දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් අලිවැට ප්‍රතිෂ්ඨාපනය හා අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට අදාළව කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
|
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් අලිවැට ප්‍රතිෂ්ඨාපනය හා අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට අදාළව කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පසුගියදා (2026.01.11) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී විශේෂයෙන් අලි වැට නඩත්තු කිරීම,තාවකාලික අලි පාලන ඒකක ස්ථාපනය කිරීම , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ගම්වාසීන් දැනුවත් කිරීම මෙන්ම තබ්බෝව වැව් පිටිය පුළුල් කිරීම හා සුපෝෂණ කටයුතු කඩිනම් කිරීම ආදිය පිළිබදව අවධානය යොමු කරන ලදී. එමෙන්ම අලි මිනිස් ගැටුම කළමණාකරණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරේදී බඳවා ගත් සිවිල් ආරක්ෂක නිලධාරීන් 3500 දෙනාට අමතරව තවත් සිවිල් ආරක්ෂක නිලධාරීන් 1500 දෙනෙකු මෙම වසරේ දී බඳවා ගැනීමට නියමිත බවත් ඒ අනුව නිලධාරීන් 5000ක් අලි වැට නඩත්තුව හා අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා යොදවන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා මෙහිදී පැවසීය. තවද භෞතික සම්පත් වැඩි කිරීම සඳහා කැබ් රථ, මෝටර් බයිසිකල් හා ට්‍රැක්ටර් මිලදී ගැනීම් කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව ඒ මහතා පවසයි. එමෙන්ම මෙම ගැටලුව විසඳීම සඳහා ගම්වාසීන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ඒ සඳහා දිගුකාලීන සහ කෙටි කාලීන පියවර ගැනීමට අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී කියා සිටීයා. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගයාන් ජානක යන මහත්වරු ඇතුළු දේශපාලන අධිකාරිය,වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එල්. ආර්. පි. මාරසිංහ, අතිරේක ලේකම් පරිසර අමාත්‍යාංශය ඩී. පි. සි. උදය කුමාර,පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා, අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම් ) චතුරක ජයසිංහ යන මහත්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු, වනජීවී, වන සංරක්ෂණ , වාරිමාර්ග,සිවිල් ආරක්ෂක,යුධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් , සහභාගී විය. |
|
A special coordination committee meeting was held recently (2026.01.11) at the auditorium of the Puttalam Divisional Secretariat to implement urgent solutions related to the restoration of elephant fences damaged due to the Ditwa cyclone and the management of human–elephant conflict. During the meeting, special attention was paid to the maintenance of elephant fences, establishment of temporary elephant control units, raising awareness among villagers at the Divisional Secretariat level, as well as expanding the Thabbowa Wewa premises and expediting supplementary nutrition-related activities. Furthermore, the Chairman of the District Coordinating Committee, Minister of Public Administration, Provincial Councils and Local Government, Mr. Chandan Abeyratne, stated that in addition to the 3,500 Civil Defence Force personnel recruited last year to the Department of Wildlife Conservation for managing human–elephant conflict, another 1,500 Civil Defence Force personnel are expected to be recruited this year. Accordingly, a total of 5,000 officers will be deployed for elephant fence maintenance and human–elephant conflict management. He also mentioned that