පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයන්ට ඡන්ද පත්‍රිකා හා පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේදී පාතිමා හා සෙයිනබ් බාලිකා විද්‍යාලයන්හිදී සහ ශාන්ත ඇන්ඩa බාලිකා විද්‍යාලයේ දී සිදු කෙරිණි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙටි ප්‍රවාහනයට රථ වාහන පන්සිය හැට තුනක්(563) යොදවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී/ දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පි. හේරත් මහතා පැවසීය.
එමෙන්ම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් හැත්තෑ දෙදෙනෙකු(72) සහකාර තේරීම් භාර නිලධාරීන් පන්සිය හතර දෙනෙකු (504)) ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් එක්දහස් පනස් නව දෙනෙකු (1059) කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු දෙදහස් හතලිස් හත්දෙනෙකු (2047) ලිපිකරුවන් හාරදහස් හත්සිය තිස් දෙදෙනෙකු (4732) කාර්යාල කාර්ය සහායකයින් අටසිය පහළොස් දෙනෙකු ( 815 ) ලෙස මුළු නිලධාරීන් 9229 දෙනෙකු මෙවර පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරී සඳහා පුත්තලම දිස්ත්‍රික්කය තුල යොදවා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී.








