Special discussion on expansion of Peliyagoda-Puttalam road
=====================================
The Joint Road Development Project (I-Road Project), which is running under the Road Development Authority, is set to begin the expansion of the Peliyagoda-Puttalam road, and the road from Palaviya junction to Puttalam is also proposed to be expanded as a four lane road, held at Puttalam District Secretariat under the patronage of District Secretary Mr. K.G Wijesiri.
A preliminary round discussion with responsible institutions on 2021.08. 04 as the land acquisition work is to be started on both sides of the road where the relevant project is primarily operated according to the excavation proposal.
All the basics needed for the initiative and quick implementation of the project were discussed, and the District Secretary also requested the contribution of all parties for this.
The next meeting was decided to be held in a few days along with progress...
පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාව
=====================================
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ත්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මඟින් (I – Road project) පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, පාලාවිය හංදියේ සිට පුත්තලම දක්වා මාර්ගය මංතීරු හතරක මාර්ගයක් ලෙස පුළුල් කිරීමට ද යෝජනා කර ඇත. උක්ත යෝජනාව ප්‍රකාරව මූලික වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මාර්ගය දෙපස ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති හෙයින් ඒ සම්බන්ධව වගකිවයුතු ආයතන සමඟ මූලික වටයේ සාකච්ඡාවක් 2021.08. 04 දින දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා පුත්තලම ප්‍රාදේශීය ලේකම්තුමිය එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ජී.පී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු එම්. ඒ.ඒ.ඩී ඩයස් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුත්තලම සහකාර ඉංජිනේරු ඩබ්. එච් වසන්ත කුමාර මහතා, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු එම්. නම්ජින් සහතා, දුම්රිය දෙපාර්තමේතුවෙහි ඉංජිනේරු ඩී.එස්.බී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම් අංජන සඳරුවන් මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු වන ආර්.එම්. එච්.කේ රන්දෙනි මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී වුණා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු සියල්ලම සාකච්ඡාවට ලක් කළ අතර, මේ සඳහා සියලූම පාර්ශවයන්ගේ දායකත්වය ලබා දෙන ලෙස දිසාපතිතුමා විසින් ඉල්ලීමක් ද කරන ලදි. මීළඟ රැස්වීම ප්‍රගතිය ද සමඟ නොබෝ දිනකින් ම පැවැත්වීමට ද තීරණය විය. .









