දිස්ත්‍රික්කය තුළ පවතින වන අලි ගැටළුව සහ අලි මිනිස් ගැටුම කළමණාකරණය කිරීම සඳහා වන සැලසුම් සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවේ දෙවන අධියර, පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පසුගිය දා පැවතුණි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ගම් වැදි ඇති වන අලි නැවත වනාන්තර වෙත පලවා හැරීමේ මෙහෙයුම 2025.03.15 දින සිට 2025.04.10 දින දක්වා කාල පරිච්ඡේදය තුළ සිදු කිරීමට නියමිත බව මෙහිදි අනාවරණය විය.

මෙම අලි මෙහෙයුම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර වන අලින් පල්ලම, මහකුඹුක්කඩවල, නවගත්තේගම, පුත්තලම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා තබ්බෝව රක්ෂිතයට ස්ථානගත කිරීමෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය චන්දන අබේරත්න මහතා මෙහිදි පවසන ලදි.

තවද අලි මෙහෙයුම ක්‍රියාත්මක කාල සීමාව තුළ දී මින් පෙර වන අලින් නොගැවසුන ස්ථානවල වන අලි රැදී සිටීමට ඉඩ ඇති බැවින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට විභාග මධ්‍යස්ථානවල ආරක්ෂිතව රැදී සිටිමට සුදුසු , පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරුවන වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම මෙම මෙහෙයුම සිදු කිරීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද මානව හා භෞතික සම්පත් අවශ්‍යතාව පිළිබඳව සැලකිල්ලට ගෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුම සඳහා, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමතර සිවිල් ආරක්ෂක නිලධාරීන් 45 දෙනෙකු තාවකාලිකව සේවයේ යොදවා ගැනීමට හා මෙහෙයුම් කාල සීමාව තුළ වන අලින් ගමන් ගන්නා මාර්ගය නිවැරදිව හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඩ්‍රෝන යානා 04ක් ක්‍රියාකරුවන් සමඟ ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. තවද ශ්‍රි ලංකා යුධ හමුදාව සතු රේඩියෝ සන්නිවේදන උපකරණ ( හයිටෙරා බේස්ටේෂන් සහ හයිටෙරා හෑන්ඩ් හෙල්ඩ්) කට්ටල ක්‍රියාකරුවන් සමඟ ලබා ගැනීම සිදු කෙරේ. 

එමෙන්ම අවශ්‍ය වුවහොත් ශ්‍රි ලංකා නාවික හමුදාවේ නිලධාරින් සිය දෙනෙකු තාවකාලිකව මෙම මෙහෙයුමට යොදවා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

මෙම වන අලි වනාන්තර වෙත පලවා හැරීමේ මෙහෙයුම දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ අධීක්ෂණයෙන්, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මූලික කරගනිමින් සහ අනෙකුත් රාජ්‍ය ආයතනයන් හි සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

මෙම සාකච්ඡාවට දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා , ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.

ඒ අනුව පහත සැලැස්ම පරිදි වන අලි තබ්බෝව රක්ෂිතයට පලවා හැරීම සිදු කිරීමට නියමිතය.

# ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිට වනඅලි වල්පාලුව රක්ෂිතය දක්වා පලවා හැරිම.... කි.මි.20

⋆ ආරච්චිකට්ටුව —› අඹ කැලේ —› කොළඑළිය හරහා විජය කටුපොත —›තාවරක්කුලම —› විල්පත තේක්ක රක්ෂිතය —› කට්ටකඩුව —› හල්මිල්ලෑව රක්ෂිතය —› පුනවිටිය හරහා —› වල්පාළුව රක්ෂිතය.

