අල්ලසින් සහ දූෂණයෙන් තොර සුපිළිපන්න දේශයක් ගොඩ නගමු
|
අල්ලසින් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යන වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන පසුගියදා (13) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් නිමේෂා ජයපද්ම මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු, ගණකාධිකාරීවරු, සැලසුම් සහකාර අධ්‍යක්ෂවරු, පරිපාලන නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී විය. අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රී ලාල් මහතා සහ නිපුණි තෙන්නකෝන් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී. |
|
The Puttalam District Public Service Awareness Prevention Program, part of the series of programs conducted island-wide with the aim of creating a public service free from bribery and corruption, was held at the Puttalam Divisional Secretariat Auditorium on (13). District Secretary Y. I. M. Silva, Additional District Secretary Pubudika S. Bandara, Assistant District Secretary Nimesha Jayapadma, Divisional Secretaries, Assistant Divisional Secretaries, Accountants, Planning Assistant Directors, Administrative Officers and Administrative Grama Niladharis and many other public officials of the district participated in this program. This program, which was organized by the Puttalam District Secretariat with the resources of the Corruption Prevention Officers of the Anti-Bribery and Corruption Commission, Mr. Shammi Sri Lal and Mrs. Nipuni Tennakoon, was organized by the Puttalam District Secretariat. |
|
லஞ்சம் மற்றும் ஊழல் இல்லாத பொது சேவையை உருவாக்கும் நோக்கில் நாடளாவிய ரீதியாக நடத்தப்படும் நிகழ்ச்சித் தொடரின் ஒரு பகுதியாக, புத்தளம் மாவட்ட பொது சேவை விழிப்புணர்வு தடுப்பு நிகழ்ச்சி, (13) அன்று புத்தளம் பிரதேச செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது. மாவட்ட செயலாளர் வை.ஐ.எம். சில்வா, கூடுதல் மாவட்ட செயலாளர் புபுதிகா எஸ். பண்டார, உதவி மாவட்ட செயலாளர் நிமேஷா ஜெயபத்மா, பிரதேச செயலாளர்கள், உதவி பிரதேச செயலாளர்கள், கணக்காளர்கள், திட்டமிடல் உதவி இயக்குநர்கள், நிர்வாக அதிகாரிகள் மற்றும் நிர்வாக கிராம அலுவலர்கள் மற்றும் மாவட்டத்தின் பல பொது அதிகாரிகள் இந்த நிகழ்ச்சியில் பங்கேற்றனர். லஞ்சம் மற்றும் ஊழல் எதிர்ப்பு ஆணையத்தின் ஊழல் தடுப்பு அதிகாரிகள் திரு. ஷம்மி ஸ்ரீ லால் மற்றும் திருமதி நிபுனி தென்னகோன் ஆகியோரின் வளங்களுடன் புத்தளம் மாவட்ட செயலகம் ஏற்பாடு செய்த இந்த நிகழ்ச்சி, புத்தளம் மாவட்ட செயலகத்தால் ஏற்பாடு செய்யப்பட்டது. |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
නොවිසඳුණු ඉඩම් ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
|
පුත්තලම දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක් නොවිසදුනු රජයේ ඉඩම් සම්බන්ධව පවතිත ගැටළු නිරාකරණය පිළිබඳව සාකච්ඡාවක් ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.31 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි. මෙහිදි දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විශාල ප්‍රමාණයක් මේ වන විට හදුනාගෙන ඇති බව අනාවරණය විය. මෙම ඉඩම් සම්බන්ධව ගතහැකි නිතිමය ක්‍රියාමාර්ග හා එම ඉඩම් රටේ සංවර්ධනයට දායක කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදි. විශේෂයෙන් ම රජයේ ඉඩම් ආඥා පනත යටතේ කටයුතු කිරිම පිළිබඳව විධිමත් මාර්ගෝපදේශ ඉදිරියේ දී නිකුත් කිරිමට කටයුතු කරන බව ද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.දිස්ත්‍රික් ලේකම් වයි අයි.එම්. සිල්වා මහතා ගේ ආරාධනයෙන් පැවති මෙම සාකච්ඡාවට දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, පළාත් ඉඩම් කොමසාරිස් ආර්.එම්.එන්. ප්‍රේමසිරි මහතා, අතිරේක දිස්ත්‍රික ලේකම් චතුරක ජයසිංහ මහතා , ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය |
|
A discussion on the resolution of long-standing issues related to government lands in the Puttalam District was held under the patronage of the Commissioner General of Lands, Mr. Chandana Ranaweera Arachchi, on 31.10.2025 at the District Secretariat Auditorium. It was revealed that a large number of land issues in the district have been identified so far. Discussions were held on the legal measures that can be taken regarding these lands and how these lands can contribute to the development of the country. The Commissioner General of Lands further said that formal guidelines will be issued in the future, especially regarding the activities under the Government Lands Ordinance. The discussion held at the invitation of the District Secretary, Mr. Y.I.M. Silva, was attended by the political authority of the district, Provincial Land Commissioner, Mr. R.M.N. Mr. Premasiri, Additional District Secretary Chathuraka Jayasinghe, Divisional Secretaries and many other officials participated. |
