සුමධුර ධර්ම දේශනාවක් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි දී
|
වෙසක් පුන්‍යානුමෝදනා වැඩසටහන් මාලාවට සමගාමීව සුමධුර ධර්ම දේශනාවක් 2026 ජූනි 02 වන දින පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහි ධර්ම දේශකත්වය දැරූයේ කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති, අමරපුර මූලවංශික මහා නිකායේ පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී කර්මවාගාචාර්ය, රාජකීය පණ්ඩිත අති පූජනීය බඩල්ගම විපුලසිරි නාහිමිපාණන් වහන්සේ විසිනි.
මෙම අවස්ථාව සඳහා පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූ අතර, බුදු දහමේ අගය, යහපත් සමාජ වටිනාකම් හා ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ වටිනා ධර්මෝපදේශ රැසක් නාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. පුත්තලම් දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්. සිල්වා මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කරනු ලැබූ අතර, රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ ආධ්‍යාත්මික වර්ධනය සහ සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා එය මහඟු දායකත්වයක් සැපයීය
|
|
In conjunction with the Vesak Venerables' Day celebrations, a Dhamma sermon was held at the Puttalam District Secretariat on 2nd June 2026.The sermon was delivered by Kuda Kivula Siri Upali Dharmashramadhipathi, the Chief Sanghanayake of the Puttalam District of the Amarapura Mulavansika Maha Nikaya, Tripitakacharya, Tripitaka Visharadha, Tripitaka Vageeswaracharya, Saddharma Keerthi Sri Karmawagacharya, Royal Pandita Most Venerable Badalgama Vipulasiri Thero. The officers and staff of the Puttalam District Secretariat participated in this event, and the Thero preached many valuable sermons on the value of Buddhism, good social values and spiritual development. This program was organized and coordinated under the guidance and supervision of Puttalam District Secretary Y.I.M. Silva and made a great contribution to the spiritual growth and promotion of moral values among public servants. |
|
வெசாக் மாவீரர் தின கொண்டாட்டங்களுடன் இணைந்து புத்தளம் மாவட்ட செயலகத்தில் 2026 ஆம் ஆண்டு ஜூன் மாதம் 2 ஆம் திகதி தம்மா பிரசங்கம் நடைபெற்றது. அமரபுர மூலவன்சிக மகா நிகாயாவின் புத்தளம் மாவட்ட பிரதம சங்கநாயகம் குடா கிவுள சிறி உபாலி தர்மாஷ்ரமதிபதி, திரிபிடகாச்சாரியார், திரிபிடக விசாரதா, திரிபிடக வாகேஸ்வராச்சாரியார், சதர்ம கீர்த்தி ஸ்ரீ கர்மவாகாச்சாரியார், அரச பண்டித விபுலாசிரி பாதாளசி வம்சத்தலைவர் ஆகியோர் இந்த பிரசங்கத்தை ஆற்றினர்.
|
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |





