⋆ මොහොරිය —› කොහොඹ ගස්වැව —› වල්පාළුව රක්ෂිතය

⋆ වල්පාළුව රක්ෂිතය —› පෙත්තිගම —› කවයන්කුලම —› ගොඩයාය —› සියඹලාගස්හේන —› වඩත්ත —› කොට්ටුකච්චිය —› පුදුඑළිය—›කොට්ටුකච්චිය පන්සල —› ඉදල්ලෑව —› පුලියන්කුලම —› මී ඔය —› රජවිගම

සහ

පුදුඑළිය —› කොට්ටුකච්චිය ෆාම් ආයතනය —› මුක්කාලිය —› ස්වරණපාලියාගම —› ගල්කුලම —› රජවිගම

# රජවිගම සිට කුත්තිකුලම හරහා වන අලි පලවා හැරීම. කි.මි.06

⋆ රජවිගම —› වන සංරක්ෂණ රක්ෂිතය හා අමුණු වැව —› ගල්කුලම —› ඉහළ කුත්තිකුලම—› ප/ කුත්තිකුලම —› තබ්බෝව අභයභූමිය

# වේලෙ වැව හරහා තබ්බෝව අභය භුමිය දක්වා වන අලි පලවා හැරීම. කි.මි.07

⋆ වේලෙ වැව —› මුල්ලේගම —› බෝගස්වැව —›තේක්ක රක්ෂිතය —› සෙංගක්කුලම/අකුරුපාලයාගම/කුරුකැරටියාව —› තබ්බෝව අභයභූමිය

# රත්කිරාගම මොරගස්වැව හරහා තබ්බෝව අභයභූමිය දක්වා වන අලි පලවා හැරීම. කි.මි.07

⋆ රත්කිරාගම —› ගෙදරවැව —› තල්ගස්වැව —› කලවැල්ලෑව —› මහපිටිය —› මොරගස්වැව —› තබ්බෝව අභයභූමිය

# කෝන්කල්ල රඹකනයාගම හරහා තබ්බෝව අභයභූමිය දක්වා වන අලි පලවා හැරීම. කි.මි.10

⋆ කෝන්කල්ල —› රඹකනයාගම —› කපුහේනේගම —›ගණන්කැටිය —› රක්ෂිතය —› මල්මඩුවාගම —› අන්දරවැව—› අළුත්වැව —› තබ්බෝව අභයභූමිය

புத்தளம் மாவட்டத்தின் கிராமங்களுக்குள் பிரவேசித்துள்ள யானைகளை தப்போவ வன காப்பகத்திற்குள் விரட்டும் நடவடிக்கை 15.03.2025 முதல் 10.04.2025 வரையான காலப்பகுதியில் மேற்கொள்ளப்படவிருக்கின்றது.........

மாவட்டத்தில் காணப்படும் காட்டு யானைகள் தொடர்பான பிரச்சனைகள் மற்றும் யானைகளுக்கும் மனிதர்களுக்குமிடையே ஏற்படக்கூடிய மோதல் போன்றவற்றை நிர்வகிப்பதற்கான திட்டங்கள் மற்றும் நடவடிக்கைகள் குறித்தான கலந்துரையாடலின் இரண்டாவது அமர்வானது மாவட்ட செயலக கேட்போர் கூடத்தில் புத்தளம் மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் தலைவரும், அரச நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சருமான திரு. சந்தன அபேரத்ன அவர்களினதும் தலைமையில், , சுற்றாடல் பிரதி அமைச்சர் திரு. அன்டன் சரத் ஜயக்கொடி அவர்களினதும் தலைமையிலும் இடம்பெற்றது.

அதற்கமைவாக, புத்தளம் மாவட்டத்தின் கிராமங்களுக்குள் பிரவேசித்துள்ள யானைகளை மீண்டும் காடுகளை நோக்கி விரட்டும் நடவடிக்கை எதிர்வரும் 15.03.2025 முதல் 10.04.2025 வரையான காலப்பகுதியில் மேற்கொள்ளப்படவுள்ளதாக தெரியவந்துள்ளது.

