මෙම සර්වරාත්‍රික පිරිත් පිංකම සඳහා
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි ශ්‍රී රතනසිරි භික්ෂු පුහුණු මධ්‍යස්ථානය හා මහපිරිවෙනෙහි කෘත්‍යාධිකාරි සහ විහාරාධිපති පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමින්වහන්සේ
මයියාව විහාර පරම්පරාවේ අධිපති නල්ලදරන්කට්ටුව ශ්‍රී සද්ධානන්ද පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි ශ්‍රී සද්ධර්ම විභූෂණ ආචාර්ය , ශාසන කීර්ති ශ්‍රී වාගිස්වරාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පියදස්සි හලාවත පුත්තලම දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාමයේ විහාරාධිපති දේශකීර්ති පූජ්‍ය නවදන්කුලමේ මේධානන්ද ස්වාමින්වහන්සේ
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක මාදම්පේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි කරුක්කුව ශ්‍රී සුබෝධාරාමය, පුලියන්කාර ශ්‍රි සුගතාරාමය යන උභය විහාරාධිපති සිරි සුගත වජිරඤාන සුමේධ වංශාලාංකාර විවිත්ර භාණක කර්මවාගාචාර්ය පූජ්‍ය හේනේපොල සිරි සුමංගලතිස්ස ස්වාමින්වහන්සේ
විශ්‍රාමික විදුහල්පති පුත්තලම ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පුත්තලම හොල්සිම් විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍ය නවගමුවේ මේධානන්ද ස්වාමින්වහන්සේ
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක කල්පිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී අන්තර් සමුද්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි කරඹ ජයන්ති වර්ධනාරාම ආදි විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය ඉත්තෑපානේ සුමන ස්වාමින්වහන්සේ
කරිකට්ටිය ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍ය මාතලේ සීලානන්ද ස්වාමින්වහන්සේ
පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ විදුහල්පති පුත්තලම ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පාලවිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අනමඩුවේ මේධානන්ද ස්වාමින්වහන්සේ
සෙම්බුකුලිය ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍ය උප්පලවත්තේ රතනවංශ ස්වාමින්වහන්සේ
පාලවිය වීරකොබ්බෑකඩුව විහාරස්ථානයේ ගරු විහාරාධිපති පරිවේනාධිපති පූජ්‍ය තල්අත්තේ සිරිමංගල ස්වාමින්වහන්සේ
පුත්තලම සිරම්බිඅඩිය ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍ය මගුරාහිටියාවේ සෝමරතන ස්වාමින්වහන්සේ
උත්තර අට්ටවිල්ලුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පරිවේණාචාර්ය පූජ්‍ය බෝධිපිටුවල අමිත දේව ස්වාමින්වහන්සේ
මධ්‍යම අට්ටවිල්ලුව ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පාඨශාලාචාර්ය පුජ්‍ය මුදුන්නේ අරියරතන ස්වාමින්වහන්සේ
පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු විහාරාධිකාරි පූජ්‍ය උඩුබාදන කුසලදම්ම ස්වාමින්වහන්සේ
කරුවලගස්වැව කුඩා මැදවච්චිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පූජ්‍ය අමුණුකොළේ සීලවිමල ස්වාමින්වහන්සේ
මහකුඹුක්කඩවල කිවුල අංක 04 ශ්‍රී ඤානෝදය පිරිවෙනෙහි ගරුතරු ස්වාමින්වහන්සේලා ඇතුළු මහ සංඝරත්නය වැඩමකොට වදාලහ.
දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතාගේ මඟපෙන්වීමෙන් සහකාර දිස්ත්‍රික් ලේකම් ගංගානී කරුණාරත්න මහත්මිය, පරිපාලන නිලධාරි එස්.එච්.ඒ.සේමසිංහ මහත්මිය ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් මෙම පුන්‍යකර්මය පවත්වන ලදි.









