“ තම්බපණ්ණි පොළොව මත
දෙපා ගැටෙනා ගල් බොරළු කැට
සුමට නැති මුත් දිවියට
සිතේ කහටක් නොතියාම
සුවහසක් දනන්ගේ
දුක් කඳුළු නිවන්නට
වසත් සමය ද දියකොට
විඩාවක් හෝ නොසිතාම
දොළොස් වස් ඉක්ම වූ
විසල් මෙහෙයට සමු දී
පුත්තලම පුරවරයෙන් නික්ම යන
සොදුරු නියමුවානන්.....
අතිරේක දිසාපති රවීන්ද්‍ර වික්‍රමසිංහ මැතිදුනි
ඔබට ආයුබෝවන්......!! ”
ගම්පහ දිස්ත්‍රික්කයෙහි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස ස්ථාන මාරු ලැබ අපෙන් නික්ම යන අතිරේක දිසාපති රවින්ද්‍ර වික්‍රමසිංහ මැතිතුමන්ට දිසාපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සුභපැතුම් පිරිනමමු....!!








