணக்கத்திற்குரிய அனமடுவ தர்மகீர்த்தி ஸ்ரீ பன்னனந்த ஞானானந்த பிதான தேரோ, அனைத்து மதங்களின் தலைவர்கள், புத்தளம் மாவட்ட செயலாளர் இந்திகா சில்வா, புத்தளம் காவல்துறை பிரதி இன்ஸ்பெக்டர் ஜெனர (டி.ஐ.ஜி) திசாவ பிரியந்த சந்திரசிறி, அனமடுவ பிரதேச சபையின் தலைவர் அலோகா பண்டார மற்றும் பிற பிரதேச சபை உறுப்பினர்கள், உதவி காவல் கண்காணிப்பாளர் மற்றும் அனமடுவ பொறுப்பதிகாரி, கண்ணங்கரா மாதிரி கல்லூரியின் முதல்வர் மற்றும் ஆசிரியர்கள், மாணவர்கள், அனமடுவ பிரதேச கல்வி அலுவலகம், அனமடுவ தொழில்நுட்பக் கல்லூரி, அனமடுவ ஜெர்மன் தொழில்நுட்பக் கல்லூரி, அனமடுவ தொழிற்பயிற்சி அதிகாரசபை, அனமடுவ இளைஞர் சேவைகள் சபை, கிராமக் குழு உறுப்பினர்கள் மற்றும் பத்திரிகையாளர்கள் இந்த பேரணியில் பங்கேற்றனர். போதைப்பொருள் துஷ்பிரயோகம் மற்றும் சட்டவிரோத கடத்தலுக்கு எதிரான இந்த பேரணி மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சி புத்தளம் மாவட்ட செயலகம், அனமடுவ பிரதேச செயலகம், தேசிய அபாயகரமான போதைப்பொருள் கட்டுப்பாட்டு வாரியம் மற்றும் அனமடுவ பிரதேச சபை ஆகியவற்றால் கூட்டாக ஏற்பாடு செய்யப்பட்டது. |
|
"Let's march with pride for a free country"
|
ඩෙංගු මර්දනය සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට පියවර
|
රෝගීන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට වඩා මේ අවස්ථාවේ අපට තිබෙන වැදගත් ම අවශ්‍යතාව වන්නේ රෝගය වළක්වා ගැනීමයි.
📍 වසංගතය පාලනය කර ගැනීම සඳහා සතියකට අවම වශයෙන් විනාඩි 30ක හෝ 45ක කාලයක් තමන් ජීවත් වන වටපිටාව පිරිසිදු කිරීමට වෙන් කරන්න. 📍 මෙම කටයුතු අධීක්ෂණය සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාකාරී විශේෂ කමිටු පිහිටුවනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත් ඒවා හුදු කමිටු බවට පත් නොවී ක්‍රියාකාරී වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දිස්ත්‍රික් මට්ටමින් ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සහ මර්දන වැඩසටහන් විධිමත් කිරීම පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් 2026 ජුනි 17 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී ය. මෙහිදී දිස්ත්‍රික්කයේ පවතින සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ වශයෙන් විමර්ශනයට ලක් වූ අතර, මේ වන විට රට තුළ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, මරණ 25කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් අනාවරණය කළ අමාත්‍යවරයා රටේ පවතින බරපතල තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම කඩිනමින් පාලනය කිරීම අත්‍යවශ්‍ය ම කාරණයක් වී ඇතැයි පෙන්වා දුන්නේ ය. ඒ සඳහා නිවාස පරිසරය මෙන් ම සමස්ත රාජකාරී ආයතන පරිශ්‍රයන් ද දැඩි අවධානයකින් යුතුව පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය යුතු බව ද අවධාරණය කළේ ය. "දැනට පවතින රෝගී ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ප්‍රතිකාර කිරීමේ ඉඩකඩ සහ ධාරිතාව පවා ඉක්මවා යමින් පවතිනවා. රෝගීන් රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට වඩා මේ අවස්ථාවේ අපට තිබෙන වැදගත්ම අවශ්‍යතාව වන්නේ රෝගය වළක්වා ගැනීමයි. එබැවින් වසංගතය පාලනය කර ගැනීම සඳහා සතියකට අවම වශයෙන් විනාඩි 30ක හෝ 45ක කාලයක් තමන් ජීවත් වන වටපිටාව පිරිසිදු කිරීමට වෙන් කරන ලෙස මම සමස්ත ජනතාවගෙන්, සියලු ම රාජ්‍ය සහ පළාත් පාලන ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටිනවා." යැයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසී ය. "අපි මේ සම්බන්ධව අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් කමිටුවක් පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙනුත් අපි ඒ කටයුතු කරනවා. මෙම කමිටු පත් කිරීම, හුදු කමිටුවක් බවට පත් වෙන්නේ නැතුව ඒගොල්ලෝ ක්‍රියාකාරී වැඩසටහන් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ සඳහා අපි අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ වැඩසටහන එසේම ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඒ තුළින් මේ වසංගත තත්ත්වය අවම කරගන්න තමයි අපේ ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ." මෙම සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙම කාර්යයට අදාළ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සාකච්ඡාව සජීවීව සම්බන්ධ වූහ |
|