இந்த யானைகள் தொடர்பாக மேற்கொள்ளப்படவிருக்கும் நடவடிக்கையானது ஆராச்சிக்கட்டுவ பிரதேச செயலகப் பிரிவில் ஆரம்பிக்கப்பட்டு காட்டு யானைகளை பள்ளம, மஹகும்புக்கடவல, நவகத்தேகம, புத்தளம், வனத்தவில்லுவ மற்றும் கருவலகஸ்வெவ பிரதேச செயலகப் பிரிவுகள் ஊடாக தப்போவ வன காப்பகத்தை நோக்கி செலுத்துவதற்கு திட்டமிடப்பட்டுள்ளதாக அமைச்சர் திரு. சந்தன அபேரத்ன அவர்கள் இங்கு தெரிவித்தார்.

மேலும், யானைகள் தொடர்பான இந் நடவடிக்கையின் போது, ​​யானைகள் நடமாட்டம் இல்லாத இடங்களில் காட்டு யானைகள் தரித்து நிற்கக் கூடிய வாய்ப்பு உள்ளதால், கல்விப் பொதுத் தராதரப் பத்திர சாதாரன தரப் பரீட்சை எழுதவிருக்கும் மாணவர்களின் பாதுகாப்பை உறுதி செய்யும் வகையிலான வேலைத் திட்டமொன்று பிரதேச செயலர்கள், கிராம அலுவலர்கள், காவல்துறை அதிகாரிகள் ஆகியோரின்  பங்கேற்புடன் செயல்படுத்தப்படும்.

மேலும், இந்த நடவடிக்கையை மேற்கொள்வதற்கு வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் முன்வைக்கப்பட்ட மனித மற்றும் பௌதீக வளங்களின் தேவையை கருத்திற்கொண்டு, வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தில் தற்காலிகமாக 45 மேலதிக சிவில் பாதுகாப்பு உத்தியோகத்தர்களை ஈடுபடுத்துவதற்கும் இச்செயற்பாட்டுக் காலப்பகுதிக்குள் காட்டு யானைகள் பயணிக்க கூடிய வழிகளை சரியாக இணங்காண்பதற்காக இலங்கை விமானப்படைக்கு சொந்தமான 04 ட்ரோனர்களை இயக்குனர்களுடன் பெற்றுக்கொள்வதற்கும் எதிர்பார்க்கப்படுகிறது. மேலும் இலங்கை இராணுவத்தின் வானொலி தொடர்பாடல் உபகரணங்களும் (Hytera Base station மற்றும் Hytera Hand Held) அவற்றை இயக்குபவர்களுடன் பெற்றுக் கொள்ளப்படும்.

மேலும், தேவைப்படும்விடத்து இந்த நடவடிக்கைக்காக இலங்கை கடற்படையின் நூறு அதிகாரிகள் தற்காலிகமாக ஈடுபடுத்தப்படுவார்கள் என்றும் அமைச்சர் இங்கு தெரிவித்தார்.

இந்த காட்டு யானைகளை வனப்பகுதிகளுக்கு விரட்டும் நடவடிக்கை மாவட்ட அரசியல்வாதிகளின் மேற்பார்வையின் கீழ் வனசீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தை முதன்மையாகக் கொண்டு ஏனைய அரச நிறுவனங்களின் பங்களிப்புடன் நடைமுறைப்படுத்தப்படவுள்ளது.

இக்கலந்துரையாடலில் மாவட்ட அரசியல்வாதிகள், மாவட்ட செயலாளர் திரு. எச்.எம்.எஸ்.பி. ஹேரத் அவர்கள், மேலதிக மாவட்ட செயலாளர் (காணி) திரு. சதுரக ஜயசிங்க அவர்கள், பிரதேச செயலாளர்கள் மற்றும் அரச அதிகாரிகள் பலரும் கலந்துகொண்டனர்.

அதற்கமைவாக, கீழ்க்கண்ட திட்டத்தின்படி காட்டு யானைகள் தப்போவ வன காப்பகத்திற்குள் விரட்டப்படவுள்ளன.

