ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව ත්සුනාමී ඇතුළු විවිධ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් අනුස්මරණය කරමින් පුණ්‍යානුමෝදනා කිරීමේ සර්ව ආගමික වැඩසටහන දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ත්සුනාමි ව්‍යසනයෙන්   මියගිය, අතුරුදන් වූ  සහ පීඩාවට පත් සියලු දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවය සුරැකීම සහ පූජ්‍යපාද  මුදුන්නේ අරියරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මියගිය අය වෙනුවෙන් පැන් වැඩීම ඇතුළු ආගමික වතාවත් සිදු කළේය.

එමෙන්ම මෙම අවස්ථාවට  සුජිත් නිශාන්ත පියතුමා සහ අබ්දුල්ලා මොහොමඩ් ආලිම්   මව්ලව්තුමා ආගමික වතාවත් සඳහා සහ සම්බන්ධ විය.

මෙවර ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදා කළමනාකරණය පිළිබඳව  තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික්  ලේකම් (පාලන) පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ වින්ග් කමාණ්ඩර් ඩබ්. එම්. ජී. ටි. බණ්ඩාර  මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.


20வது தேசிய பாதுகாப்பு தின நிகழ்வுகள்...

தேசிய பாதுகாப்பு தினத்தை முன்னிட்டு சுனாமி உள்ளிட்ட பல்வேறு அனர்த்தங்களினால் உயிரிழந்த மக்களை நினைவுகூரும் சர்வமத நிகழ்வு இன்று மாவட்ட செயலக வளாகத்தில் மாவட்ட செயலாளர் திரு.எச்.எம்.எஸ்.பி ஹேரத் அவர்களின் தலைமையில் நடைபெற்றது.

இங்கு, சுனாமி அனர்த்தத்தினால் உயிரிழந்த, காணாமல் போன மற்றும் பாதிக்கப்பட்ட அனைவரையும் நினைவுகூர்ந்து இரண்டு நிமிட மௌன அஞ்சலி செலுத்தப்பட்டதுடன், வணக்கத்திற்குரிய முதுன்னே ஆரியரதன தேரர் அவர்களால் சமய வழிபாடுகளும் நடாத்தப்பட்டன.

இந்நிகழ்வில் சமய சடங்குகளுக்காக அருட் தந்தை சுஜித் நிஷாந்த மற்றும் மௌலவி. அப்துல்லா மொஹமட் ஆலிம்  ஆகியோரும் கலந்துகொண்டனர்.

இவ்வருடம் தேசிய பாதுகாப்பு தினத்தை முன்னிட்டு மாவட்ட அனர்த்த முகாமைத்துவ நிலையம் புத்தளம் பிரதேச செயலக கேட்போர் கூடத்தில் இளைஞர் சமூகத்தினருக்கான அனர்த்த முகாமைத்துவம் பற்றிய விழிப்புணர்வு நிகழ்ச்சி ஒன்றை ஏற்பாடு செய்திருந்தது.

இந்நிகழ்வில் மேலதிக மாவட்ட செயலாளர் (நிர்வாகம்) திருமதி புபுதிகா எஸ்.பண்டார, மேலதிக மாவட்ட செயலாளர் (காணி) திரு.சதுரக்க ஜயசிங்க, அனர்த்த முகாமைத்துவ உதவிப் பணிப்பாளர் விங் கமாண்டர் திரு. டபிள்யூ. எம். ஜி. டி. பண்டார மற்றும் ஏனைய அதிகாரிகள் கலந்துகொண்டனர்.

 

20th National Safety Day Celebration......

In conjunction with the National Safety Day, an all-religious program to commemorate the people who died due to various disasters including the tsunami was held at the District Secretariat premises today under the patronage of District Secretary H.M.S.P. Herath.

At this, religious rituals including a two-minute silence in memory of all those who died, disappeared and were affected by the tsunami disaster for the deceased under the auspices of Venerable Mudunne Ariyarathana Nayaka Thero were performed.

Also, Rev. Sujith Nishantha and Abdullah Mohammed Aalim Maulawi participated in the religious rituals on this occasion.

