ඒ මහතා මේ බව පැවසූවේ එතුමාගේ සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් පාලන ලේකම් ගේ ප්‍රධානත්වයෙන් අද පුත්තලම නගර ශාලාවේ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේ දී ය. තමන්ගේ විෂය ක්ෂේත්‍රය පිළිබඳව නිලධාරින් අධ්‍යනය කළ යුතු බවත් ඒ පිළිබඳව පුහුණුව ලැබිය යුතු බවත් ප්‍රශ්න එකතු කිරිම වෙනුවට ප්‍රශ්න අවසන් කිරීම රාජ්‍ය නිලධාරියාගේ අරමුණ විය යුතු බවත් මෙහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය වසරේ දි ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ඉන්දියානු සංචාරයේ දි රාජ්‍ය නිලධාරින් දහසකට ඉන්දියාවේ පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් පාලන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසී ය. එම අවස්ථාව නුදුරේ දී ශ්‍රි ලංකා පරිපාලන සේවය,ගණකාධිකාරි සේවය, ක්‍රමසම්පාදන සේවය,ග්‍රාම නිලධාරින් ඇතුළු නිර්මාණශිලී රාජ්‍ය නිලධාරින් ට ලැබෙනු ඇති බව ඒ මහතා කියා සිටියා.
මෙම විශේෂ සාකච්ඡාවේ දී විමධ්‍යගත අයවැය වැඩසටහන,ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන,උරුමය වැඩසටහන, අස්වැසුම,ඉ.ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය, සේවා පියස හා යටිතල පහසුකම් ගැටළු ඇතුළු දිස්ත්‍රික්කය තුළ පවතින සංවර්ධන අභියෝග පිළිබඳව විශේෂ අවධානයට ලක් කළේය.
ඒ අනුව රුපියල් මිලියන 459ක් විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට වෙන්කර ඇත. අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති යෝජනා සංඛ්‍යාව1153කි. ඉදිරිපත් කළ යෝජනාවල වටිනාකම රු.මි.384.045 වේ. දැනට අනුමත වී ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 968කි. අනුමත වී ඇති ව්‍යාපෘති වල වටිනාකම රු.මි.329.11වේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වන විට නිදහස් කර ඇති ප්‍රතිපාදන මුදල රු.මි.190.875 කි. මේ වන විට රු.මි.30.05ක ප්‍රතිපාදන මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇත.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්(පාලන) සහ (සංවර්ධන) මහත්වරුන්,රෙජිස්ට්‍රාර් ජනරාල්තුමන්, අධ්‍යක්ෂ ජනරාල්තුමිය , දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමිය, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර සැලසුම් අධ්‍යක්ෂවරු සහ පරිපාලන ග්‍රාමනිලධාරිවරු ඇතුළු පිරිස සහභාගීවූහ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යතුමන් සහ අමාත්‍යාංශ ලේකම්තුමන් දිස්ත්‍රික් ලේකම් කාර්යල පරිශ්‍රයේ සහ විවිධ අංශයන් හි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.



ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් අද පෙරවරුවේ දී මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රුපියල් මිලියන 93ක වියදමින් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළේය.
සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණින් රජයේ නිලධාරින්ට දීමනාවක් මෙහිදි අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. රට පණ ගන්වන්නට නම් අලුත් බලාපොරොත්තු ඇතිව ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. විදේශ ආයෝජනයන් සහ දේශීය ව්‍යාපාරිකයින් ද ඊට එකතු වී අලුත් උත්සාහයක නිරත විය යුතුයි.මේ සඳහා රුකුලක් වීම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කළ යුතුයි.රජයේ සේවකයින්ට යම්කිසි දීමනාවක් වැඩි කරලීමට හැකි ආකාරයට ආදායම් ඉහල නංවා ගැනීමට අපට හැකි වුණා .විශ්‍රාමිකයින් හය ලක්ෂයක් ලංකාවේ ඉන්නවා.විශ්‍රාම අරමුදලට බිලියන 18ක හිඟයක් තිබුණා. මේ වන විට අරමුදලෙහි හිගයක් නොමැතිව ඒ අයගේ විශ්‍රාමය ලබා දෙන්න පුළුන් තැනට එය ගෙනැවිත් තිබෙනවා ලෙස මෙහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන උසස් අධ්‍යාපන වරම් අහිමි දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය හා වෘත්තීය දැණුම ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. පාසල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මගින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ය.