 

ஆராச்சிகட்டுவ பிரதேச செயலக பிரிவிலிருந்து காட்டு யானைகளை வல்பாலுவ எனும் வன காப்பகத்திற்கு விரட்டுதல். கி.மீ. 20

ஆராச்சிகட்டுவ —› அம்பகெலே —›கொலஎலிய ஊடாக விஜய கட்டுபொத்த —› தாவரக்குளம் —› வில்பத தேக்கை காப்பகம் —› கட்டைக்காடு —› ஹல்மில்லேவ காப்பகம் —› பூனவிட்டிய ஊடாக வல்பாலுக காப்பகம்.

 

மொஹொரிய —› கொஹோம்ப கஸ் வெவ —›  வல்பாலுவ காப்பகம்

 

வல்பாலுவ காப்பகம் —›  பெத்திகம —› கவயன்குளம் —› கொடயாய —› சியம்பலாகஸ்ஹேன  —›  வடத்த —› கொட்டுகச்சி —› புதுஎலிய​ —› கொட்டுகச்சி விஹாரை —›  இதல்லேவ —›  புளியன்குளம் —›  மீ ஒயா  —› ரஜவிகம 

மற்றும்

புதுஎலிய —› கொட்டுகச்சி ஃபாம் நிறுவனம் —› முக்காளிய —› ஸ்வர்னபாலியாகம் —› கல்குலம —› ரஜவிகம

 

ரஜவிகமவிலிருந்து குத்திகுளம் ஊடாக காட்டு யானைகளை விரட்டுதல். கி.மீ. 07

வேலே  வாவி   —› முள்ளே கம —› போகஸ்வெவ —›தேக்கை காப்பகம் —›செங்கக்குளம/ அகுருபாலயாகம/ குருகெட்டியாவ —› தப்போவ சரணாளயம்

 

வேலே  வாவி   ஊடாக தப்போவ சரணாளயம் வரை காட்டு யானைகளை விரட்டுதல். கி.மீ. 07

வேலே  வாவி   —› முள்ளே கம —› போகஸ்வெவ —›தேக்கை காப்பகம் —›செங்கக்குளம/ அகுருபாலயாகம/ குருகெட்டியாவ —› தப்போவ சரணாளயம்

 

ரத்கிராகமவிலிருந்து மொரகஸ்வெவ  ஊடாக தப்போவ சரணாளயம் வரை காட்டு யானைகளை விரட்டுதல். கி.மீ. 07

ரத்கிராகம —› கெதரவெவ —› தல்கஸ்வெவ —› கலவெல்லேவ —› மஹபிட்டிய —› மொரகஸ்வெவ —› தப்போவ சரணாளயம்

 

கோண்கள்ள றம்பகனயாகம ஊடாக தப்போவ சரணாளயம் வரை காட்டு யானைகளை விரட்டுதல். கி.மீ. 10

கோண்கள்ள —› றம்பகனயாகம —› கபுஹேன்கம —› கணன்கெட்டிய —› காப்பகம் —› மல்மடுவாகம—›  அந்தரவெவ —› அலுத்வெவ தப்போவ சரணாளயம்

480996025 1138817308034413 8389288999242752072 n  480807480 1138817094701101 3972862951345637423 n

 481008255 1138817251367752 7778690939314109633 n  474533814 1122633732986104 3157417116733078475 n

හැත්තෑ හත් වන ජාතික නිදහස් සමරු උළෙලට සමගාමීව පැවැත් වූ පුත්තලම දිස්ත්‍රික් නිදහස් උළෙල අද පෙරවරුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්.ගයාන් ජානක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් කලපු තීරයේදී පැවතුණි.