In conjunction with this year's National Safety Day, the District Disaster Management Center held a program to educate the youth on disaster management at the Puttalam Divisional Secretariat Auditorium.

Additional District Secretary (Administration) Pubudika S. Bandara, Additional District Secretary (Lands) Chathuraka Jayasinghe, Assistant Director of Disaster Management Wing Commander W. M. G. T. Bandara and other officers participated in this event.

 

WhatsApp Image 2025 01 02 at 1.03.40 PM 1   WhatsApp Image 2025 01 02 at 1.03.35 PM WhatsApp Image 2025 01 02 at 1.03.37 PM

WhatsApp Image 2025 01 02 at 1.03.39 PM  WhatsApp Image 2025 01 02 at 1.03.39 PM 1  WhatsApp Image 2025 01 02 at 1.03.40 PM

 

අසිරිමත් නත්තල අර්ථවත් කරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ කැරොල් ගීත ගායනයෙන් හැඩගැන්වූ මෙම උත්සවය සඳහා දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතා, හිටපු මූල්‍ය සහකාර M. සන්තියාගු මහතා සහ  මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අරූන්දාසන් මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරික ජයසිංහ මහතා  ඇතුළු කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අපරිමිත දයාව අර්ථවත් කරමින්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නත්තල සමරණු පිණිස,  සියලු ආගම් හා ජාතීන් නියෝජනය වන පරිදි උපකාරක අවශ්‍යතා සහිත පවුල් දහයක සාමාජිකයින්  වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රධානය සහ දරුවන් දස දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද මෙහිදී  සිදු  කළේය..

471317878 1098112112104933 6915360765876135004 n  470223650 1098111125438365 3468872126335177717 n

471151101 1098111852104959 8880422350132745873 n  471325665 1098111788771632 3124815061513374235 n

දිස්ත්‍රික්කය තුළ පවතින වන අලි ගැටළුව සහ අලි මිනිස් ගැටුම කළමණාකරණය කිරීම සඳහා වන සැලසුම් සහ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණ.

මෙම වසරේ දී වන අලි ගැටළුව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් අලිමිනිස් ගැටුම හේතුවෙන් වන අලි 12 දෙනෙකු මිය ගොස් ඇති බවත් මෙහිදි අනාවරණය විය.

වන අලි ගැටළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටක ජනතාව නිරන්තරයෙන් මුහුණදෙන ගැටළුවකි. එම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වන්නේ නවගත්තේගම, ආණමඩුව, පල්ලම,පුත්තලම,මහකුඹුක්කඩවල,වනාතවිල්ලුව, ආරච්චිකට්ටුව හා කරුවලගස්වැව කොට්ඨාසයන් ය. එම නිසා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඇති ගැටළු පිළිබඳව මෙහිදි සාකච්ඡා කළේය.එම සාකච්ඡාවේ දී ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද චන්දන අබේරත්න අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

වනජීවි දෙපාර්තමේන්තුව යටතේ කරුවලගස්වැව, නවගත්තේගම, වනාතවිල්ලුව හා කරුවලගස්වැව අලිපාලන ඒකකය ලෙස කලාප කාර්යාල 4ක් දැනටමත් ස්ථාපිතව තිබේ. එහෙත් ඒවායේ හා වනජිවි පුත්තලම කාර්යාලය සතුව අවශ්‍ය නිලධාරි සංඛ්‍යාව හා රථ වාහන නොමැති විම මෙම ගැටළුව පාලනය කිරිම සඳහා බාධකයක් ව පවතින බව මෙහිදි අනාවරණය වූ කරුණකි.

දැනටමත් පුත්තලම වන ජීවි කාර්යාලය මගින් විදුලි වැට පද්ධතිය පවත්වාගෙන යාම, අලිවෙඩි ලබා දීම, සත්වයින්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා දිම ( අනවශ්‍ය ශාඛ ඉවත් කිරිම) , ජනතාව දැණුවත් කිරිම, අලි මෙහෙයුම් ක්‍රියාත්මක කිරිම, විදුලි වැට පද්ධතිය නඩත්තු කටයුතු හා සුරැකිම, වන්දි ලබා දිම, වැඩි දියුණු කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ආදිය සිදු කරනු ලබයි.