நோயாளிகளை மருத்துவமனையில் சேர்த்து சிகிச்சை அளிப்பதை விட, இந்த நேரத்தில் நமக்கு இருக்கும் மிக முக்கியமான தேவை, நோயைத் தடுப்பதே ஆகும். 📍தொற்றுநோயைக் கட்டுப்படுத்த, நீங்கள் வசிக்கும் சுற்றுப்புறத்தைச் சுத்தம் செய்ய வாரத்திற்கு குறைந்தது 30 அல்லது 45 நிமிடங்களையாவது ஒதுக்குங்கள். 📍இந்த நடவடிக்கைகளைக் கண்காணிக்க மாவட்ட மற்றும் பிராந்திய மட்டங்களில் சிறப்பு நடவடிக்கைக் குழுக்கள் அமைக்கப்படும்.பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர், பேராசிரியர் சந்தன அபயரத்ன டெங்கு கட்டுப்பாட்டு நடவடிக்கைகளைக் கண்காணிக்க மாவட்ட மற்றும் பிராந்தியக் குழுக்களை நியமிக்க நடவடிக்கைகள் எடுக்கப்படும் என்றும், அவை வெறும் குழுக்களாக மட்டும் இல்லாமல், செயல் திட்டங்களைத் திட்டமிட்டு செயல்படுத்த தேவையான ஏற்பாடுகள் வழங்கப்படும் என்றும் பேராசிரியர் சந்தன அபயரத்ன கூறுகிறார். மாவட்ட அளவில் வேகமாகப் பரவி வரும் டெங்கு தொற்றுநோயைக் கட்டுப்படுத்துவது மற்றும் ஒடுக்குதல் திட்டங்களை முறைப்படுத்துவது குறித்து ஆய்வு செய்வதற்காக, 2026 ஜூன் 17 அன்று புத்தளம் மாவட்டச் செயலகத்தில் நடைபெற்ற ஒரு சிறப்பு கலந்துரையாடலின் போது அமைச்சர் இந்த அறிக்கையை வெளியிட்டார். மாவட்டத்தில் நிலவும் சுகாதார நிலைமை விரிவாக ஆய்வு செய்யப்பட்டது. மேலும், நாட்டில் தற்போது அதிக எண்ணிக்கையிலான டெங்கு நோயாளிகள் பதிவாகி வருவதாகவும், கிட்டத்தட்ட 25 இறப்புகள் பதிவாகியுள்ளதாகவும் தெரிவித்த அமைச்சர், நாட்டில் நிலவும் கடுமையான சூழ்நிலையைக் கருத்தில் கொண்டு, டெங்கு நோயின் பரவலை விரைவாகக் கட்டுப்படுத்துவது அவசியம் என்று சுட்டிக்காட்டினார். குடியிருப்புச் சூழலையும், உத்தியோகபூர்வ நிறுவனங்களின் முழு வளாகத்தையும் மிகுந்த கவனத்துடன் ஆய்வு செய்து, கொசுக்கள் இனப்பெருக்கம் செய்யக்கூடிய இடங்களை அழிப்பதே இந்தத் திட்டத்தின் முதன்மை நோக்கமாக இருக்க வேண்டும் என்றும் அவர் வலியுறுத்தினார். "தற்போதைய நோய்ப் பரவலின் காரணமாக, மருத்துவமனைகளின் சிகிச்சைக்கான இடமும் திறனும் நிரம்பி வழிகின்றன. நோயாளிகளை அனுமதித்து அவர்களுக்கு சிகிச்சை அளிப்பதை விட, இந்த நேரத்தில் நமக்கு இருக்கும் மிக முக்கியமான தேவை நோயைத் தடுப்பதே ஆகும். எனவே, இந்த நோய்ப்பரவலைக் கட்டுப்படுத்தும் பொருட்டு, பொதுமக்கள் அனைவரும், அனைத்து அரச மற்றும் உள்ளூராட்சி நிறுவனங்களும் தாங்கள் வாழும் சூழலைத் தூய்மைப்படுத்த வாரத்திற்கு குறைந்தபட்சம் 30 அல்லது 45 நிமிடங்களையாவது ஒதுக்குமாறு தாழ்மையுடன் கேட்டுக்கொள்கிறேன்," என்று அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன கூறினார். அமைச்சர் மேலும் கூறினார். இதைக் கண்காணிக்க ஒரு மாவட்டக் குழுவை நியமிப்பதற்கான நடவடிக்கைகளை நாங்கள் எடுத்து வருகிறோம். பிரதேச செயலக அளவிலும் நாங்கள் அதையே செய்து வருகிறோம். இந்தக் குழுக்களின் நியமனம் வெறும் குழுவாக மட்டும் இருப்பதில்லை; அவை செயல் திட்டங்களைத் திட்டமிட்டுச் செயல்படுத்துகின்றன. அதற்காக, இந்தத் திட்டத்தை மற்ற மாவட்டங்களிலும் செயல்படுத்த நாங்கள் எதிர்பார்க்கிறோம். இதன் மூலம், இந்தத் தொற்றுநோய் நிலையைத் தணிப்பதே எங்களின் இலக்காக அமைந்துள்ளது. புத்தளம் மாவட்டச் செயலாளர், மாகாண சுகாதாரத் துறை பணிப்பாளர் நாயகம், பிரதேச செயலாளர்கள் மற்றும் பிரதேச சபை தலைவர்கள், அமைச்சரின் ஒருங்கிணைப்புச் செயலாளர் மற்றும் இப்பணி தொடர்பான துறையில் உள்ள உயர் அதிகாரிகள் குழுவும் ஜூம் தொழில்நுட்பம் வழியாக நேரலையில் கலந்துரையாடலில் இணைந்தனர். |
|
Rather than hospitalizing and treating patients, the most important need we have at this time is to prevent the disease. Professor Chandana Abayaratne says that steps will be taken to appoint district and regional committees to monitor dengue control activities and that they will not become mere committees but will be provided with the necessary arrangements to plan and implement action programs. The Minister made this statement during a special discussion held at the Puttalam District Secretariat on June 17, 2026 to examine the control of the rapidly spreading dengue epidemic at the district level and the regularization of suppression programs. The health situation in the district was examined at length, and the Minister, who revealed that a large number of dengue patients are currently being reported in the country and that nearly 25 deaths have been reported, pointed out that it is essential to control the spread of dengue disease quickly in view of the serious situation prevailing in the country. He also emphasized that the primary objective of this program