ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සියල්ලම සූදානම්....

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි/දිස්ත්‍රික් ලේකම් කියයි.

2024 ජනාධිපතිවරණයට අදාලව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සහ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි එච්.එම්.එස්.පි.හේරත් මහතා මෙසේ අදහස් පලකළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමට අදාලව ඡන්දදායකයින් 663,637 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඉන් 14967දෙනෙකු තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබුවා. එම සුදුසුකම්ලාභින්ගෙන් 98% වැඩි ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබී තිබේ.

ඊට අමතරව අද දින ඡන්ද මධ්‍යස්ථාන 470ක් සඳහා ඡන්ද ස්ථානාධිපතිවරුන් ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා සමඟ අදාල මධ්‍යස්ථාන වෙත වාර්තා කර තිබෙනවා. සහකාර තේරීම්භාර නිලධාරින් ද මේ වන විට මැතිවරණ රාජකාරි සඳහා ක්ෂේත්‍රයට යොමු කර ඇත.ඒ අනුව හෙට උදෑසන 07.00 වන විට ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් බව ඒ මහතා පැවසීය.

මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර තිබේ. ඒවා වන්නේ පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලය සහ පාතිමා බාලිකා විද්‍යාලය වේ. මෙහි සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54 හා තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 08 ක් ලෙස මුළු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 62 ක්‍රියාත්මක වේ. අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ ස්ථාපිත කර ඇත.

හෙට දින පස්වරු 04.15 වන විට තැපැල් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම ආරම්භ කළ හැකියි. ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 10.30 – 11.00 අතර ලබා දීමට අපේක්ෂිත බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පවසන්නේ.

එමෙන්ම මැතිවරණ පැමිණිලි මේ වන විට 66 ක් වාර්තා වී තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේ එකක්.

දිස්ත්‍රික්කය තුළ පිහිටි ලගා වීමට අපහසු ඡන්ද මධ්‍යස්ථාන දෙකක් ඇත. ඒ අනුව මොහොත්තුවාරම දූපතේ ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ගොඩබිමින් ප්‍රවාහනය කර තිබේ. ඊට අමතරව මොහොත්තුවාරම දූපත් ප්‍රදේශවල ජනතාවට ප්‍රවාහන පහසුකම් නොමැති නිසා රජයේ මැදිහත්වීමෙන් ට්‍රැක්ටර් රථ සහ බෝට්ටු මගින් ප්‍රවාහනයට කටයුතු සලසා ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන ඇති ප්‍රදේශයන් හි ඡන්ද මධ්‍යස්ථාන සඳහා වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ලබා ගෙන තිබෙනවා

එමෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සඳහා සියලුම පොලිස් ස්ථාන හා ආරක්ෂක අංශ සූදානමින් සිටින බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි/දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි හේරත් මහතා පැවසීය.

WhatsApp Image 2024 09 24 at 2.03.03 PM

 

2024 ජනාධිපතිවරණයට සමගාමීව මාධ්‍ය උපමාණ සහ මැතිවරණ වියදම් නියාමනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා සහ දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතාගේ සහභාගීත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාල  ශ්‍රවනාගාරයේ  දී පැවැත්විණ.

මැතිවරණ නිති, මාධ්‍ය උපමාණ හා මැතිවරණ නියාමනය පිළිබඳව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, නිදහස් හා සාධාරණ මැතිවරණයක්  සඳහා මාධ්‍ය යේ කාර්යභාරය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, මැතිවරණ වාර්තාකරණයේ දී ඇතිවිය හැකි අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දිම සඳහා විසදුම් ඉදිරිපත් කිරීම, මැතිවරණ කාලය තුළ මාධ්‍යවේදිගේ වගකීම් හා  ඒවා ඉටුකිරීමේ වැදගත්කම  පිළිබඳව අවධානය යොමු කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා  පවසන ලදි.

ඒ අනුව මැතිරණ නීති බලාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතාගේ  සම්පත්දායකත්යෙන් පැවතුණි. මැතිවරණ කොමිෂන් සභාවේ (අධ්‍යක්ෂ පර්යේෂණ හා සැලසුම්)   චන්න පී ද සිල්වා මහතා විසින්  සාධාරණ හා නිදහස් මැතිවරණයක්  සඳහා මාධ්‍ය  උපමාණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කළේය.