එමෙන්ම විදුලි වැට 20ක් මේ වන විට ස්ථාපිත කර තිබේ, 365 km පමණ දුර ප්‍රමාණයකට ස්ථාන කිහිපයක එම විදුලි වැට ස්ථාපිත ය. මසකට අලි වෙඩි 10,000ක පමණ ප්‍රමාණයක් ගොවින් වෙත නිකුත් කරනු ලබයි.

තවද පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා ගොවීන්ගේ අදහස් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව, මිනිස් ජිවිත හා කෘෂිභෝග රැක ගැනිම අරමුණු කොට අලි මිනිස් ගැටුම කළමණාකරණය කිරීම සඳහා කෙටි කාලීන හා දිගු කාලින විසදුම් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී වඩාත් සාධනිය වූ තත්වයකට ලගා වීමේ අපෙක්ෂාවෙන් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් හා මහජනතාව එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් පුත්තලම දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම කළමණාකරණය කිරිම සඳහා එකඟතාවකට එළැඹිණි.

ඒ අනුව ගොවීන්ගේ අස්වනු නෙලීමේ කාලය අවසන් වන තුරු අලි මෙහෙයුම මාර්තු දක්වා කල් දැමීම.

දැනට ලබා දෙන අලිවෙඩි ප්‍රමාණය 50%ක් දක්වා වැඩි කිරිම.

අඩවි වන කාර්යාල වලට අවශ්‍ය වාහන පහසුකම් ලබා දීම හා එම කාර්යාලවලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්, වන ජිවි නිලධාරින් ප්‍රමාණවත් පරිදි යෙදවීම.

2025 වර්ෂයේ ජනවාරි මස දෙවන සතිය වන විට, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් වන අලි පලවා හැරීමට අලි මෙහෙයුම සඳහා ගමන් මාර්ග සැලැස්ම සැකසා අවසන් කිරීම.

ජනවාරි මස දෙවන සතියේ දිනෙක නැවත රැස් වී එම සැලැස්ම පිළිබඳව සාකච්ඡා කර පෙබරවාරි මාසය අවසන් වන විට අලි මෙහෙයුම ක්‍රියාත්මක කිරිම යන කරුණු එම එකඟතා අතර වේ.

මෙම අලි මිනිස් ගැටුම කළමණාකරණය කිරීමේ සැලසුම් හා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාව සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා, වනජීවි හා පරිසර අමාත්‍යාංශ නිලධාරින්, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් , ගොවිසංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස සහභාගී වුහ.

 

5 people died in Puttalam district due to wild elephant attack in 2024...

A discussion on the plans and measures to manage the wild elephant problem and human-elephant conflict in the district was held at the Puttalam Divisional Secretariat Auditorium under the chairmanship of Minister of Public Administration, Provincial Councils and Local Government Chandana Abeyratne and Minister of Environment Dhammika Patabendi.

It was revealed that 5 people have died in Puttalam district due to the wild elephant problem this year and 12 wild elephants have died due to human-elephant conflict.

The wild elephant problem is a constant problem faced by the people of eight Divisional Secretariat Divisions in the district. The Divisional Secretariat Divisions are Nawagaththegama, Anamaduwa, Pallama, Puttalam, Mahakumbukkadawala, Wanathawilluwa, Arachchikattuwa and Karuwalagaswewa. Therefore, discussions on the problems at those divisional levels were also held. During this discussion, Minister Chandana Abeyratne was brought to the attention of the need to make policy decisions.

4 zonal offices have already been established under the Wildlife Department as Karuwalagaswewa, Nawagaththegama, Wanathawilluwa and Karuwalagaswewa Elephant Control Unit. However, it was revealed that the lack of the required number of officers and vehicles in them and the Puttalam Wildlife Office became an obstacle to overcome this problem.

