මෙරට ඉතිහාසයට අඳුරු මතකයන් එක්කරමින් මිනිත්තු කිහිපයක් තුළ බොහෝ දෙනෙකුට සිය ආදරණියයන් අහිමි කළ ත්සුනාමී ව්‍යසනයට වසර 17ක් සපිරේ. එම ඛේදවාචකයෙන් දිවි අහිමි වූ ජනතාව සිහිපත් කරනු පිණිස ජාතික සුරක්ෂිතතා දින වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්විණ.
මෙම ව්‍යසනයෙන් අතුරුදහන් වූ හා මියගිය අයවළුන් සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වතාවත් හා විනාඩියක නිහැඩියාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් විසින් පැවැත්වන ලදි.
මෙම සුරක්ෂිතතා දිනයට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කළේය.
புத்தளம் மாவட்ட செயலகத்தில் தேசிய பாதுகாப்பு தினம் ......
இந்நாட்டின் வரலாற்றில் இருண்ட நினைவுகளைச் சேர்த்து, சில நிமிடங்களில் பலரைப் பலிவாங்கிய சுனாமி அனர்த்தம் நிகழ்ந்து இன்றுடன் 17 வருடங்களாகின்றன. இந்த அனர்த்தத்தில் உயிரிழந்த மக்களை நினைவு கூறும் வகையில் தேசிய பாதுகாப்பு தின நிகழ்வு மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி தலைமையில் அண்மையில் மாவட்ட செயலக வளாகத்தில் இடம்பெற்றது.
மாவட்ட செயலக அதிகாரிகள் ஒரு நிமிட சமய அனுஷ்டானமும் ஒரு நிமிடம் மௌன அஞ்சலியும் செலுத்தி, அனர்த்தத்தில் காணாமல் போனவர்களுக்கு அஞ்சலி செலுத்தினர்.
இந்த பாதுகாப்பு தினத்தை முன்னிட்டு மாவட்ட செயலக வளாகத்தில் மர நடுகை நிகழ்ச்சியும் இடம்பெற்றது.
மாவட்ட அனர்த்த முகாமைத்துவ பிரிவினால் இந்த நிகழ்ச்சி ஏற்பாடு செய்யப்பட்டிருந்தது.
Puttalam District Secretariat celebrates National Security Day ......
It has been 17 years since the tsunami disaster that claimed the lives of many people in a matter of minutes, adding dark memories to the history of this country. The National Safety Day program was held under the patronage of District Secretary KG Wijesiri at the District Secretariat premises recently to commemorate the people who lost their lives in the tragedy.
District Secretariat officials held a minute of religious observance and a minute of silence to pay their respects to those who went missing and died in the disaster.
A tree-planting program was also held at the District Secretariat premises to coincide with this Safety Day.
The program was organized by the District Disaster Management Unit.



තෘතියික හා කාර්මික අධ්යාිපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්ර ය සංවර්ධනය සඳහා වූ දිස්ත්රි ක් මෙහෙයුම් කමිටුව පසුගිය 21 වන දා පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ දිස්ත්‍රික්කයේ සියලූම නිළධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගී විය.
යෝජනා හා සාකච්ඡා වාරයේ දී සාකච්ඡා වූ ප්රීධානතම ගැටළුවක් වූයේ උසස් පෙළින් හෝ සාමාන්යල පෙළින් පාසලෙන් ඉවත් වන දමිළ මාධ්ය සිසුන්ට මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවන් දමිළ මාධ්‍යයෙන් හැදෑරීමට අවස්ථාවක් නොමැති බවයි.