 " පොහොසත් රටක් ලස්සන ජීවිතයක් " යන නව රජයේ අරමුණ පෙරදැරිව ආර්ථික සමාජීය හා  දේශපාලන වශයෙන් පරිවර්තනීය වෙනසක් ඇති කිරීම උදෙසා  "ජාතික පුනරුදයට පෙළගැසෙමු " මෙවර නිදහස් උළෙලෙහි තේමාව කොට ගනිමින් පුත්තලම ඇන්ඩ්‍රො විද්‍යාලයේ දරුවන්ගේ ජාතික ගීතය ගායනයෙන් හා ආනන්ද විද්‍යාලයේ දරුවන් ගේ ආශිර්වාද ගාථා ගායනයෙන් මෙම උළෙලෙහි ආරම්භය සනිටුහන් කළා.

 ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කරමින් හැත්තෑ හත්වන නිදහස් සමරු උළෙලට සහභාගීවූවන්ට ආයුබෝ වේවා යන ආශිර්වාදය මුදාහරිනු පිණිස පූජා නර්තනයෙන් වේදිකාව හැඩකරන ලද්දේ  ආනමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන්විසිනි.

 එමෙන්ම පල්ලම සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන්ගේ ශාස්ත්‍රීය නර්තනයෙන්, මහ කුඹු කඩවල සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන් ඉදිරිපත් කළ භරත නර්තනයෙන් සහ කරුවලගස්වැව සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන්ගේ ගැමි නර්තනයෙන් ආනමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ ශිල්පීන් ඉදිරිපත් කළ පූජා නර්තනයෙන් සහ පුත්තලම සංස්කෘතික මධ්‍යස්ථානය ශිල්පීන් ඉදිරිපත් කළ දේශාභිමානී ගීත ඇතුළත් නිර්මාණාත්මක නර්තනයෙන් හැත්තෑ හත්වන නිදහස් සැමරුම් උළෙල වර්ණවත් විය.

 මෙම අවස්ථාවට සහ සම්බන්ධව අදහස් දක්වමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ගයාන් ජානක මැතිතුමා , පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ජේ . එම්. ෆයිසාල්  මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මැතිතුමා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77 වන නිදහස් සැමරු උළෙලට සුභ පැතුම් එක් කළේය.

 පුත්තලම  හින්දු විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කළ නර්තන අංගයෙන්, ෆාතිමා  විද්‍යාලයේ දරුවන්ගේ කෝලාට්ටම් නර්තන අංගයෙන් පුත්තලම " කොළඹ මුවදොර  " කලපු තීරයේදී පැවති 77 වන නිදහස් සමරු උළෙල වර්ණවත් වන ලදී.

 එමෙන්ම "ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" නිදහස් සැමරුම්  උළෙල සඳහා පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය නායක ශිෂ්‍ය භට කණ්ඩායම්, බාල දක්ෂ කණ්ඩායම් පරිසර භට කණ්ඩායම් සහභාගී වූහ.

මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ පක්ෂ, විපක්ෂ  දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා ඇතුළු රාජ්‍ය  නිලධාරීන් ,  රාජ්‍ය නොවන සංවිධාන  හා පෞද්ගලික ආයතන නියෝජිතයින්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු විදුහල්පතිවරු, පොලිසිය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක අංශය මාධ්‍යවේදීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස සහභාගී වූහ.

 

 

 "தேசிய மறுமலர்ச்சிக்காக அணி திரள்வோம்" 77வது சுதந்திர தின விழா புத்தளம் மாவட்டம்....

77 ஆவது தேசிய சுதந்திர தினத்திற்கு ஒருங்கிணைவாக இடம்பெற்ற புத்தளம் மாவட்ட சுதந்திர விழாவானது ஆளும் கட்சியின் பிரதி அமைப்பாளரும், மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவருமான நாடாளுமன்ற உறுப்பினர் திரு. எச்.எம். கயான் ஜானக்க அவர்களின் தலைமையில் சர்வமத தலைவர்களின் ஆசிர்வாதத்துடன் புத்தளம் கடற்கறைத் திடலில் இடம்பெற்றது.

