ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති අරමුදලින් ක්‍රියාත්මක කරනු ලබන දිවයිනේ සෑම පාසලකම ආර්ථික අපහසුතා සහිත එහෙත් අධ්‍යාපනික හා විෂයය සමගාමී ක්‍රියාකාරකම්වලට විශේෂ දක්ෂතා දක්වන1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්100,000 ක් හා අ.පො.ස.(උ/පෙ) විභාගයට පෙනී සිටින සිසුන් 6000ක් සඳහා පිරිනමන ලද ශිෂ්‍යත්ව වැඩසටහනෙහි
පුත්තලම දිස්ත්‍රික් ශිෂ්‍යත්ව ප්‍රධානය ස්ථාන දෙකකදී අද දින පැවැත්විණි. ඒ අනුව හලාවත අධ්‍යාපන කලාපයේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය මාදම්පේ සමුපකාර රංගශාලාවේ දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී පැවැත්විණි.
හලාවත අධ්‍යාපන කලාපයෙහි දරුවන් 339 දෙනෙකු ට මෙහිදී ශිෂ්‍යත්ව හිමි විය. පුත්තලම දිස්ත්‍රික්කයෙහි මුළු ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව 1308 දෙනෙකි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ඇතුළු දේශපාලන අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්)ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු සහ කාර්යාල නිලධාරීන් ,සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්, කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් , විදුහල්පතිවරු හා ගුරුබවතුන් සහ දෙමාපියන් සහභාගි වූහ.




