අදාළ ගැටලුවට කඩිනම් විසදුමක් ලෙස මුලසුන හෙබවූ පුත්තලම දිස්ත්රිපක් දිසාපති කේ.ජී විජේසිරි මහතා පැවසූයේ වෘත්තීය පුහුණු පාඨමාලා දමිළ මාධ්යෙයෙනුත් ආරම්භ කිරීමට අව්යපශ්ය පියවර ගන්නා ලෙසයි. වෘත්තීය අධ්යාේපනයේ නියැලෙන දක්ෂ සිසුන් හඳුනා ගෙන ඔවුන් පුහුණු ගුරුවරුන් ලෙස බඳවා ගන්නේ නම් මෙය වඩාත් වඩාත් සාර්ථක ව්‍යායාමයක් වන බව මෙම අවස්ථාවට සහභාගී වූ ආණමඩුව කාර්මික විද්‍යාලයේ විදුහල්පති අයි. එස්. කේ ජයරත්න මහතාගේ අදහස විය.
පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී අතරමං වන තරුණ ජීවිත යහමඟට ගැනීමට ඇති වඩාත් සාර්ථක උපායමාර්ගය වෘත්තීය පුහුණු අධ්‍යාපනය බවත් , දේශීය මෙන් ම විදේශීය ශ්රාම වෙළඳපළ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍්‍ය ශ්ර ම බලකාය නිවැරදි මාර්ගෝපදේශනය මත රට තුළ නිෂ්පාදනය කිරීම සැමගේම රාජකාරිය බව පුත්තලම දිස්ත්රියක් දිසාපති කේ.ජී විජේසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදි.
புத்தளம் மாவட்டத்தில் அனைத்து திறன் பயிற்சி வகுப்புகளையும் தமிழில் ஆரம்பிப்பதற்கான புதிய யோசனை
மூன்றாம் நிலை மற்றும் தொழில்நுட்பக் கல்வி மற்றும் தொழிற்பயிற்சி கள மேம்பாட்டுக்கான மாவட்ட வழிகாட்டுதல் குழு கடந்த 21ம் தேதி நடந்தது. இதன்போது பிரதேச செயலாளர்கள் உட்பட இப்பிரதேசத்திற்கு உட்பட்ட மாவட்டத்தின் அனைத்து உத்தியோகத்தர்களும் கலந்துகொண்டனர்.
ஆலோசனைகள் மற்றும் கலந்துரையாடல் அமர்வின் போது பேசப்பட்ட முக்கிய விடயங்களில் ஒன்று, உயர்தரம் அல்லது சாதாரண தரத்தில் பாடசாலையை விட்டு வெளியேறும் தமிழ் வழி மாணவர்கள் தமிழ் ஊடகத்தில் இந்தத் தொழிற்பயிற்சி நெறிகளை மேற்கொள்வதற்கான வாய்ப்பு இல்லை.
கூட்டத்திற்கு தலைமை தாங்கிய புத்தளம் மாவட்ட அரசாங்க அதிபர் கே.ஜி.விஜேசிறி, தமிழ் மொழியிலும் தொழிற்பயிற்சி நெறிகளை ஆரம்பிப்பதற்கு தேவையான நடவடிக்கை எடுக்க வேண்டும் என்றார்.
பாடசாலைக் கல்வியினால் சீர்குலைந்து வரும் இளம் வயதினரை புனர்வாழ்வளிக்க தொழில் பயிற்சியே வெற்றிகரமான உத்தி எனவும், உள்நாட்டு மற்றும் வெளிநாட்டு தொழில் சந்தையை இனங்கண்டு கொள்வது அனைவரின் கடமை எனவும் சரியான வழிகாட்டுதலின் கீழ் நாட்டில் தேவையான மனிதவளத்தை உற்பத்தி செய்ய வேண்டும் எனவும் புத்தளம் மாவட்ட அரசாங்க அதிபர் திரு.கே.ஜி.விஜேசிறி தெரிவித்தார்.
New proposal to start all skills training courses in Puttalam District in Tamil…
District Steering Committee for Tertiary and Technical Education and Vocational Training Field Development was held on the 21st. All the officers of the district relevant to this subject area including the Divisional Secretaries were present at this occasion.
One of the main issues discussed during the suggestions was that Tamil medium students who drop out of advanced level or general level do not have the opportunity to take these vocational training courses in Tamil medium.
