" භජෙත මිත්තේ කල්‍යාණේ

භජෙත පුරිසුත්තමේ "…….....

 (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු )

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ සුමධුර යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද කාව්‍ය ශ්‍රී පූජ්‍ය ගනේමුල්ල දීපා ධම්මපාලී මෙහෙණින් වහන්සේ සහ පූජ්‍ය ගනේමුල්ල ප්‍රදීපා ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ පින්බර වැඩමවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

(நல்ல குணங்களைக் கொண்ட உன்னத நண்பர்களுடன் பழகுவோம்)

ஸ்ரீ புத்த வருடம் 2569, அரச வெசாக் விழாவை முன்னிட்டு புத்தளம் மாவட்ட செயலகத்தினால் ஏற்பாடு செய்யப்பட்ட ‘சுமதுர யுகாசன’ கவிநய சொற்பொழிவானது கவிஞர் வண. கணேமுல்லை பிரதீபா தம்மபாலி கன்னியாஸ்திரி அவர்களின் தலைமையில் மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.

(Let us associate with noble friends who have good qualities)

The Sumadhura Yugasana Poetic Dhamma Desanawa, organized by the Puttalam District Secretariat in conjunction with the State Vesak Festival of Sri Buddha Year 2569, was held at the Auditorium of the District Secretariat with the gracious presence of the poetic scholars Venerable Ganemulla Deepa Dhammapali Thero and Venerable Ganemulla Pradeepa Dhammapali Thero.

497884008 1204327498150060 5253450792284025725 n  498232024 1204327894816687 7055421620122698176 n

498583068 1204327598150050 3207538905319460430 n  498157420 1204327678150042 2559661659146094717 n

 

හිස තෙල් ගැල්වීමේ දිස්ත්‍රික් උත්සවය ආනමඩුව   ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරස්ථානයේදී පෙරවරු නමයයි හතරට යෙදුණු සුභ මොහොතින් පූජ්‍ය පණ්ඩිත ආනමඩුවේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ  රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අභයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ වන්ණි කුමාර වන්ණි දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, වඩත්ත ශ්‍රී  සරණංකර පිරිවෙනෙහි පරිවේනාධිපති, ආනමඩුව සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, වඩත්ත  ශ්‍රී බෝධි නන්දාරාමය ඇතුළු සොළොස් මහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය  වඩත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය,  දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පි හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් සහභාගි වුහ.

 

491471876 1182092587040218 100222548422142205 n  491712262 1182093603706783 2280896948917479810 n

491762102 1182094013706742 8532550840001575392 n  491785038 1182092180373592 6628278247043441218 n

 

49 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන වයඹ පළාත් තරග සඳහා තරග වැදීමට සහ තරග ඉසව්  නැරඹීමට ඔබට කෙරෙන සුහද ආරාධනයයි...!!

සංවිධායක මණ්ඩලය.

 

49வது தேசிய விளையாட்டுப் போட்டிகளுடன் இணைந்து நடைபெறும் வடமேற்கு மாகாண விளையாட்டுப் போட்டிகளில் கலந்து கொண்டு பார்வையிட உங்களை அன்புடன் அழைக்கிறோம்...!!

ஏற்பாட்டுக் குழு.

 

We cordially invite you to participate in and watch the North Western Provincial Games being held in conjunction with the 49th National Games...!!

Organizing Committee.

 

488601373 1171677838081693 1595311209801382885 n  488643411 1171677898081687 5768860072358612606 n