තවද ඉදිරි මාසය අවසන් වන විට පුරප්පාඩු සහිත සියලු ග්‍රාමනිලධාරි වසම් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරිමට නියමිත බව ද මෙහිදි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම උත්සව අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා හඳබිම අධිකාරිය විසින් බිත්තර රක්කවන යන්ත්‍ර හා කුකුළු පැටවුන් ස්වයංරැකියාලාභින් 15දෙනෙකු වෙත ලබා දීම සිදු කළේය. මෙම බිත්තර රක්කවන යන්ත්‍ර මඟින් පැටවුන් 180 දෙනෙකු එකවර රක්කවා ගත හැකිය. මෙම යන්ත්‍ර චීන රජයෙන් මෙරටට ලබා දී තිබේ.
තවද ඉඩම් ඔප්පු දීමනා පත්‍ර 10ක් හා සමාජ සේවා උපකරණ බෙදා දීමද මෙහිදි සිදු විය
වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමා සහ සම්බන්ධිකරණ කමිටු සම සභාපති චින්තක අමල් මායාදුන්නේ මැතිතුමා මෙහිදි අදහස් දක්වන ලදි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන යාදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි රහිම් ඇතුළු දේශපාලන අධිකාරිය, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී වුහ.
முந்தல்; பிரதேச செயலகத்தின் புதிய மூன்று மாடிக் கட்டிடம் மக்கள் பாவனைக்காக கையளிப்பு
இலங்கை சனனாயக சோசலிச குடியரசின் பிரதம மந்திரியும் மற்றும்; பொது நிர்வாhக, உள்நாட்டலுவல்கள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் திரு.தினேஷ் குணவர்தன அவர்கள் 93 மில்லியன் ரூபா செலவில் நிர்மாணிக்கப்பட்ட முந்தல் பிரதேச செயலகத்தின் மூன்று மாடி கட்டிடத்தை இன்று காலை மக்கள் பாவனைக்காக திறந்து வைத்தார்.
அபிவிருத்தி இலக்குகளை அடைவதற்காக அரச ஊழியர்களுக்கு கொடுப்பனவு வழங்குவது குறித்து கருத்து தெரிவிக்கும் போது பிரதரம மந்திரி இவ்வாறு கூறினார். நாடு புத்துயிர் பெற, புதிய நம்பிக்கைகளுடன் பொருளாதாரத்தை மேம்படுத்த வேண்டும். வெளிநாட்டு முதலீட்டாளர்கள் மற்றும் உள்நாட்டு தொழிலதிபர்களும் இதில் இணைந்து புதிய முயற்சிகளில் ஈடுபட வேண்டும். இதற்கு பிரதேச செயலாளர்கள் உறுதுணையாக இருத்தல் அவசியம். அரச ஊழியர்களுக்கு சில கொடுப்பனவுகளை உயர்த்தும் வகையில் வருமானத்தை அதிகரிக்க எங்களால் முடிந்துள்ளது. .இலங்கையில் ஆறு இலட்சம் ஓய்வூதியம் பெறுபவர்கள் உள்ளனர்;. ஓய்வூதிய நிதியில் 18 பில்லியன் பற்றாக்குறை காணப்பட்டது. அவர்களுக்கு ஓய்வூதியம் வழங்க நிதியில் பற்றாக்குறை இல்லாத நிலைக்கு இந்த நிதி கொண்டு வரப்பட்டுள்ளதாகவும் பிரதம மந்திரி மேலும் தெரிவித்தார்.
மேலும் பாடசாலைக் கல்வியை கைவிட்டுச் செல்லும்; உயர்கல்வி நலன்களை இழந்த பிள்ளைகளுக்காக தகவல் தொழில்நுட்பம் மற்றும் தொழில்முறை அறிவை வழங்குவதற்கான சிறப்புத் திட்டம் செயல்படுத்தப்படவுள்ளது. பாடசாலைகள், பிரதேச செயலகங்கள் மற்றும் உள்ளூராட்சி நிறுவனங்களால் இந்த வேலைத்திட்டம் நடைமுறைப்படுத்தப்படும் என எதிர்பார்க்கப்படுகிறது.