The Puttalam Wildlife Office has already implemented activities such as maintaining the electric fence system, providing firecrackers for elephants,fulfilling the nutritional needs of the animals (removing unnecessary trees), making the public aware, of elephant operations, maintaining and protecting the electric fence system, providing compensation and operating improvement programs. 20 electric fences have been installed so far, and the electric fences are installed at several places for a distance of about 365 km. About 10,000 firecrackers for elephants are issued to farmers per month.

Furthermore, Environment Minister Dhammika Patabendi, after paying attention to the views of the farmers, stated that attention should be paid to short-term and long-term solutions to manage the human-elephant conflict with the aim of protecting human lives and agriculture.

In this discussion, with the hope of reaching a more positive situation, the political authority, government officials and the public reached an agreement to manage the human-elephant conflict in the Puttalam district with a joint approach.

Accordingly, the elephant operation will be postponed till March until the farmers' harvest season is over and increasing the amount of elephant firecrackers currently being issued by 50%.

Providing necessary vehicle facilities to the forest offices and deploying sufficient officers of the Civil Defense Department and forest officers to those offices.

By the second week of January 2025, the Divisional Secretariats will prepare and finalize the elephant operation route plan at Divisional level to drive away wild elephants.

The agreement includes meeting again in the second week of January to discuss the plan and implementing the elephant operation by the end of February.

 

2024ஆம் ஆண்டு புத்தளம் மாவட்டத்தில் யானை பிரச்சனையால் 5 பேர் பலி...

மாவட்டத்தில் யானைப் பிரச்சினை மற்றும் யானைகள் மோதலை நிர்வகிப்பதற்கான திட்டங்கள் மற்றும் நடவடிக்கைகள் தொடர்பான கலந்துரையாடல் புத்தளம் பிரதேச செயலக கேட்போர் கூடத்தில் பொது நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் திரு.சந்தன அபேரத்ன மற்றும் திரு. தம்மிகா படபாண்டி ஆகியோரின் தலைமையின் கீழ் நடைபெற்றது.

புத்தளம் மாவட்டத்தில் இவ்வருடம் காட்டு யானை பிரச்சினையால் 5 பேர் உயிரிழந்துள்ளதுடன், யானை மோதலில் 12 காட்டு யானைகள் உயிரிழந்துள்ளதாக இங்கு தெரியவந்துள்ளது.

எட்டு பிரதேச செயலகங்களைச் சேர்ந்த மக்கள் தொடர்ச்சியாக எதிர்நோக்கும் பிரச்சினையாக காட்டு யானைகள் பிரச்சினை உள்ளது. அப்பிரதேச செயலகப் பிரிவுகளாவன நவகத்தேகம, ஆனமடுவ, பல்லம, புத்தளம், மஹகும்புக்கடவல, வண்ணாத்திவில்லு, ஆராச்சிக்கட்டுவ மற்றும் கருவலகஸ்வெவ ஆகியனவாகும். எனவே உரிய பிரதேச செயலாளர்;களினால் பிரதேச மட்டத்தில் உள்ள பிரச்சினைகள் குறித்து கலந்துரையாடப்பட்டது. அந்த கலந்துரையாடலில் கொள்கை ரீதியான தீர்மானங்களை மேற்கொள்வது தொடர்பில் அமைச்சர் சந்தன அபேரத்னவின் கவனத்திற்கு கொண்டு வரப்பட்டது.

வனஜீவராசிகள் திணைக்களத்தின் கீழ் கருவலகஸ்வெவ, நவகத்தேகம, வண்ணாத்திவில்லு மற்றும் கருவலகஸ்வெவ ஆகிய இடங்களில் யானை முகாமைத்துவ பிரிவு என ஏற்கனவே 4 வலய அலுவலகங்கள் நிறுவப்பட்டுள்ளன. ஆனால் புத்தளம் வனசீவராசிகள் அலுவலகத்தில் தேவையான எண்ணிக்கையில் அதிகாரிகள் மற்றும் வாகனங்கள் இல்லாதது இப்பிரச்சினையை கட்டுப்படுத்த தடையாக இருப்பதாக தெரியவந்துள்ளது.

