Puttalam Meteorological Department Premises, DIG's Office Premises, Archaeological Department Premises, Andrew's College, Municipal Council Office Premises, Divisional Secretariat, Sri Lanka Telecom and other Institutions.

The premises of the Nawagattegama Divisional Secretariat has also been inundated due to the prevailing disaster situation, District Secretary KG Wijesiri said. Due to the opening of the sluice gates of the Thinipitiya tank, the Mahawewa and Madampe roads on the Colombo-Chilaw main road were inundated on the evening of the 9th, disrupting traffic.

Three deaths have been reported so far due to the floods. They are from Wanathawilluwa, Mahakumbukkadawala and Mahawewa Divisional Secretariats. One person is missing. He is a member of the Mundalama Divisional Secretariat. 204 Grama Niladhari Divisions in 16 Divisional Secretariat Divisions in the District have been affected by rains, floods, and winds by the evening of the 9th, the District Secretary said. The total number of affected family units is 22217. 78614 persons. So far 05 small and medium scale enterprises and 22 partial and partial house damages have been reported.

There are 4689 persons detained in 1418 family units in relatives' houses. So far 21 safe havens have been established. He said that 5234 persons belonging to 1637 families are detained in them. The distribution of cooked food is in progress in Mundalama, Karuwalagaswewa, Wanathawilluwa, Puttalam, Mahakumbukkadawala, Arachchikattuwa, Chilaw, Kalpitiya, Pallama and Mahawewa Divisional Secretariats. 

District Secretary KG Wijesiri further stated that backhoes were used in Wanathawilluwa, Mundalama, Arachchikattuwa, Wennappuwa, Chilaw and Mahawewa Divisional Secretariats to remove the obstructions.

 

පුත්තලම නගරය අවට රාජ්‍ය ආයතන කිහියක් ජලයෙන් යටවේ......

පුත්තලම නෙළුම් කුලම වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ජලය පිටාර ගැලීම නිසා පුත්තලම නගරයේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පරිශ්‍රය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය, ඇන්ඩෘ විද්‍යාලය, නගර සභා කාර්යාල පරිශ්‍රය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් ජලයෙන් යට වී තිබේ. නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය ද පවතින ආපදා තත්වය හේතුවෙන් ජලයෙන් යට වී  ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

තිණිපිටිය වැවෙහි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මහවැව සහ මාදම්පේ  මාර්ගය  09 දින සවස වන විට ජලයෙන් යට වී ගමනාගමනය ට බාධා ඇති විය.

ගංවතුර හේතුවෙන් පුද්ගල මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත. ඔවුන් වනාතවිල්ලුව , මහකුඹුක්කඩවල සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අයවළුන් ය. එක් අයෙකු අතුරු දහන්  වී ඇත. ඔහු මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අයෙකි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 යෙහි ග්‍රාමනිලධාරී වසම් 204ක් 09  දින සවස වන විට වර්ෂාව, ජලගැලීම්,ගංවතුර හා සුළං හේතුවෙන් ආපදාවට ලක් ව ඇති බව දිසාපතිවරයා කියා සිටියි. බලපෑමට ලක් වූ මුළු පවුල් ඒකක සංඛ්‍යාව 22217කි. පුද්ගලයින් 78614කි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 05ක් අර්ධ හා පාර්ශවීය නිවාස හානි 22ක් මේ වන විට වාර්තා වී තිබේ. ඥාති නිවාසයන් හි පවුල් ඒකක 1418ක පුද්ගලයින්4689 දෙනෙකු රඳවා තිබේ. ආරක්ෂිත ස්ථාන 21ක් මේ වන විට ස්ථාපිත කර ඇත.  ඒවායෙහි පවුල් 1637ක පුද්ගලයින් 5234 දෙනෙකු රඳවා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මුන්දලම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, පුත්තලම, මහකුඹුක්කඩවල, ආරච්චිකට්ටුව, හලාවත, කල්පිටිය,පල්ලම, මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි පිසු ආහාර ලබා දීම මේ වන විට ක්‍රියාත්මක වේ.

වනාතවිල්ලුව,මුන්දලම,ආරච්චිකට්ටුව,වෙන්නප්පුව,හලාවත,මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි බැකෝ යන්තු යොදා කාණු කපා  අවහිරතා ඉවත් කළ බව දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

புத்தளத்தை சுற்றியுள்ள பல அரச நிறுவனங்கள் வெள்ளத்தில்...

புத்தளம் வளிமண்டலவியல் திணைக்கள வளாகம்இ பிரதி பொலிஸ் மா அதிபர் அலுவலக வளாகம்இ தொல்பொருள் திணைக்கள வளாகம்இ அன்ட்ரூஸ் கல்லூரிஇ மாநகர சபை அலுவலக வளாகம்இ பிரதேச செயலகம்இ ஸ்ரீலங்கா டெலிகொம் மற்றும் ஏனைய நிறுவனங்கள் வெள்ளத்தில் மூழ்கியுள்ளன .