புதிய அரசாங்கத்தின் நோக்கமாக விளங்கும் "வளமான நாடும் அழகிய வாழ்வும் " எனும் தொணிப்பொருளாகக் கொண்டு  பொருளாதார, சமூக, அரசியல் ரீதியில் மாற்றத்தை ஏற்படுத்தும் வகையில் "தேசிய மறுமலர்ச்சியில் இணைவோம்" என்பதை சுதந்திர விழாவின் கருப்பொருளாகக் கொண்டு புத்தளம் சாந்த அன்றூ வித்தியாலயத்தின்  மாணவர்களினால் இசைக்கப்பட்ட தேசிய கீதம் மற்றும் ஆனந்த வித்தியாலய மாணவர்களின் ஆசீர்வாத பாஓதலின் மூலமும் நிகழ்வினை ஆரம்பித்து வைக்கப்பட்டது.

இலங்கையின் கலாசாரத்தின் அடையாளத்தை பிரதிபலிக்கும் வகையில், 77வது சுதந்திர தின நிகழ்வில் பங்குபற்றியவர்களுக்கு ஆயுபோவேவா (ஆயுல் நீடிக்கட்டும்) என்ற ஆசிர்வாத நடனத்தை ஆனமடுவ கலாசார நிலைய கலைஞர்களால் மேடை ஏற்றப்பட்டது.

மேலும், பல்லம கலாசார நிலைய கலைஞர்களின் பாரம்பரிய நடனம், மஹாகும்புக் கடவல கலாசார நிலைய கலைஞர்களின் பரதநாட்டியம், கருவலகஸ்வெவ கலாசார நிலைய கலைஞர்களின் கிராமிய நடனம், ஆனமடுவ கலாசார நிலைய கலைஞர்களின் பூஜா நடனம், புத்தளம் கலாசார நிலைய கலைஞர்களின் தேசபக்தி பாடல்கள் ஆகியவை உள்ளடங்களாக

ஆக்கப்பூர்வ நடனங்களால் 77வது சுதந்திர வைபவம் வண்ணமயமாக இடம்பெற்றது.

மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர், நாடாளுமன்ற உறுப்பினர்களான திரு. எச்.எம். கயான் ஜானக அவர்கள், நாடாளுமன்ற உறுப்பினர் எம்.ஜே. எம். திரு. பைசல் அவர்கள் மற்றும் நாடாளுமன்ற உறுப்பினர் திரு. அஜித் கிஹான் அவர்கள் ஆகியோர்  77வது சுதந்திர தினக் கொண்டாட்டத்திற்கு தமது வாழ்த்துக்களை தெரிவித்தனர்.

புத்தளம் இந்துக் கல்லூரி மாணவர்களின் நடன நிகழ்ச்சியும் புத்தளம் பாத்திமா கல்லூரி மாணவிகளின் கோலாட்டம் நடன நிகழ்ச்சியும் புத்தளம் "கொழும்பு முகத்திடலிலி" நடைபெற்ற 77வது சுதந்திர தின விழாவை வண்ணமயமாக்கியது.

மேலும், மாணவர் தலைவர்கள், கேடட் குழுக்கள், சாரணர் குழுக்கள் மற்றும் சுற்றுச்சூழல் குழுக்கள் பாடசாலைகளை பிரதிநிதித்துவப்படுத்தும் வகையில் இந்த "தேசிய மறுமலர்ச்சிக்காக அணிதிரள்வோம்" என்ற சுதந்திர தின விழாவில் கலந்துக் கொண்டனர்.

இந்நிகழ்வில் ஆளுங்கட்சி, எதிர்கட்சிகளைக்  கொண்ட அரசியல் தலைமைகள், மாவட்ட மேலதிக செயலாளர் (நிருவாகம்) திருமதி புபுதிகா எஸ்.பண்டார அவர்கள், மேலதிக மாவட்ட செயலாளர் (காணி) திரு.சதுரக்க ஜயசிங்க அவர்கள், அரச அதிகாரிகள், அரச சார்பற்ற நிறுவனங்கள் மற்றும் தனியார் நிறுவனங்களின் பிரதிநிதிகள், வலய கல்வி பணிப்பாளர்கள், அதிபர்கள், பொலிஸ் மற்றும் முப்படையினர், சிவில் பாதுகாப்பு பிரிவு, ஊடகவியலாளர்கள், பிரதேசவாசிகள் மற்றும் பலர் கலந்துகொண்டனர்

 

Puttalam District's 77th Independence Day: "Let's Rally for National Renaissance"....