ஏற்கனவே புத்தளம் வனஜீவராசிகள் அலுவலகம் மின்சார வேலி அமைப்பை பராமரிததல் , யானை வெடிகளை வழங்குதல், விலங்குகளின் போசாக்கு தேவைகளை பூர்த்தி செய்தல் (தேவையற்ற கிளைகளை அகற்றுதல்), மக்களுக்கு விழிப்புணர்வை ஏற்படுத்துதல், யானை நடவடிக்கைகளை நடைமுறைப்படுத்துதல், மின்சார வேலி அமைப்பை பராமரித்தல் மற்றும் பாதுகாத்தல், இழப்பீடு வழங்குதல் மற்றும்; அபிவிருத்தி திட்டங்கள்  என்பவற்றை செயல்படுத்துகின்றது.

மேலும், சுமார் 365 கி.மீ., தொலைவுக்கு இதுவரை 20 மின் வேலிகள் அமைக்கப்பட்டுள்ளன. விவசாயிகளுக்கு மாதம் ஒன்றுக்கு 10,000 யானைக் வெடிகள் வழங்கப்படுகின்றன.

விவசாயிகளின் கருத்துக்களுக்கு கவனம் செலுத்திய சுற்றாடல் அமைச்சர் தம்மிக்க பட்டபெந்தி, மனித உயிர்கள் மற்றும் பயிர்களைக் காப்பாற்றும் நோக்கில் யானை - மனித மோதலை நிர்வகிப்பதற்கு குறுகிய கால மற்றும் நீண்டகால தீர்வுகள் குறித்து கவனம் செலுத்தப்பட வேண்டுமென தெரிவித்தார்.

இக்கலந்துரையாடலில் மேலும் வெற்றிகரமான சூழ்நிலையை அடையலாம்; என்ற நம்பிக்கையில், புத்தளம் மாவட்டத்தில் யானை-மனித மோதலை கூட்டு அணுகுமுறை மூலம் நிர்வகிக்க அரசியல் அதிகாரிகள்;, அரச அதிகாரிகள் மற்றும் பொதுமக்கள் என்போர் இணக்கப்பாட்டுக்கு வந்தனர்.

அதன்படி, விவசாயிகளின் அறுவடை காலம் முடியும் வரை யானை நடவடிக்கை மார்ச் மாதம் வரை ஒத்திவைக்கப்பட்டது.

தற்போது வழங்கப்படும் யானைக் வெடிகளின் அளவை 50 வீதமாக  உயர்த்துதல்.

வலையவன அலுவலகங்களுக்குத் தேவையான வாகன வசதிகளை வழங்குதல் மற்றும் சிவில் பாதுகாப்புத் துறை அதிகாரிகள் மற்றும் வனசீவராசிகள் அலுவலர்களை அந்த அலுவலகங்களுக்கு அனுப்புதல்.

2025 ஜனவரி இரண்டாவது வாரத்திற்குள், பிரதேச செயலக மட்டத்தில் காட்டு யானைகளை விரட்டும் யானை நடவடிக்கைகள் பாதைத் திட்டத்தை பிரதேச செயலாளர்கள் தயாரித்து நிறைவு  செய்தல்

;.

ஜனவரி இரண்டாவது வாரத்தில் மீண்டும் கூடி திட்டம் குறித்து ஆலோசித்து பெப்ரவரி இறுதிக்குள் யானை நடவடிக்கையை செயல்படுத்துவது என்பதும் ஒப்பந்தங்களில் ஒன்று.

புத்தளம் மாவட்டச் செயலாளர் திரு.எச்.எம்.எஸ்.பி.ஹேரத், வனஜீவராசிகள் மற்றும் சுற்றாடல் அமைச்சின் அதிகாரிகள், அரசியல் அதிகார சபைகள், அரச அதிகாரிகள், விவசாய அமைப்புக்களின் பிரதிநிதிகள் மற்றும் பலர் இந்த யானை-மனித மோதலை நிர்வகிப்பதற்கான திட்டங்கள் மற்றும் நடவடிக்கைகள் குறித்த கலந்துரையாடலில் கலந்துகொண்டனர்.

 

470628486 1092188226030655 796586792737103659 n  470558470 1092187802697364 7582771023289723010 n

470666345 1092188072697337 5150204079831418484 n