நிலவும் அனர்த்த நிலைமை காரணமாக நவகத்தேகம பிரதேச செயலக வளாகமும் வெள்ளத்தில் மூழ்கியுள்ளதாக மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி தெரிவித்துள்ளார். தினிப்பிட்டிய குளத்தின் வான் கதவுகள் திறக்கப்பட்டதன் காரணமாக கடந்த 9ஆம் திகதி மாலை கொழும்பு – சிலாபம் பிரதான வீதியின் மஹாவெவ மற்றும் மாதம்பே வீதிகள் வெள்ளத்தில் மூழ்கியதால் போக்குவரத்துக்கு இடையூறு ஏற்பட்டது.

வெள்ளம் காரணமாக இதுவரை 3 பேர் உயிரிழந்துள்ளனர். இவர்கள் வனாத்தவில்லுவஇ மஹகும்புக்கடவல மற்றும் மஹாவெவ பிரதேச செயலகப் பிரிவுகளைச் சேர்ந்தவர்கள். ஒருவர் காணவில்லை. இவர் முந்தலம பிரதேச செயலக உறுப்பினராவார்.  மாவட்டத்தில் 16 பிரதேச செயலாளர் பிரிவுகளிலுள்ள 204 கிராம சேவையாளர் பிரிவுகள் கடந்த 9 ஆம் திகதி மாலை வரை மழைஇ வெள்ளம் மற்றும் காற்றினால் பாதிக்கப்பட்டுள்ளதாக அரசாங்க அதிபர் தெரிவித்தார்.

பாதிக்கப்பட்ட குடும்ப அலகுகளின் மொத்த எண்ணிக்கை 22217. 78614 நபர்கள். இதுவரை 05 சிறிய மற்றும் நடுத்தர நிறுவனங்களும்இ 22 பகுதி மற்றும் பகுதி வீடுகளும் சேதமாகியுள்ளன.1418 குடும்பங்களில் 4689 பேர் உறவினர் வீடுகளில் தடுத்து வைக்கப்பட்டுள்ளனர். இதுவரை 21 பாதுகாப்பான புகலிடங்கள் ஏற்படுத்தப்பட்டுள்ளன. அவற்றில் 1637 குடும்பங்களைச் சேர்ந்த 5234 பேர் தடுத்து வைக்கப்பட்டுள்ளதாக அவர் கூறினார்.

முந்தலமஇ கருவலகஸ்வெவஇ வனாத்தவில்லுவஇ புத்தளம்இ மஹகும்புக்கடவலஇ ஆராச்சிக்கட்டுவஇ சிலாபம்இ கல்பிட்டிஇ பல்லம மற்றும் மஹவெவ பிரதேச செயலகப் பிரிவுகளில் சமைத்த உணவு விநியோகம் இடம்பெற்று வருகின்றது.

வனாத்தவில்லுவஇ முந்தலமஇ ஆராச்சிக்கட்டுவஇ வென்னப்புவஇ சிலாபம்இ மஹாவெவ ஆகிய பிரதேச செயலகங்களில் தடைகளை அகற்றுவதற்காக பேக்கோ இயந்திரங்கள் பயன்படுத்தப்பட்டதாக மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி மேலும் தெரிவித்தார்.

9  1

4  6

 

 

Government Agent summons all Agrarian Service Development Officers and Agriculture Instructors in the District ...!

Puttalam District Secretary KG Wijesiri took another step forward in the production of organic fertilizer on Monday (25).

The District Secretary inspected the production of organic manure in the district for the Maha season and made the necessary arrangements to procure adequate organic manure for the areas where there is a shortage.

He further said that he expects successful support from the Agrarian Services Development Officers and Agriculture Officers for the Maha season in the Puttalam District and asked if there were any other difficulties in supplying water to an area or causing cultivation. Further, The District Secretary emphasized that the producer of organic fertilizer as well as the farmers who resort to cultivation using organic fertilizer should always be encouraged to do so and they should never be misled.

 

කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා පුත්තලම දිස්ත්‍රික්කයෙන් තවත් ඉදරි පියවරක්...!‍

දිසාපතිතුමා විසින් දිස්ත්‍රික්කයේ සියලූම ගොවිජන සේවා සංවර්ධන නිළධාරීන් සහ කෘෂිකර්ම උපදේශකවරුන් කැදවයි...!

කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි මහතා විසින් තවත් ඉදිරි පියවරක් පසුගිය සදු දින (25) තබන ලදි. 

එහි දී , මෙවර මහ කන්නයට අවශ්‍යය තරම් කාබනික පොහොර දිස්ත්‍රික්කය තුළ ම නිෂ්පාදනය වී ඇති දැයි විමර්ශනය කළ දිසාපතිතුමා හිඟයන් පවතින ප්‍රදේශයන් සඳහා ප්‍රමාණවත් කාබනික පොහොර සපයා ගැනීමට අවශ්‍ය විධිවිධානයන් ද ඒ මොහොතේම සපයා දෙන ලදි.  