With the blessings of all religious priests, the Puttalam District Independence Day, which coincided with the 77th National Independence Day, was held this morning at the Puttalam Colombo Face under the patronage of MP H. M. Gayan Janaka, the Deputy Organizer of the Government Party and Co-Chairman of the District Coordination Committee.

 The theme of this year's Independence Festival was "Let's Rally for National Renaissance," which aims to bring about a radical change in the political, social, and economic facets of the new government's goal of "A Rich Country and a Beautiful Life." The Children of Andrew College, Puttalam, sang the national anthem to kick off the celebration, and the children of Ananda College sang the blessing verses.

To convey the blessings of departure to the attendees of the 77th Independence Day celebration, the artists of the Anamaduwa Cultural Center decked the stage with a pooja dance that reflected the identity of Sri Lankan culture.


The artists from the Pallama Cultural Center performed classical dance, the artists from the Mahakumbukadawala Cultural Center performed a Bharata dance, the artists from the Karuwalagaswewa Cultural Center performed a folk dance, the artists from the Anamaduwa Cultural Center performed a pooja dance, and the artists from the Puttalam Cultural Center performed a creative dance that included patriotic songs, making the 77th Independence Day celebration even more colorful.

The Co-Chairman of the District Coordination Committee, MP Mr.H.M. Gayan Janaka, MP. Mr. M.J. M. Faisal, and MP Mr. Ajith Gihan expressed their opinions on this occasion. They also sent their best wishes for the 77th Independence Day celebrations.

The 77th Independence Day celebrations held at the "Colombo Face" lagoon in Puttalam were enriched with a dance performance by the children of Puttalam Hindu College and a Kolattam dance performance by the children of Fatima College.

Also, the "Let's Rally for National Revival" Independence Day celebrations were attended by student leaders, student band groups, young talent groups and environmental band groups representing schools.

The district's political authorities, including the party and opposition, Additional District Secretary (Administration) Pubudika S. Bandara, Additional District Secretary (Lands) Chathuraka Jayasinghe, government officials, representatives of non-governmental organizations and private institutions, Zonal Education Directors, Principals, Police and Tri-Forces officers, Civil Security Division journalists, and residents of the area participated in this event.

475731725 1127861565796654 4336057610163525365 n   475702480 1127861532463324 7721121550536962795 n   475776230 1127862425796568 4380406495772574110 n

475833748 1127862362463241 5219823797382118384 n   475836687 1127861962463281 2985176527039973156 n  476219657 1127860452463432 3784614130665365969 n

475897758 1127859905796820 5947201577011526889 n  475837507 1127859935796817 5700890918515889255 n   475771662 1127862422463235 7755170203975718270 n

475862082 1127861082463369 96906822947356639 n   476279819 1127859939130150 5858589659370644916 n  475948931 1127861345796676 6571445228612631841 n

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  77 වන නිදහස් සමරු උළෙලට සමගාමීව " ජාතික පුනරුදයට පෙළ ගැසෙමු " තේමාව පෙරදැරිව

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  අනෙකුත් රාජ්‍ය ආයතන, පෞද්ගලික  ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව  සංවිධානය කරනු ලබන

නිදහස් සමරු උළෙල

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මැතිතුමාගේ සහභාගිත්වයෙන්

2025.02.04 දින පෙ:ව: 08.30 ට

පුත්තලම colombo face කලපු තීරයේ දී පැවැත්වේ.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබට

ගෞරවයෙන් ආරාධනා .....!!

සංවිධායක මණ්ඩලය.

475895998 1125627782686699 4589037195062898686 n