procurement of physical resources such as cab vehicles, motorcycles, and tractors is currently underway. The Minister further emphasized that the cooperation of villagers, government officials, and all stakeholders is essential to resolve this issue, and that both long-term and short-term measures are necessary. The event was attended by Minister of Environment Dr. Dhammika Patabendige, Deputy Minister of Wildlife Anton Sarath Jayakody, Co-Chairman of the District Coordinating Committee Gayan Janaka, along with political representatives, Director General of Wildlife Conservation M.S.L.R.P. Marasinghe, Additional Secretary of the Ministry of Environment D.P.C. Udaya Kumara, Puttalam District Secretary Indika Silva, Additional District Secretary (Lands) Chathuraka Jayasinghe, Divisional Secretaries, and officials from the Departments of Wildlife Conservation, Forest Conservation, Irrigation, Civil Defence Force, Sri Lanka Army, other state institutions, and representatives of farmer organizations |
|
டிட்வா சூறாவளி காரணமாக சேதமடைந்த யானை வேலிகளை மீளமைத்தல் மற்றும் மனித–யானை மோதலை நிர்வகிப்பதற்கான அவசர தீர்வுகளை நடைமுறைப்படுத்துவதற்காக, 2026.01.11 அன்று புத்தளம் பிரதேச செயலகத்தின் கேட்போர் கூடத்தில் விசேட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம் நடைபெற்றது. இந்தக் கூட்டத்தில் யானை வேலிகளின் பராமரிப்பு, தற்காலிக யானை கட்டுப்பாட்டு அலகுகளை நிறுவுதல், பிரதேச செயலக மட்டத்தில் கிராமவாசிகளுக்கு விழிப்புணர்வு ஏற்படுத்துதல், தப்போவா ஏரிப் பகுதியை விரிவுபடுத்துதல் மற்றும் ஊட்டச்சத்து தொடர்பான பணிகளை விரைவுபடுத்துதல் ஆகியவை குறித்து விசேட கவனம் செலுத்தப்பட்டது. மேலும், மனித–யானை மோதலை நிர்வகிப்பதற்காக கடந்த ஆண்டு வனஜீவி பாதுகாப்புத் துறைக்கு இணைக்கப்பட்ட 3,500 சிவில் பாதுகாப்புப் படையினருக்கு மேலாக, இவ்வருடம் மேலும் 1,500 சிவில் பாதுகாப்புப் படையினரை இணைக்க திட்டமிடப்பட்டுள்ளதாக மாவட்ட ஒருங்கிணைப்புக் குழுத் தலைவர், பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளாட்சி அமைச்சரான திரு சந்தன அபேரத்ன தெரிவித்தார். இதன் மூலம் மொத்தமாக 5,000 அதிகாரிகள் யானை வேலி பராமரிப்பு மற்றும் மனித–யானை மோதல் மேலாண்மைக்காக பயன்படுத்தப்படுவார்கள். மேலும், காப் வாகனங்கள், மோட்டார் சைக்கிள்கள் மற்றும் டிராக்டர்கள் போன்ற உட்பொருள் வளங்களை கொள்முதல் செய்யும் பணிகள் தற்போது முன்னெடுக்கப்பட்டு வருவதாகவும் அவர் கூறினார். இந்த பிரச்சினையைத் தீர்ப்பதற்காக கிராமவாசிகள், அரச அதிகாரிகள் மற்றும் அனைத்து தரப்பினரின் ஒத்துழைப்பும் அவசியம் என்றும், அதற்காக குறுகிய கால மற்றும் நீண்டகால நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்றும் அவர் வலியுறுத்தினார். இந்த நிகழ்வில் சுற்றுச்சூழல் அமைச்சர் டாக்டர் தம்மிக பட்டபெந்தி, வனஜீவி துணை அமைச்சர் அன்டன் சரத் ஜயகொடி, மாவட்ட ஒருங்கிணைப்புக் குழு இணைத் தலைவர் கயான் ஜனக, அரசியல் பிரதிநிதிகள், வனஜீவி பாதுகாப்புத் துறை இயக்குநர் நாயகம் எம். எஸ். எல். ஆர். பி. மாரசிங்க, சுற்றுச்சூழல் அமைச்சின் கூடுதல் செயலாளர் டி. பி. சி. உதய குமார, புத்தளம் மாவட்ட செயலாளர் இந்திக சில்வா, கூடுதல் மாவட்ட செயலாளர் (நிலங்கள்) சதுரக ஜயசிங்க, பிரதேச செயலாளர்கள், வனஜீவி, வன பாதுகாப்பு, பாசனத் துறை, சிவில் பாதுகாப்புப் படை, இலங்கை இராணுவம் உள்ளிட்ட அரச நிறுவன அதிகாரிகள் மற்றும் விவசாய சங்க பிரதிநிதிகள் கலந்து கொண்டனர். |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
දිට්වා සුළි කුණාටුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 618ක් වාර්තාවේ