පුත්තලම දිස්ත්‍රිකයේ මෙවර මහ කන්නය සඳහා සාර්ථක අනුබලයක් මෙම ගොවිජන සේවා සංවර්ධන නිළධාරීන්ගෙන් සහ කෘෂිකර්ම නිළධාරීන්ගෙන් තමන් අපේක්ෂා කරන බව පැවසූ දිසාපති තුමා, යම් ප්‍රදේශයකට ජලය සපයා ගැනීමේ හෝ වගාවන් සදහා හේතු වන වෙනත් යම් දුෂ්කරතාවයන් තිබේ දැයි  විමසන ලදි.

කාබනික පොහොර නිෂ්පාදකයා මෙන් ම කාබනික පොහොර භාවිතයෙන් වගාවන් සඳහා යොමු වන ගොවි මහතුන්ව ද සෑම විටම ඒ සඳහා දිරි ගැන්විය යුතු බවත්, කිසිදු විටෙක ඔවුන් නොමඟ යාමට ඉඩ නොතැබිය යුතු බවත් දිසාපතිතුමා විසින් අවධාරණය කරන ලදි.

புத்தளம் மாவட்டத்தில் இருந்து கரிம உர உற்பத்தியில் மேலும் ஒரு படி...!

மாவட்டத்தில் உள்ள அனைத்து கமநல சேவை அபிவிருத்தி உத்தியோகத்தர்கள் மற்றும் விவசாய பயிற்றுனர்களுக்கு அரசாங்க அதிபர் அழைப்பு...!

புத்தளம் மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி அவர்கள் திங்கட்கிழமை (25) கரிம உர உற்பத்தியில் மேலும் ஒரு படியை முன்னெடுத்துள்ளார்.

மாவட்டத்தில் மஹா பருவத்துக்கான அங்கக உர உற்பத்தியை அரசாங்க அதிபர் பார்வையிட்டதுடன்இ தட்டுப்பாடு நிலவும் பிரதேசங்களுக்கு போதியளவு அங்கக உரம் கொள்வனவு செய்வதற்கு தேவையான ஏற்பாடுகளை மேற்கொண்டார்.

புத்தளம் மாவட்டத்தில் மகா பருவத்திற்கான கமநல சேவைகள் அபிவிருத்தி உத்தியோகத்தர்கள் மற்றும் விவசாய உத்தியோகத்தர்களின் வெற்றிகரமான ஆதரவை எதிர்பார்ப்பதாக தெரிவித்த அரசாங்க அதிபர் ஒரு பிரதேசத்திற்கு நீர் வழங்குவதில் அல்லது பயிர்ச்செய்கையை ஏற்படுத்துவதில் வேறு ஏதேனும் சிரமங்கள் உள்ளதா எனவும் கேட்டறிந்தார்.

கரிம உரம் உற்பத்தி செய்பவர்களையும்இ கரிம உரங்களைப் பயன்படுத்தி பயிர்ச் செய்கையை மேற்கொள்ளும் விவசாயிகளையும் எப்பொழுதும் ஊக்குவிக்க வேண்டும் என்றும் அவர்கள் தவறாக வழிநடத்தப்படக்கூடாது என்றும் அரசாங்க அதிபர் வலியுறுத்தினார்.

7  12

 

2021 වර්ෂය සඳහා පාසල් නැවත විවෘත කිරීම - පුත්තලම දිස්ත්‍රික්කය

කෝවිඩ් 19 වසංගත තත්වය යටතේ 2021 වර්ෂය සඳහා පාසල් විවෘත කිරීමට පෙර සුදානම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දා (17.10.2021) වයඹ පාළාත් ආණ්ඩුකාරවර  අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

දරුවන් දෙසියයට අඩු පුත්තලම  අධ්‍යාපන කලාපය තුළ පාසල් 95ක් හා හලාවත අධ්‍යාපන කලාපය තුළ පාසල් 60ක් ඔක්තෝබර් මස 21 දින නැවත ආරම්භ කිරීම සඳහා පෙර සූදානම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.

මේ වන විට ක්‍රියාත්මක ගුරුභවතුන්ගේ වෘත්තීය ගැටළුකාරි තත්වය හේතුවෙන් හලාවත අධ්‍යාපන කලාපයේ කොට්ඨාශ කිහිපයක පාසල් ආරම්භ කිරීමේ පෙර සූදානමෙහි ගැටළු සහගත තත්වයක් ඇති බව මෙහිදි අනාවරණය විය. එහෙත් පාසල් 140කට වැඩි  සංඛ්‍යාවක අවට පරිසරය පිරිසිදු කිරීම හා පංතිකාමර සුදුසු පරිදි සකස් කිරිම  මේ වන විට සාර්ථකව සිදුවෙමින් තිබේ. දිස්ත්‍රික්කයේ දෙසියයට අඩු දරුවන් සිටින මුළු පාසල් සංඛ්‍යාව 155කි.

මෙම අවස්ථාවට  පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මයාදුන්නේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි මහතා , වයඹ පළාත් ප්‍රධාන ලේකම් පි.බි.එම්.සිරිසේන මහතා  ආණ්ඩුකාර ලේකම් නිතිඥ කමල් අමරසිංහ මහතා, වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ආර්.එම්.රත්නායක මහත්මිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එස්.ජයලත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.

1  6

3  9