පුත්තලම දිස්ත්‍රික්කයෙන් කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා යෝධ පියවරක්.

දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය සහ පොහොර ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද කාබනික පොහොර නිෂ්පාදකයින් සඳහා හමුවක් , දිස්ත්‍රික් දිසාපති කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි. මේ සදහා සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.එස්.ජී කරුණාරත්න මහත්මිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ බ.ප.ස.වි පතිරණ මහතා , සහකාර අධ්‍යක්ෂවරුන් වන ඩී.එම්.එස් දිසානායක මහතා සහ ජී.ජී හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ද සහභාගී විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වස විසෙන් තොර දේශීය අස්වැන්නක් සහ සෞභාග්‍යමත් හෙට දිනක් උදා කිරීමේ පරමාර්ථයෙන් සමස්ත දේශයම කාබනික පොහොර වගාවට යොමු කිරීමට අපේක්ෂා කරයි. රසායනික පොහොර භාවිතයෙන් මිදී සෑම වගාවකට ම කාබනික ‌පොහොර යොදා කෘෂිකර්මාන්තයෙන් ලෝකය දිනන්නට, නිරෝගී දරු පරපුරක් නිර්මාණය කරන්නට දරන මහත් වෑයමේ තවත් එක් යෝධ පියවරක් පසුගිය දා පුත්තලම දිස්ත්‍රික් දිසාපතිතුමා විසින් සනිටුහන් කරන ලදි.  

දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් කාබනික පොහොර නිෂ්පාදනයට දිරි ගැන්වීමටත්, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් එතුමා විසින් අපේක්ෂා කරන අතරම මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදනය කරන්නන් හට සුදුසු වෙළඳපළක් ලබා දීමටත් එතුමා මැදිහත් වී කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදි. රැස්ව සිටි පිරිස කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා දිරිමත් කළ එතුමා වැඩිදුරටත් පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කය යනු විශාල ස්වාභාවික සම්පත් රාශියක් පිහිටි වාසනාවන්ත භූමියක් බවයි. රසායනික පොහොර භාවිතය හේතුවෙන් වැළලී ගිය මෙම භූමියෙහි සරුසාර බවට නැවත පණ දීම රැස්ව සිටි පිරිස සතු බවත්, ඒ සඳහා ඔවුන්ගේ නොමසුරු දායකත්වය මේ සඳහා ලබා දෙන ලෙසත් දිසාපතිතුමා විසින් ඉල්ලා  සිටින ලදි.

දැනටමත් කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් සඳහා සිය නිෂ්පාදනයන් මහා පරිමාණයෙන් සිදු කිරීමට අවශය උපකරණ හා සම්පත් ලබා දීමට දිසාපති තුමා විසින් හැකි ඉක්මනින් පියවර ගන්නා බව ද  රැස්වීම අතරතුර සඳහන් කරන ලදි.   පස යට සැඟවී ඇති නිහඬ මාරයා පරාජය කිරීමට දැන් කාලය එළඹී ඇති බවත්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ හොත් ජයග්‍රහණය වැඩි ඈතක නොවන බව පවසන දිසාපතිතුමා, නිසි පෝෂණ සංඝටකවලින් සුපෝෂිත, ගුණාත්මක මට්ටමේ කාබනික පොහොර නිෂ්පාදනයේ දී අනුගමනය කළ යුතු නිසි තාක්ෂණික ක්‍රමවේදයත් ඒ සඳහා අනිවාර්යෙන් ම අනුගමනය කරන ලෙසත් රැස්ව සිටි පිරිස එතුමා විසින් දැනුවත් කරන ලදි.

කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා  නිෂ්පාදකවරුන් විසින් මුහුණ දෙන ප්‍රබලතම ගැට‍ළුව අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය අධික වීම බව රැස්ව සිටි පිරිස සිය අදහස් දක්වමින්  පවසා සිටි අතර ඒ සඳහා ද සුදුසු පරිදි නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන බව දිසාපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිෂ්පාදිත කාබනික පොහොර සඳහා දිස්ත්‍රික්කය තුළ  මෙන් ම සෙසු දිස්ත්‍රික්කය තුළ ද වෙළඳපළක් නිර්මාණය කර දී කාබනික පොහොර නිෂ්පාදකයා නඟා සිටුවීම  දිසාපතිතුමාගේ අපේක්ෂාව වන බව වැඩිදුරටත් සඳහන් කළ එතුමා ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද අවධානයෙන් සිටින බව පවසා සිටින ලදි.   

මෙම අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදකයන් විසි දෙදෙනකු පමණ සහභාගී වී සිටිය අතර ඔවුන් සියලු දෙනාම පවසා සිටියේ  දිස්ත්‍රික්කයක් වශයෙන් මෙම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිසාපතිතුමාගේ අවධානය සහ මූලිකත්වය ලැබීම ඔවුන් සියලු දෙනාට ම ශක්තියක් බවයි.

 

A giant step in the production of organic fertilizer from the Puttalam district

Meeting for Organic Fertilizer Producers organized by the District Agriculture Division and the Fertilizer Secretariat.

District Secretary Mr. K.G. Wijesiri presided over the function which was held on the 09th at the main auditorium of the District Secretariat. Mrs. W.M.S.G Karunaratne, Assistant District Secretary, Mr. B.P.S.V Pathirana, District Director of Agriculture and Assistant Directors of Fertilizer Mr. D.M.S Dissanayake, and Mr. G.G Harishchandra were also present.