|
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 තුළ පවුල් 1,24,570ක පුද්ගලයින් 4,57,935 දෙනෙකු පීඩාවට පත් වී ඇති අතර පූර්ණ නිවාස හානි 618 ක් වාර්තා වේ. මේ බව අනාවරණය වූයේ 2026.01.02 දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති /රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ ආපදා කළමනාකරණ කමිටුවේ දී ය. එමෙන්ම අර්ධ හා පාර්ශවීය නිවාස හානි 9953 ක් හා මුළුතැන් ගේ උපකරණ හා ගෘහ උපකරණ හානි සිදුවූ නිවාස 41,437ක් හඳුනාගෙන ඇත. තවද මෙම ආපදා තත්වය හේතුවෙන් පාසල් සිසුන් 45,812 දෙනෙකු පීඩාවට ලක් වී ඇත. රජයේ ලියාපදිංචි ළමා නිවාස එකකට හානි සිදුව තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 7584 කට හා යටිතල පහසුකම් 131කට හානි සිදුව ඇති බව හඳුනාගෙන ඇත. මෙම විශේෂ ආපදා කළමනාකරණ කමිටුව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගයාන් ජානක මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු,ආයතන ප්‍රධානීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි විය. සහකාර අධ්‍යක්ෂ වින්ක් කමාණ්ඩර් ඩබ්ලිව්. එම්. ඩි.ටි.බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙය සංවිධානය කරන ලදී. |
|
Due to the impact of the recent severe cyclone disaster situation, a total of 457,935 individuals belonging to 124,570 families across 16 Divisional Secretariat Divisions in the Puttalam District have been affected. Additionally, 618 houses have been reported as completely destroyed. This information was revealed at the Special Disaster Management Committee Meeting held on 02 January 2026 at the Auditorium of the Puttalam Divisional Secretariat, under the patronage of the Chairman of the District Coordinating Committee / Minister of Public Administration, Provincial Councils and Local Government, Hon. Chandana Abeyratne. Furthermore, 9,953 houses have been identified with partial and minor damages, while 41,437 houses have sustained damages to kitchen equipment and household appliances. As a result of this disaster situation, 45,812 school students have also been affected. Damage has been reported to one government-registered children’s home. In addition, 7,584 small and medium-scale business establishments and 131 infrastructure facilities have been identified as damaged. The meeting was attended by the Co-Chairman of the District Coordinating Committee, Hon. Gayan Janaka, members of the political authority, District Secretary Mr. Indika Silva, Additional District Secretary (Lands) Mr. Chathuraka Jayasinghe, Additional District Secretary (Administration) Ms. Pubudika S. Bandara, Divisional Secretaries, heads of institutions, disaster relief service officers, and a large number of government officials. |
|
சமீபத்தில் ஏற்பட்ட கடுமையான சூறாவளி பேரிடர் நிலைமையின் தாக்கம் காரணமாக, புத்தளம் மாவட்டத்தின் 16 பிரதேச செயலாளர் பிரிவுகளில் உள்ள 1,24,570 குடும்பங்களைச் சேர்ந்த 4,57,935 பேர் பாதிக்கப்பட்டுள்ளனர். மேலும், 618 வீடுகள் முற்றிலும் சேதமடைந்துள்ளதாக அறிக்கையிடப்பட்டுள்ளது. இந்த தகவல்கள் 2026 ஜனவரி 02 ஆம் தேதி, புத்தளம் பிரதேச செயலாளர் அலுவலகத்தின் மாநாட்டு மண்டபத்தில் நடைபெற்ற சிறப்பு பேரிடர் முகாமைத்துவக் குழுக் கூட்டத்தில் வெளியிடப்பட்டன. இக்கூட்டம் மாவட்ட ஒருங்கிணைப்புக் குழுத் தலைவர் / பொது நிர்வாகம், மாகாண சபைகள் மற்றும் உள்ளாட்சி ஆட்சி அமைச்சர், மாண்புமிகு சந்தன அபேரத்ன