මෙම අවස්ථාවට  අතිරේක දිස්ත්‍රික් ලේකම් පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ( සන්නිවේදන) එල්.පි.තිලකරත්න මහතා, සහකාර මැතිවරණ කොමසාරිස් එස්.එල්.ආර්.ජයනායක මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ( මැතිවරණ පැමිණිලි) ගංගානි කරුණාරත්න මහත්මිය, ප්‍රාදේශිය මාධ්‍යවේදීන්, පුත්තලම අධ්‍යාපන කලාපයේ මාධ්‍ය අධ්‍යයනය  හා දේශපාලන විද්‍යා ගුරුභවතුන් සහ දරුවන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිස සහභාගී වූහ.

මෙම වැඩමුළුව  මැතිවරණ කොමිෂන් සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදි.

 

புத்தளம் மாவட்ட செயலக கேட்போர் கூடத்தில் ஊடக வழipகாட்டல் மற்றும் தேர்தல் செலவுகளை ஒழுங்குபடுத்துதல் தொடர்பான செயலமர்வு...

2024ஆம் ஆண்டு சனாதிபதித் தேர்தலை முன்னிட்டு> தேர்தல் ஆணையாளர் நாயகம் சமன் ஸ்ரீ ரத்நாயக்க> அரசாங்கத் தகவல் பணிப்பாளர் நாயகம் தினித் சிந்தக கருணாரத்ன மற்றும் மாவட்டச் செயலாளர் எச்.எம்.எஸ்.பி ஹேரத் ஆகியோரின் பங்குபற்றுதலுடன் ஊடக வழிகாட்டல் மற்றும் தேர்தல் செலவுகளை ஒழுங்குபடுத்துதல் தொடர்பான விழிப்புணர்வு செயலமர்வு மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.

தேர்தல் விதிகள்> ஊடக தரநிலைகள் மற்றும் தேர்தல் ஒழுங்குமுறைகள் பற்றி பிராந்திய ஊடகவியலாளர்களை விழிப்பூட்டல் சுதந்திரமான மற்றும் நியாயமான தேர்தலுக்கான ஊடகங்களின் வகிபாகம்  பற்றிய விளக்கத்தினை மேம்படுத்துதல்> தேர்தல் அறிக்கையிடலில் எழக்கூடிய சவால்களை கண்டறிந்து அவற்றைச் எதிர்கொள்வதற்கான தீர்வுகளை வழங்குதல்> தேர்தலின் போது ஊடகவியலாளர்களின் பொறுப்புகள் மற்றும் அப்பொறுப்புகளின்  நிறைவேற்றம் என்பது குறித்து கவனத்தை ஈர்ப்பதே இந்த செயலமர்வின் முக்கிய நோக்கமாகும் என அரசாங்க தகவல் பணிப்பாளர் நாயகம் திரு.தினித் சிந்தக கருணாரத்ன தெரிவித்தார்.

இதன்படி தேர்தல் ஆணையாளர் நாயகமும் வளவாளருமான  திரு.சமன் ஸ்ரீ ரத்நாயக்க அவர்களால் தேர்தல் சட்டங்களை அமுல்படுத்துவது தொடர்பான விழிப்புணர்வு வழங்கப்பட்டது. நியாயமான மற்றும் சுதந்திரமான தேர்தலுக்கான ஊடக நடவடிக்கைகளை நடைமுறைப்படுத்துவது குறித்து தேர்தல் ஆணைக்குழுவின் ஆராய்ச்சி மற்றும் திட்டமிடல் பணிப்பாளர் திரு.சன்ன பி. டி சில்வா தெரிவித்தார்.

மேலதிக மாவட்ட செயலாளர் திருமதி புபுதிகா எஸ்.பண்டார> உதவி செய்தி (தொடர்பாடல்)) திரு.எல்.பி.திலகரத்ன> உதவி தேர்தல் ஆணையாளர் திரு.எஸ்.எல்.ஆர்.ஜயநாயக்க> உதவி மாவட்ட செயலாளர் (தேர்தல் முறைப்பாடுகள்) திருமதி கங்கானி கருணாரத்ன> பிராந்திய ஊடகவியலாளர்கள்> புத்தளம் கல்வி வலயத்தின் ஊடக ஆய்வுகள் மற்றும் அரசியல் விஞ்ஞான ஆசிரியர்கள் மற்றும் மாணவர்கள்> மாவட்ட செயலக மற்றும் பிரதேச செயலகங்களின் அரச உத்தியோகத்தர்கள் மற்றும் பலரும்  கலந்துகொண்டனர்.