should be to inspect the housing environment as well as the entire premises of official institutions with great attention and destroy places where mosquitoes can breed. "In the face of the current spread of the disease, the treatment space and capacity of hospitals are being exceeded. Rather than admitting patients and treating them, the most important need we have at this time is to prevent the disease. Therefore, I kindly request the entire public, all state and local government institutions to set aside at least 30 or 45 minutes a week to clean the environment in which they live in order to control the epidemic," said Minister Professor Chandana Abayaratne. "We are taking steps to appoint a district committee to monitor this. We are also doing the same at the divisional secretariat level. The appointment of these committees does not become a mere committee, they plan and implement action programs. For that, we expect to implement this program in other districts as well. Through this, our goal has become to minimize this epidemic situation." The Puttalam District Secretary, the Provincial Director General of Health, Divisional Secretaries and Pradeshiya Sabha Chairmen, the Minister's Coordinating Secretary and a group of high-ranking officials in the field related to this work also joined the discussion live via Zoom technology. |
![]() |
![]() |
|
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
අලි මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව පැවැත්විණි
|
පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුව සම්බන්ධයෙන් පෙර පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අලි-මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2026 ජූනි 16 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් සභා ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ඇන්ටන් ජයකොඩි මැතිතුමා, ගරු ගයාන් ජානක මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.ඵම්. සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන්, මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී |
|
புத்தளம் மாவட்டத்தில் காட்டு யானைப் பிரச்சினை தொடர்பாக முந்தைய கூட்டங்களில் எடுக்கப்பட்ட தீர்மானங்களைச் செயல்படுத்துவதில் ஏற்பட்டுள்ள முன்னேற்றத்தை மீளாய்வு செய்வதற்காக, மனித-யானை மோதல் மேலாண்மைக் குழுவின் முன்னேற்ற மீளாய்வுக் கூட்டம் 2026 ஜூன் 16 அன்று புத்தளம் மாவட்டச் செயலகத்தில் நடைபெற்றது. பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் மாகாண சபைகள் அமைச்சர் பேராசிரியர் சந்தன அபேயரத்ன தலைமையில் நடைபெற்ற இக்கலந்தாய்வில், புத்தளம் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் கௌரவ அந்தோண் ஜயகோடி, கௌரவ கயன் ஜனக, புத்தளம் மாவட்டச் செயலாளர் ஒய்.ஐ.எம். சில்வா, மேலதிக மாவட்டச் செயலாளர் (நிலங்கள்) சதுரக ஜயசிங்க மற்றும் பிற அதிகாரிகள் கலந்துகொண்டனர். வனப் பாதுகாப்புத் திணைக்களம், வனவிலங்கு பாதுகாப்புத் திணைக்களம், நீர்ப்பாசனத் திணைக்களம் ஆகியவற்றின் பிரதிநிதிகள், பொதுப் பிரதிநிதிகள் மற்றும் அப்பகுதி மக்களும் இந்நிகழ்வில் பங்கேற்றனர். |
|
The progress review meeting of the Human-Elephant Conflict Management Committee was held on 16th June 2026 at the Puttalam District Secretariat to review the progress of implementing the decisions taken in the previous meetings regarding the wild elephant problem in the Puttalam District. The discussion, chaired by the Minister of Public Administration, Provincial Councils and Provincial Councils, Prof. Chandana Abeyratne, was attended by the Co-Chairman of the Puttalam District Coordination Committee, Hon. Anton Jayakody, Hon. Gayan Janaka, Puttalam District Secretary Y.I.M. Silva, Additional District Secretary (Lands) Chathuraka Jayasinghe and other officials. Officers representing the Forest Conservation Department, Wildlife Conservation Department, Irrigation Department, public representatives and residents of the area also participated in the event. |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |




