அடுத்த மாத இறுதிக்குள் வெற்றிடமாக உள்ள அனைத்து கிராம சேவர்கர் பிரிவுகளுக்காக புதிய ஆட்சேர்ப்பு திட்டத்தினை நடாத்துவதற்கு உத்தேசித்திருப்பதாக பிரதமர் மேலும்; கூறினார்.
இந்நிகழ்வுக்கு இணைவாக இலங்கை ஹந்தபிம அதிகாரசபையால் முட்டை பொறிக்கும் இயந்திரங்கள் மற்றும் கோழிக் குஞ்சுகள் வழங்கி வைக்கப்பட்டன. இந்த முட்டை இன்குபேட்டர்கள் ஒரே நேரத்தில் 180 குஞ்சுகளை உற்பத்தி செய்யக்கூடியதாகும். இந்த இயந்திரம் சீன அரசாங்கத்தினால்; வழங்கி வைக்கப்பட்டதாகும்.
மேலும் இங்கு 10 காணி உறுதிப் பத்திரங்கள் மற்றும் சமூக சேவை உபகரணங்களும் வழங்கி வைக்கப்பட்டன
வடமேல் மாகாண ஆளுநர் திரு.லக்ஷ்மன் யாப்பா அபேவர்தன, உள்நாட்டலுவல்கள் இராஜாங்க அமைச்சர் திரு.அசோக பிரியந்த மற்றும் ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் திரு.சிந்தக அமல் மாயாதுன்ன ஆகியோரும்; இங்கு கருத்துத் தெரிவித்தனர்.
இந்நிகழ்வில் இராஜாங்க அமைச்சர் அருந்திக பர்நாந்து, பாராளுமன்ற உறுப்பினர்களான யாதாமினி குணவர்தன, ஜகத் பிரியங்கர, அலி சப்ரி ரஹீம் உள்ளிட்ட அரசியல் அதிகாரிகள், அமைச்சின் செயலாளர்கள், மாவட்ட செயலாளர் எச்.எம்.எஸ்.பி.ஹேரத் மற்றும் அரச அதிகாரிகள் கலந்துகொண்டனர்.
The Mundel Divisional Secretariat's new three-story building is now open to the public.
The Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka and Minister of Public Administration and Home Affairs, Provincial Councils, and Local Government, Mr. Dinesh Gunawardena, declared open the three-story building of the Mundel Divisional Secretariat for Public this morning, which for 93 million rupees.
While commenting on an allowance to government servants, the Prime Minister said it is to meet the development goals. To revive the country, the economy should be developed with new hopes. Foreign investors and local businessmen should also join it and engage in new efforts. The Divisional Secretaries should be supportive of this. We were able to increase the income in such a way that we could increase some allowances for government employees. There are six hundred thousand pensioners in Sri Lanka. The pension fund had a deficit of 18 billion. The Prime Minister further said that the fund has been brought to the point where there is no deficit in the fund to give them their pension payment.
Also, a special program will be implemented to provide information technology and professional knowledge for school leavers who are deprived of higher education privileges and who drop out of school. It is expected that this program will be implemented by schools, divisional secretariats, and local government agencies.
The Prime Minister also said that by the end of next month, new recruitments will be made to fill all vacancies in the Grama Niladhari Service.
Coinciding with this event, the Sri Lanka Handabima Authority provided egg incubator machines and chicks to 15 self-employed people. These egg incubators can deliver 180 chicks at a time. This machine has been donated to this country by the Chinese government.
Also, 10 land deed grants and social service equipment were distributed here.
North West Province Governor Mr. Lakshman Yapa Abeywardena, State Minister of Home Affairs Mr. Ashoka Priyantha, and Coordination Committee Co-Chairman Mr. Chinthaka Amal Mayadunne also gave their comments here.
State Minister Arundika Fernando, Members of Parliament Yadamini Gunawardena, Jagath Priyankara, Ali Sabri Rahim, and other political leaders, Secretaries to the Ministries, District Secretary H. M. S. P. Herath, and other government officials participated in this event.



