“ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට”


ප්‍රගති සමාලෝචන රැස්වීම - පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනෙහි පුත්තලම විමර්ශන චාරිකාවෙන් අනතුරුව ගම්වාසීන් විසින් එතුමන් වෙත ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දීමේ වැඩපිලවෙළ යටතේ එම කර්තව්‍යයන්ට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීම 2021.07.17 දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික් දිසාපතිතුමන් වන කේ.ජි.විජේසිරි මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන් , සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන් මෙ න්ම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකතුමිය ද සහභාගී වුණා. එමෙන් ම දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ග්‍රාමීය හා පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු පාර්ලිමේනතු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් රහමාන් මැතිතුමා මෙන් ම අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා ද සහභාගී වුණා.
වාරි මාර්ග හා ගොවිජන සේවා ආයතනවලට සම්බන්ධව ඉදිරිපත් වූ ගැටළු පිළිබද ව ප්‍රථමයෙන් ම විමසීමට ලක්කල අතර අනුක්‍රමයෙන් කෘෂිකාර්මික ගැටළු පිළිබඳව ද, වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ගැටළු පිළිබදව ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ඉඩම් ගැටළු පිීළබඳව ද, අධ්‍යාපනික ක්ෂේත්‍රයට අයත් ගැටළු පිළිබඳව ද අවසානයේ ගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති වාර්ථා පිළිබඳව ද සාකච්ඡාවට භාජනය විය. උක්ත සඳහන් කළ විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට විසඳී ඇත ගැටළු පිළිබඳ විමසා බැලූ අතර තවමත් විසඳා ගත නොහැකිව පවතින ගැටළු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ අතර ඒ ඒ අදාළ ක්ෂේත්‍රයන්හි වගකිව යුතු රාජ්‍ය නිළධාරීන්ගේන් අදාළ ගැටළු තවමත් විසදා දීමට නොහැකි වූ හේතුන් ද දිසාපතිතුමන් විසින් එම අවස්ථාවේ දී විමසා සිටියා. ගැටළුව ඇති ස්ථානය නිවැරදිව හඳුනා ගෙන නිරවුල්බවකින් මෙම කර්තව්‍ය සිදු කළ යුතු බව පුත්තලම දිස්ත්‍රික් දිසාපතිතුමන් වන කේ.ජි.විජේසිරි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වසංගතය හේතුවෙන් මදක් පසුගාමී වුවත් මෙම වැඩසටහන පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එම නිසා සෑම දින 15 කට වරක් ම මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සලසා දෙන ලෙස ගරු රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමා, දිසාපතිතුමන් වන කේ.ජි.විජේසිරි මහතාගෙන් ඉල්ලා සිටි අතර මෙම අවස්ථාවට සහභාගී වූ ගරු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ ගරු ජනාධිපතිතුමා නැවත සිය දෙවන විමර්ශන චාරිකාව පුත්තලමට පැමිණීමට පෙර මෙම සියලූම ගැටළු විසදාලීමට සියලු දෙනාම එකතු වී කටයුතු කරන්නේ නම් මැනවි යන්නයි .
තව ද මෙම අවස්ථාව සඳහා ගැටළු පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක්ද සහභාගී වුණා......


gmsp 1 
      gmsp 8

gmsp 7       gmsp 3

gmsp 10       gmsp 4

gmsp 5       gmsp 2

 

 

සුළගින් පුත්තලමට ආපදා.........


පසුගිය දා හමාගිය තද සුළං හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් 50ක පමණ පුද්ගලයින් 110කට අධික පිරිසක් පිඩාවට පත් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා සඳහන් කළේය.
ඒ අනුව කරුවලගස්වැව, පුත්තලම, වනාතවිල්ලුව, කල්පිටිය, මහකුඹුක්කඩවල, ආරච්චිකට්ටුව, හලාවත, වෙන්නප්පුව, මහවැව , මාදම්පේ හා පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි දේපළ හා නිවාස හානි හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ එක් විහාරස්ථානයකට ද තද සුළං හේතුවෙන් හානි සිදු වී තිබෙනවා.
ආපදා සහන සේවා නිලධාරින් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැපයිමට කටයුතු කළ බව දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටියා.
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය හරහා (මාදම්පේ ) නුග ගසක් කඩා වැටීම හේතුවෙන් ඇතිව තිබූ ප්‍රවාහන අපහසුතා මගහරවා ගැනීමට එය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කළ බව දිසාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Disaster in Puttalam due to wind.........

More than 110 people from 50 families of several divisional secretariat divisions of Puttalam district have been victimized due to the strong winds that happened last day, Puttalam district secretary Mr K.G. Wijesiri mentioned.
Accordingly, people have been affected by property and house damage in Karuwalagaswewa, Puttalam, Vanathavilluwa, Kalpitiya, Mahakumbukkadawala, Arachchikattuwa, Chilaw, Wennappuwa, Mahawewa, Madampe and Pallama Divisional Secretariats.

One of the temples in the Puttalam Divisional Secretariat has also been damaged due to strong winds. Disaster Relief Service Officers worked quickly to provide relief to the affected peoples.
The District Secretary also said that a huge tree fell through the Chilaw Colombo main road (Madampe) Disaster Relief Service Officers was working to remove it quickly to avoid traffic difficulties.

 

d1     d2

d3     d4

d5     d6

පුත්තලම අභිනව දිස්ත්‍රික් ලේකම් වශයෙන් අද දින වැඩභාර ගත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.විජේසිරි මහතාට උණුසුම් සුබ පැතුම්... චිරං ජයතු

இன்று புத்தளத்தின் புதிய மாவட்ட செயலாளராக கடமைகளை ஏற்றுக்கொண்ட உள்துறை அமைச்சகத்தின் மேலதிக செயலாளர் திரு கே.ஜி.விஜேசிரிக்கு வாழ்த்துக்கள்...

Congratulations to Mr. K.G. Wijesiri, Additional Secretary to the Ministry of Home Affairs who assumed duties as the new District Secretary of Puttalam today(2021.06.17) ...

K.G. Wijesiri Sir