Puttalam District Government Agent K.G Wijesiri, who presided over the meeting, said that necessary steps should be taken to start vocational training courses in Tamil medium as well. Mr. KG Wijesiri, Government Agent, Puttalam District further stated that vocational training is the most successful strategy to rehabilitate the young lives that are being disrupted by school education and that it is the duty of everyone to identify the local as well as foreign labor market and produce the required manpower in the country under the right guidance.
|
|
![]() |
![]() |
උසස් අධ්‍යාපනයෙන් බැහැරව පාසල් හැර යන දරුවන් වඩුකර්මාන්ත ශිල්පය,පෙදරේරු ශිල්පය,කම්බි නැවුම් ශිල්පය ,ටයිල් ඇතුරුම් ශිල්පය සහ ජලනල කාර්මික ශිල්පය යන ක්ෂේත්‍රයන් හි වැඩබිම් පුහුණු පාඨමාලාවට ඇතුලත් කර ගැනීමේ “ශ්‍රම සිකුරු” වැඩසටහන පුත්තලම සහිරා විද්‍යාලයේ දී දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණ.
සියලු ශ්‍රි ලාංකිකයින් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උරදෙන මානව සම්පත් බිහිකිරීම ට නිපුණතාවයෙන් පිරි ශ්‍රමබලකායක් ඇති කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි.
අඩු ආදායම්ලාභී පවුල් වල වයස අවුරුදු 18 - 45 අතර තරුණ තරුණියන් ට මෙම පාඨමාලාව හැදෑරිය හැකිය. පාඨමාලා කාලසීමාව මාස 03කි. නිලඇදුම් කට්ටල දෙකක් සමඟ මසකට රු: 10,000/= බැගින් දිරිදීමනා හා වැඩබිම් පුහුණුවට අවශ්‍ය අත්පොත් සහ මෙවලම් සඳහා රු:5000/= ක දිරිදිමනා මොවුන්ට හිමි වේ.
පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයවළුන් සඳහා දෙස් විදෙස් පිළිගත් CIDA සහතිකයක් සමඟ ජාතික වෘත්තිය සුදුසුකම් සහතිකයක් (NVQ3) හිමි වේ.
මෙම වැඩසටහනට සමගාමීව සහිරා විද්‍යාලයෙහි රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.
මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විධායක නිලධාරී එඩ්වඩ් කොස්තා මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නියෝජනය කරමින් රිලා මහතා, සහිරා විද්‍යාලයේ විදුහල්පති අයි.ඒ.නජීම් මහතා සහභාගී වුහ.
“ஷ்ரம சிக்குரு” நிகழ்ச்சித் திட்டம் - புத்தளம் மாவட்டம்
புத்தளம் சாஹிரா கல்லூரியில் தச்சு, கொத்தனார், கம்பி கட்டுதல், ஓடுகள் இடுதல் மற்றும் பிளம்பிங் போன்றவற்றில் பாடசாலை செல்லாத பிள்ளைகளை உள்வாங்கும் 'ஷ்ரம சிக்குரு' நிகழ்ச்சித் திட்டம் பிரதானமாக இடம்பெற்றது.
இந்த பாடநெறியின் நோக்கம் அனைத்து இலங்கையர்களுக்கும் பெருமை சேர்க்கும் மற்றும் தேசத்தின் வளர்ச்சிக்கு பங்களிக்கும் மனித வளங்களை உற்பத்தி செய்வதற்கான திறமையான பணியாளர்களை உருவாக்குவதாகும்.
குறைந்த வருமானம் கொண்ட குடும்பங்களைச் சேர்ந்த 18-45 வயதுக்குட்பட்ட இளைஞர்கள் இந்தப் படிப்பை மேற்கொள்ளலாம். பாடநெறியின் காலம் 03 மாதங்கள். அவர்களுக்கு இரண்டு செட் சீருடைகளுடன் மாதம் ரூ.10,000/= ஊக்கத் தொகையும், ஆன்-சைட் பயிற்சிக்குத் தேவையான கையேடுகள் மற்றும் கருவிகளுக்கு ரூ.5000/= ஊக்கத் தொகையும் வழங்கப்படும்.
