තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන දහයකදී සිදු කරයි. සාමාන්‍ය ගණන් කිරීමේ මධ්‍යස්ථානය හැට දෙකකි.

 

465729095 1070404848208993 1544275273533621800 n  466921964 1070405648208913 4372613112237095990 n

467157213 1070405161542295 2552333431394296430 n  467252308 1070405608208917 7191181238262187904 n

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 470කදී අද උදෑසන හතේ සිට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කෙරිණි.

පස්වරු දෙක  වන විට දිස්ත්‍රික්කය තුළ භාවිතා කළ ඡන්ද ප්‍රතිශතය සියයට  41% බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එච්.එම්. එස්. පි.මහතා පවසන ලදී.

එමෙන්ම දූපත් ප්‍රදේශයෙහි ජනතාව වෙනුවෙන් ස්ථාපිත පූක්කුලම  ඡන්ද මධ්‍යස්ථානයේ දහවල් එක වන විට 30% ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇති බව තේරීම් බර නිලධාරිවරයා පැවසිය. එම මධ්‍යස්ථානයෙහි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 197 ක් වේ.

467188044 1070345121548299 8045079487166227698 n  466800633 1070336331549178 6472138570192387893 n

466906721 1070336444882500 4148111140083137238 n  466976130 1070336568215821 6288457129528987835 n

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයන්ට ඡන්ද පත්‍රිකා හා පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේදී පාතිමා හා සෙයිනබ් බාලිකා විද්‍යාලයන්හිදී සහ ශාන්ත ඇන්ඩa බාලිකා විද්‍යාලයේ දී සිදු කෙරිණි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙටි ප්‍රවාහනයට රථ වාහන පන්සිය හැට තුනක්(563) යොදවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී/ දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පි. හේරත් මහතා පැවසීය.

එමෙන්ම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් හැත්තෑ දෙදෙනෙකු(72) සහකාර තේරීම් භාර නිලධාරීන් පන්සිය හතර දෙනෙකු  (504)) ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් එක්දහස් පනස් නව දෙනෙකු  (1059) කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු දෙදහස් හතලිස් හත්දෙනෙකු (2047) ලිපිකරුවන් හාරදහස් හත්සිය තිස් දෙදෙනෙකු    (4732) කාර්යාල කාර්ය සහායකයින් අටසිය පහළොස් දෙනෙකු ( 815 ) ලෙස මුළු නිලධාරීන් 9229 දෙනෙකු මෙවර පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරී සඳහා පුත්තලම දිස්ත්‍රික්කය තුල  යොදවා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී.

 

466775266 1069671531615658 6007421798642823294 n  466776972 1069671601615651 6887762328579519190 n

466781722 1069671368282341 2136084742283478578 n  466782966 1069671298282348 3311028451004408208 n