නව ග්‍රාම නිලධාරි බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු මාසයේ 13, 14 හා 15 දින වල පැවැත්වෙන බව
වනාතවිල්ලූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින්ගේ පවතින ගැටලු පිළිබඳව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවේ දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.
එම සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව පවතින පුරප්පාඩු පිරවීමට දෙදහස් දෙදෙනෙකු ඉතා කඩිනමින් රාජ්‍ය සේවයට බදවා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
ඒ අනුව 2023 දෙසැම්බර් මස 02 වැනි දින පැවැති ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් 4232 ක් සම්මුක පරීක්ෂණය සඳහා සහභාගි වීමට නියමිතයි.
සම්මුඛ පරීක්ෂණයට අදාළ ලිපි විභාගය සමත් පුද්ගලයන්ගේ ලිපින වෙත ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතයි.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්.පී හේරත්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු වන චලංක අතුකෝරල , චතුර කුමාරතුංග , ප්‍රාදේශීය ලේකම් එස්. එම්. පී. නන්දසේන යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
புதிய கிராம உத்தியோகத்தர் ஆட்சேர்ப்பு நேர்முகத்தேர்வு மார்ச் 13, 14 15 - இராஜாங்க அமைச்சர் அசோக பிரியந்த தெரிவித்துள்ளார்.
புதிய கிராம அலுவலர்களை சேர்ப்பதற்கான நேர்காணல் மார்ச் 13, 14 மற்றும் 15 ஆகிய தேதிகளில் நடைபெறும் என வனாத்தவில்லுவ பிரதேச செயலக கிராம உத்தியோகத்தர்களின் நிலவும் பிரச்சினைகள் தொடர்பில் கண்டறியும் விசேட கலந்துரையாடலில், உள்நாட்டலுவல்கள் இராஜாங்க அமைச்சர் திரு.அசோக பிரியந்த தெரிவித்தார்.
நேர்முகத்தேர்வின் பின்னர் இரண்டாயிரத்து இரண்டு பேர் உள்ள வெற்றிடங்களை நிரப்புவதற்காக மிக விரைவாக அரச சேவையில் இணைத்துக் கொள்ளப்படவுள்ளதாக இராஜாங்க அமைச்சர் மேலும் தெரிவித்தார்.
அதன்படி, 2023 டிசம்பர் 02 ஆம் தேதி நடைபெற்ற கிராம அலுவலர் தேர்வில் தேர்ச்சி பெற்ற 4232 பேர் கூட்டுத் தேர்வில் பங்கேற்கவுள்ளனர்.
நேர்காணல் தொடர்பான கடிதங்கள் தேர்வில் தேர்ச்சி பெற்ற விண்ணப்பதாரர்களின் முகவரிக்கு அனுப்பப்படும்.
புத்தளம் மாவட்ட செயலாளர் எச். எம். எஸ்.பி ஹேரத், உள்நாட்டலுவல்கள் இராஜாங்க அமைச்சின் சிரேஷ்ட உதவிச் செயலாளர்களான சலங்க அத்துகோரள, சதுர குமாரதுங்க, பிரதேச செயலாளர் எஸ். எம். பி. நந்தசேன மற்றும் அரச அதிகாரிகள் பலர் கலந்துகொண்டனர்.
New Garama Niladari recruitment interviews March 13, 14 15 - Minister of State Ashoka Priyantha says.
Mr. Ashoka Priyantha, State Minister for Home Affairs, said that the interviews for recruiting new Grama Niladari will be held on March 13, 14 and 15, in a special discussion to find out about the existing problems of wanathavilluwa Divisional Secretariat Grama Niladari.
The Minister of State further said that after the interview, two thousand two people will be recruited to the public service very quickly to fill the available vacancies.
Accordingly, 4232 people who passed the Grama Niladari examination held on December 02, 2023 will participate in the collective examination.
The letters related to the interview will be mailed to the addresses of the candidates who have passed the examination.
Puttalam District Secretary H. M. SP Herath, Senior Assistant Secretaries of the State Ministry of Home Affairs Chalanka Athukorala, Chatura Kumaratunga, Divisional Secretary S. M. P. Mr. Nandasena and many government officials were present in this discussion.