அவர்களின் தலைமையில் நடைபெற்றது. மேலும், 9,953 வீடுகள் பகுதி மற்றும் சிறிய சேதங்களை எதிர்கொண்டுள்ளன என்றும், 41,437 வீடுகளில் சமையலறை உபகரணங்கள் மற்றும் வீட்டு உபகரணங்கள் சேதமடைந்துள்ளன என்றும் அடையாளம் காணப்பட்டுள்ளது. இப்பேரிடர் காரணமாக 45,812 பள்ளி மாணவர்கள் பாதிக்கப்பட்டுள்ளனர். அரசில் பதிவு செய்யப்பட்ட ஒரு சிறுவர் இல்லமும் சேதமடைந்துள்ளது. மேலும், 7,584 சிறு மற்றும் நடுத்தர அளவிலான வர்த்தக நிலையங்களும், 131 உட்கட்டமைப்பு வசதிகளும் சேதமடைந்துள்ளதாக கண்டறியப்பட்டுள்ளது. இச்சிறப்பு கூட்டத்தில் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் மாண்புமிகு கயான் ஜனக, அரசியல் அதிகாரிகள், மாவட்ட செயலாளர் திரு இந்திக சில்வா, மேலதிக மாவட்ட செயலாளர் (நிலங்கள்) திரு சதுரக ஜயசிங்க, மேலதிக மாவட்ட செயலாளர் (நிர்வாகம்) திருமதி புபுதிகா எஸ். பண்டார, பிரதேச செயலாளர்கள், நிறுவனத் தலைவர்கள், பேரிடர் நிவாரண சேவை அலுவலர்கள் மற்றும் பல அரசு அதிகாரிகள் கலந்து கொண்டனர். இந்த நிகழ்வு உதவி இயக்குநர், விங் கமாண்டர் டபிள்யூ. எம். டி. டி. பண்டார அவர்களின் மேற்பார்வையில் மாவட்ட பேரிடர் முகாமைத்துவ ஒருங்கிணைப்பு பிரிவினால் ஏற்பாடு செய்யப்பட்டது. |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නව වසරේ රාජකාරී අරඹයි
|
"පසුගිය අවුරුද්ද පෙරදා රාත්‍රී යේ අවසන් වුවද අභියෝග රැසකට මුහුණ දුන් අවුරුද්දක්. ස්වභාවික ව්‍යසනයන්ගෙන් ලද බලපෑම තවදුරටත් තිබෙනවා. එම අභියෝගයන්ට පිළිතුරු සොයන අතරම තමයි අපි 2026 වර්ෂයට පියනගන්නේ. එසේම ඉදිරියේදී ඇතිවිය හැකි සියලු අභියෝගයන් ඉදිරියේ අවබෝධයෙන් ශක්තිමත්ව කටයුතු කරන ලෙසත්, ප්‍රශංසා දෝෂ දර්ශන ඇසීමට සූදානමින් තම තමන්ගේ රාජකාරි ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සිදු කිරීම කළ යුතු බවත් නව වසරට සුබ පැතුම් එක්කරමින් දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා මෙහිදී පැවසීය." |
|
“Although the previous year came to an end last night, it was a year that confronted us with numerous challenges. The impacts of natural disasters are still being felt. While seeking solutions to these challenges, we are stepping into the year 2026. Looking ahead, he emphasized the importance of facing all potential future challenges with understanding and resilience, and of performing one’s official duties with the highest level of quality while being open to both appreciation and constructive criticism. Extending his best wishes for the New Year, District Secretary Mr. Indika Silva made these remarks.” Concurrently, a tree-planting programme was organized by the District Agriculture Division. |
|
“கடந்த ஆண்டு நேற்று இரவு நிறைவடைந்திருந்தாலும், அது பல சவால்களை எதிர்கொண்ட ஒரு ஆண்டாக இருந்தது. இயற்கை அனர்த்தங்களால் ஏற்பட்ட தாக்கங்கள் இன்னும் தொடர்கின்றன. அந்தச் சவால்களுக்கு தீர்வுகளைத் தேடும் நிலையிலேயே நாம் 2026 ஆம் ஆண்டிற்குள் காலடி எடுத்து வைக்கிறோம். எதிர்காலத்தில் ஏற்படக்கூடிய அனைத்து சவால்களையும் புரிதலுடனும் உறுதியுடனும் எதிர்கொள்ள வேண்டும் என்றும், பாராட்டுகளையும் விமர்சனங்களையும் ஏற்கத் தயாராக இருந்து, தத்தமது கடமைகளை உயர்ந்த தரத்துடன் நிறைவேற்ற வேண்டும் என்றும் அவர் வலியுறுத்தினார். புதிய ஆண்டிற்கான வாழ்த்துக்களையும் தெரிவித்துக் கொண்டு மாவட்டச் செயலாளர் திரு. இந்திகா சில்வா அவர்கள் இக்கருத்துகளைத் தெரிவித்தார்.” இதனுடன் இணைந்து, மாவட்ட வேளாண்மை பிரிவின் ஏற்பாட்டில் மரநடுகைத் திட்டம் ஒன்றும் நடைப்பெற்றது. |
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |

















