|
புத்தளம் மாவட்டத்தில் அரசாங்க காணிகள் தொடர்பான நீண்டகால பிரச்சினைகளுக்கு தீர்வு காண்பது தொடர்பான கலந்துரையாடல் காணி ஆணையாளர் நாயகம் திரு. சந்தன ரணவீர ஆராச்சி தலைமையில் 31.10.2025 அன்று மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது. மாவட்டத்தில் இதுவரை ஏராளமான காணி பிரச்சினைகள் அடையாளம் காணப்பட்டுள்ளதாக தெரிவிக்கப்பட்டது. இந்த காணிகள் தொடர்பாக எடுக்கக்கூடிய சட்ட நடவடிக்கைகள் மற்றும் இந்த காணிகள் நாட்டின் வளர்ச்சிக்கு எவ்வாறு பங்களிக்க முடியும் என்பது குறித்து கலந்துரையாடல்கள் நடத்தப்பட்டன. எதிர்காலத்தில் முறையான வழிகாட்டுதல்கள் வெளியிடப்படும் என்றும், குறிப்பாக அரசாங்க காணிகள் கட்டளைச் சட்டத்தின் கீழ் நடவடிக்கைகள் குறித்தும் காணி ஆணையாளர் நாயகம் மேலும் தெரிவித்தார். மாவட்ட செயலாளர் திரு. வை.ஐ.எம். சில்வாவின் அழைப்பின் பேரில் நடைபெற்ற கலந்துரையாடலில் மாவட்ட அரசியல் அதிகாரி, மாகாண காணி ஆணையாளர் திரு. ஆர்.எம்.என். திரு. பிரேமசிறி, மேலதிக மாவட்ட செயலாளர் சத்துரக ஜெயசிங்க, பிரதேச செயலாளர்கள் மற்றும் பல அதிகாரிகள் கலந்து கொண்டனர். |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
"ජනනි" පුත්තලම දිස්ත්රික් වැඩසටහන
|
"ජනනි " දෙවන අදියරේ පුත්තලම දිස්ත්‍රික් පළමු වන වැඩසටහන , මදුරන්කුලිය ඉසුරු හෝටලයේදී පසුගියදා ( 31) මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඩිජිටල් සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා කාන්තාවන් සවි බල ගැන්වීම "ජනනි" වැඩසටහනේ අරමුණයි. මෙම වැඩමුළුව සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක විවිධ පක්ෂ නියෝජනය කරමින් කාන්තා නියෝජිතවරියන් සහභාගී විය. " ජනනී " වැඩමුළුවට සම්පත් දායකත්වය මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,පුත්තලම දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ලක්ෂිත ජයනායක මහතා විසින් ලබා දෙන ලදී. මෙම අවස්ථාවට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ප්‍රමුඛ කැෆේ සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම් . චන්ද්‍රසිරි තරංග මහතා ඇතුළු පිරිස සහභාගී විය. |
|
The first program of the second phase of "Janani" in Puttalam District was held at the Isuru Hotel, Madurankuliya recently (31) under the patronage of the Election Commissioner General Saman Sri Ratnayake. The objective of the "Janani" program is to empower women to improve digital literacy. Women representatives representing various parties from several local government institutions in the Puttalam district participated in this workshop. The resource contribution to the "Janani" workshop was provided by the Commissioner General of the Election Commission, Saman Sri Ratnayake, and the Assistant Election Commissioner of the Puttalam District, Lakshitha Jayanayake. The event was attended by the Executive Director of the CAFE Organization, Manas Makeen, and the Puttalam District Coordinator of the CAFE Organization, M. Chandrasiri Tharanga, among others. |
|
புத்தளம் மாவட்டத்தில் "ஜனனி" இரண்டாம் கட்டத்தின் முதல் நிகழ்ச்சி, தேர்தல் ஆணையர் ஜெனரல் சமன் ஸ்ரீ ரத்நாயக்க தலைமையில், மதுரங்குளிய இசுரு ஹோட்டலில் சமீபத்தில் (31) நடைபெற்றது."ஜனனி" திட்டத்தின் நோக்கம், டிஜிட்டல் கல்வியறிவை மேம்படுத்த பெண்களை அதிகாரம் அளிப்பதாகும். புத்தளம் மாவட்டத்தில் உள்ள பல உள்ளூராட்சி நிறுவனங்களின் பல்வேறு கட்சிகளைப் பிரதிநிதித்துவப்படுத்தும் பெண் பிரதிநிதிகள் இந்தப் பட்டறையில் பங்கேற்றனர். "ஜனனி" பட்டறைக்கான வள பங்களிப்பை தேர்தல் ஆணையர் ஜெனரல் சமன் ஸ்ரீ ரத்நாயக்க மற்றும் புத்தளம் மாவட்ட உதவித் தேர்தல் ஆணையர் லக்ஷித ஜெயநாயக்க ஆகியோர் வழங்கினர். இந்த நிகழ்வில் CAFE அமைப்பின் நிர்வாக இயக்குநர் மனாஸ் மக்கீன் மற்றும் CAFE அமைப்பின் புத்தளம் மாவட்ட ஒருங்கிணைப்பாளர் எம். சந்திரசிறி தரங்க உள்ளிட்டோர் கலந்து கொண்டனர். |
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |





