Twenty two organic fertilizer producers from the Puttalam District were present at the event and all of them said that it is strength for all of them to receive the attention and leadership of the District Secretary for the production of this organic fertilizer.

 

4  1

පුත්තලම දිස්ත්රික්කයේ මහ කන්නයේ වී වගාව ආරම්භ වේ

සෑම වගාවකටම පූර්ණවශයෙන් කාබනික පොහොරයෙදීමට පියවර

ඉපනැල්ලේ මුං වගාවෙනුත් සරු අස්වැන්නක් - ගොවීන්ගෙන් සතුටුදායක ප්‍රතිචාර
පුත්තලම දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී වගාව ආරම්භ කිරීම සනිටුහන් කරමින් තබ්බෝව කන්න රැස්වීම දිස්ත්‍රික් ලේකම් ලේකම් කේ.ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් තබ්බෝව වාරි කේන්ද්‍රයේ දී දී පසුගිය 04 වන දින පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වගා කටයුතු පූර්ණ වශයෙන් කාබනික පෙහොර යොදා ගෙන සිදු කිරීමට ගොවි මහතුන් විසින් සිය කැමැත්ත සහ එකඟත්වය මෙහි දී ප්‍රකාශ කර සිටින ලදි.එම තීරණය වෙනුවෙන් දිසාපතිතුමා විසින් සියලූම ගොවි මහතුන් හටසිය ප්‍රශංසාව පුද කර සිටි අතර ශුභවාදී හැඟීමෙන් වගා කටයුතු ආරම්භ කර වසවිසෙන් තොර රන්අස්වනු නෙලා ගන්නට එතුමන්ගේ සුභ ප්‍රාර්ථථනාවන් ඔවුනට එක් කරන ලදි.

Paddy cultivation begins in the Maha season in  Puttalam District

Steps to apply full organic fertilizer to all crops.

Rich yield from green gram cultivation in Ipanella - Satisfactory response from farmers.

The Tabbowa Season Meeting was held on the 4th at the Tabbowa Irrigation Center under the patronage of District Secretary Mr. K.G Wijesiri to mark the commencement of paddy cultivation in the Puttalam District during the Maha season.

The District Secreatary expressed his willingness and consent to carry out the cultivation activities in the Puttalam District during the Maha season using fully organic manure. His best wishes were added to them to reap the golden harvest.

4  6

 

පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාව

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ත්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මඟින් (I – Road project) පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, පාලාවිය හංදියේ සිට පුත්තලම දක්වා මාර්ගය මංතීරු හතරක මාර්ගයක් ලෙස පුළුල් කිරීමට ද යෝජනා කර ඇත. උක්ත යෝජනාව ප්‍රකාරව මූලික වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මාර්ගය දෙපස ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති හෙයින් ඒ සම්බන්ධව වගකිවයුතු ආයතන සමඟ මූලික වටයේ සාකච්ඡාවක් 2021.08.04 දින දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ සඳහා පුත්තලම ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජී.පී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු එම්. ඒ.ඒ.ඩී ඩයස් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුත්තලම සහකාර ඉංජිනේරු ඩබ්. එච් වසන්ත කුමාර මහතා, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු එම්. නම්ජින් සහතා, දුම්රිය දෙපාර්තමේතුවෙහි ඉංජිනේරු ඩී.එස්.බී දිසානායක මහතා, මදුරන්කුලිය ප්‍රාදේශීය ගරු සභා සභාපති ආර්.එම් අංජන සඳරුවන් මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුතුමන් වන ආර්.එම්. එච්.කේ රන්දෙනි මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී වුණා.

මෙම ව්‍යාපෘතිය ආරම්භකර කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු සියල්ලම සාක්ච්ඡාවට ලක් කළ අතර, මේ සඳහා සියලුම පාර්ශවයන්ගේ දායකත්වය ලබා දෙන ලෙස දිසාපතිතුමා විසින් ඉල්ලීමක් ද කරන ලදි. මීළඟ රැස්වීම ප්‍රගතිය ද සමඟ නොබෝ දිනකින්ම පැවැත්වීමට ද තීරණය විය.

 

Special discussion on widening the Peliyagoda - Puttalam road

The Peliyagoda - Puttalam road will be widened by the (I - Road project) under the Road Development Authority and it is proposed to widen the road from Palaviya Junction to Puttalam into a four lane road. As per the above proposal, land acquisition activities are to be commenced on both sides of the road on which the relevant project is being implemented. It was held at the Puttalam District Secretariat under the patronage of District Secretary K.G. Wijesiri.

Puttalam Divisional Secretary Mrs S.A.Y.R Jayathilaka, Assistant Director - District Disaster Management Unit, Mr. G.P Dissanayake, Regional Electrical Engineer - Puttalam District. Mr. A.A.D Dias, Assistant Engineer - Sri Lanka Telecom Puttalam Mr. H. Wasantha Kumara, Senior Assistant Engineer - Water Supply and Drainage Boardb Namjin Sahatha, Engineer of the Railway Department Mr. D.S.B Dissanayake, Chairman - Madurankuliya Pradeshiya Sabha R.M Anjana Sandaruwan and Chief Engineer of the District Secretariat Mr. R.M.H.K Randeni, District Planning Director. Mrs. P. Sandanayake as well as Administrative Officer Mrs. S.H.A Semasinghe also participated.

 

3   4