தேர்தல்கள் ஆணைக்குழு> அரசாங்க தகவல் திணைக்களம் மற்றும் மாவட்ட செயலகம் என்பன இணைந்து இந்த செயலமர்வை ஏற்பாடு செய்திருந்தன.

A workshop on media guidelines and regulation of election expenses was held at the Puttalam District Secretariat Auditorium...

An awareness workshop on media guidelines and regulation of election expenses was held at the District Secretariat auditorium in conjunction with the 2024 presidential election. District Secretary HMSP Herath, Government Information Director General Dinith Chinthaka Karunaratne, and Election Commissioner General Saman Sri Ratnayake participated.

Educating local journalists about election law, media standards, and election regulation; enhancing comprehension of the media's role in a free and fair election; recognizing potential obstacles in election reporting and offering solutions; and outlining the duties and obligations of journalists during elections. The primary goal of this workshop, according to Mr. Dinith Chinthaka Karunaratne, Director General of Government Information, is to raise awareness of its significance.

Accordingly, awareness about the enforcement of election laws was provided by the resource Person and the Election Commissioner General Mr. Saman Sri Ratnayake. Mr. Channa P. De Silva of the Election Commission (Director Research and Planning) informed about the implementation of media measures for a fair and free election.

Additional District Secretary Mrs. Pubudika S. Bandara, Assistant Director of Information (Communications) Mr. LP Thilakaratne, Assistant Election Commissioner Mr. S. L. R. Jayanayake, Assistant District Secretary (Election Complaints) Mrs. Gangani Karunaratne, Divisional Journalists, Puttalam Media studies and political science teachers and students of the Puttalam education zone, government officers of the District Secretariat and Divisional Secretariats and others participated.

The workshop was jointly organized by the Election Commission, Government Information Department and District Secretariat.

460181319 1027703359145809 9005166880689165914 n  460278808 1027703615812450 3243451999258943415 n

460278989 1027703442479134 2744876556486327625 n  460294057 1027703325812479 947292969840426464 n

 

 

දින කිහිපයක සිට ඇදහැළෙන වර්ෂාව සමඟ ඇති වු  තද සුළං සහ  ජලගැලීම් හේතුවෙන්  මහවැව, මාදම්පේ, නාත්තන්ඩිය , ආරච්චිකට්ටුව, වෙන්නප්පුව, පුත්තලම, දංකොටුව. හලාවත,  මහකුඹුක්කඩවල හා මුන්දලම යන ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයන් හි ග්‍රාමනිලධාරි වසම් 65ක  පුද්ගලයින් 8582දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසීය.පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව 2418කි.

මෙම අයවළුන්ගෙන් පවුල් 52ක පුද්ගලයින් 173 දෙනෙකු  ඥාති නිවාසයන් හි රඳවා සිටිති. සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් 16ක පුද්ගලයින් 51 දෙනෙකු රඳවා සිටිති.ඔවුන් නාත්තන්ඩිය, කොක්කලමුල්ල දේවාලයේ සුරක්ෂිත මධ්‍යස්ථානයේ සහ නීග්‍රෝධාරාම විහාරස්ථානයේ  සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා ඇත.. නිවෙස්වල මුළුතැන්ගෙය ජලයෙන් යටවීම නිසා පිසු ආහාර සකස් කර ගත නොහැකි අයවළුන් සඳහා පිසූ ආහාර   ලබා දීම ආපදා සහන සේවා නිලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

අද අළුයම සිට ඇද හැළුණු අධික වර්ෂාව නිසා හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් කුලියාපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය නගර සීමාව තුළ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

එමෙන් ම අද පෙරවරුවේ දී පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගය හරහා  (තිඹිල්ල ප්‍රදේශයෙ)  ගස් කඩා වැටී තිබීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.

456394102 1009901084259370 7805214635268655061 n   456437799 1009902017592610 4380961677915696767 n 

 456415840 1009901290926016 935807298989208549 n  456483864 1009901457592666 5790299240127503220 n