பயிற்சி வகுப்பை வெற்றிகரமாக முடிப்பவர்கள், உள்நாட்டில் அங்கீகரிக்கப்பட்ட CIDA சான்றிதழுடன் தேசிய தொழில்சார் தகுதிச் சான்றிதழையும் (NVQ3) பெறுவார்கள்.
இதேவேளை, ஸாஹிரா கல்லூரியில் மர நடுகை நிகழ்ச்சியும் ஆரம்பிக்கப்பட்டது.
இந்நிகழ்வில் கிராமிய வீடமைப்பு, நிர்மாண மற்றும் கட்டிடத் தொழில் ஊக்குவிப்பு அமைச்சின் நிர்வாக அதிகாரி திரு. எட்வர்ட் கோஸ்டா, தேசிய தொழிற்பயிற்சி மற்றும் கைத்தொழில் பயிற்சி அதிகார சபையை பிரதிநிதித்துவப்படுத்தும் திரு. ரிலா மற்றும் ஸாஹிரா கல்லூரியின் அதிபர் திரு. ஐ.ஏ. நஜீம் ஆகியோரும் கலந்துகொண்டனர்.
“Shrama Sikuru” Program - Puttalam District
The 'Shrama Sikuru' program to enroll out-of-school children in carpentry, masonry, wireframing, tile laying, and plumbing is being conducted at Zahira College, Puttalam was held.
The aim of this course is to create a skilled workforce to produce human resources that will instill pride in all Sri Lankans and contribute to the development of the nation.
Young people between the ages of 18-45 from low-income families can take this course. The duration of the course is 03 months. They will receive an incentive of Rs. 10,000 / = per month with two sets of uniforms and an incentive of Rs. 5000 / = for manuals and tools required for on-site training.
Those who successfully complete the training course will receive a National Vocational Qualification Certificate (NVQ3) along with a locally-recognized CIDA certificate.
Simultaneously, a tree-planting program was launched at Zahira College.
Mr. Edward Costa, Executive Officer, State Ministry of Rural Housing and Construction and Building Industry Promotion, Mr. Rila on behalf of the National Apprenticeship and Industrial Training Authority, and Mr. I.A Najeem, Principal, Zahira College was also present on the occasion.
![]() |
![]() |
![]() |
|
රාජ්‍ය කළමනාකරණ සේවා පළමු ශ්‍රේණියේ නිලධාරින්ට සම්පූර්ණ කිරිමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය නිදහස් කිරීම වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ පුත්තලම දිස්ත්‍රික්කයේ නිලධාරීන් 22දෙනෙකු ට සහතික පත් ප්‍රදානය කිරිම දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
Certificates awarded to Public Management Services First Grade Officers.
District Secretary KG Wijesiri presented certificates at the District Secretariat Auditorium to 22 officers of the Puttalam District who successfully completed the training program for the release of the Efficiency Bar Examination to be completed for the Public Management Services Grade I officers.
பொது முகாமைத்துவ சேவைகள் முதல் தர அதிகாரிகளுக்கு சான்றிதழ்கள் வழங்கப்பட்டன.
அரச முகாமைத்துவ சேவைகள் தரம் I உத்தியோகத்தர்களுக்கான வினைத்திறன் தடை தாண்டல் பரீட்சைக்கான பயிற்சித் திட்டத்தை வெற்றிகரமாக நிறைவு செய்த புத்தளம் மாவட்டத்தைச் சேர்ந்த 22 உத்தியோகத்தர்களுக்கான சான்றிதழ்களை மாவட்டச் செயலக கேட்போர் கூடத்தில் மாவட்டச் செயலாளர் கே.ஜி.விஜேசிறி வழங்கி வைத்தார்.


Puttalam District Secretary K.G Wijesiri stated that the main road was cut near the gate of the railway crossing on the old Puttalam-Anuradhapura road and rainwater was allowed to drain.
People in Puttalam South, East, and Senakuduirippuwa Grama Niladhari Divisions are suffering due to improper drainage of rainwater. He said that as a quick solution to this problem, the road was cut and the water was drained. This work has been started last night (30).
