පුත්තලම "ප්‍රාදේශීය ලේකම් සාකච්ජාව" Zoom වීඩියෝ තාක්ෂණයෙන්....

මේ වන විට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හා පවතින Covid19 වසංගත අවධානම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී විජේසිරි මහතා විසින් 2021/09/02 දින Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ "ප්‍රාදේශීය ලේකම් සාකච්ජාව" පවත්වනු ලැබීය. දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු හා
දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සියලු අංශ ප්‍රධානීනහු මෙම සාකච්ඡාවට එක් වූ අතර කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර/එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග/සහනාධාර ලබාදීම/සංවර්ධන ව්‍යාපෘති හා එහි ප්‍රගතිය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ දී සිදු කරන ලදී.