Puttalam Police requests the public to use alternative routes instead of this road.
පුත්තලම අනුරාධපුර පරණ මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම පොලිසිය ඉල්ලා සිටියි.
පුත්තලම අනුරාධපුර පරණ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයෙහි ගේට්ටුව අසලින් ප්‍රධාන මාර්ගය කපා වැසි ජලය බැස යාමට සැලසූ බව පුත්තලම දිස්ත්රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා ප්‍රකාශ කරයි.
වැසි ජලය නිසි ලෙස බැහැර නොයෑම නිසා පුත්තලම දකුණ, නැගෙනහිර හා සේනකුඩුඉරුප්පුව ග්‍රාමනිලධාරී වසම් හි ජනතාව ආපදාවට ලක්ව සිටිති. ඊට කඩිනම් විසදුමක් ලෙස මෙලෙස මාර්ගය කපා ජලය බැහැර කිරීම කළ බව ඒ මහතා සඳහන් කළේය. පසුගිය දා (30) රාත්‍රියේ මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.
මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
பழைய அனுராதபுரம் - புத்தளம் வீதியை தவிர்த்து மாற்று வீதிகளை பயன்படுத்துமாறு புத்தளம் பொலிஸார் பொதுமக்களிடம் கோரிக்கை விடுத்துள்ளனர்.
புத்தளம் - அநுராதபுரம் பழைய வீதியில் புகையிரத கடவையின் வாயிலுக்கு அருகில் பிரதான வீதி வெட்டப்பட்டு மழை நீர் வடிந்தோடியதாக புத்தளம் மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி தெரிவித்தார்.
புத்தளம் தெற்கு, கிழக்கு மற்றும் சேனக்குடியிருப்பு கிராம உத்தியோகத்தர் பிரிவுகளில் மழைநீர் சரியாக வடிகால் இல்லாததால் மக்கள் அவதிப்படுகின்றனர். இப்பிரச்னைக்கு விரைவான தீர்வாக அவ் வீதியை வெட்டி தண்ணீர் வெளியேற்றப்பட்டது என்று புத்தளம் மாவட்ட செயலாளர் தெரிவித்தார். இதற்கான பணிகள் நேற்று (30) இரவு ஆரம்பிக்கப்பட்டுள்ளன.
இதனால் இந்த வீதியை தவிர்த்து மாற்று வழிகளை பயன்படுத்துமாறு புத்தளம் பொலிஸார் பொதுமக்களிடம் கோரிக்கை விடுத்துள்ளனர்.
![]() |
![]() |
![]() |
|
People in 20 Grama Niladhari Divisions in Chilaw, Kalpitiya, Arachchikattuwa and Wennappuwa Divisional Secretariats are still affected by the floods due to the inclement weather. This was stated by Mr. G. Wijesiri.
Kalpitiya Alankudawa Grama Niladhari Division and Wennappuwa Randiyagama Division will be provided with cooked food continuously as the water has not receded for twenty days. Motorized dewatering of the area is now in progress.
7916 out of 2193 families in the district have been affected due to the rains that fell on 25.11.21 and 28.11.21. 1716 persons from 501 families are being held in relatives' houses. Two safe refuges have been established. The District Secretary said that 64 persons belonging to 14 families were detained in them.
The Disaster Management Center (DDC) in collaboration with the Chilaw Pradeshiya Sabha said that backhoes were used to repair the drainage system and install culverts in the Queenwatta area in the Eastern Karavitagara Grama Niladhari Division in the Chilaw Divisional Secretariat Division.
The Nuga tree that had fallen across the road to the Abdeen School in Puttalam 617 C Thambapanni Division on the night of the 27th has been removed by the Disaster Management Center in collaboration with the Municipal Council by the next morning.
දින විස්සක් පුරා ජලය බැස නොයැම හේතුවෙන් වෙන්නප්පුව හා කල්පිටිය ජනතාව පීඩාවට
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හලාවත, කල්පිටිය, ආරච්චිකට්ටුව, වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග්‍රාම නිළධාරී වසම් විස්සක ජනතාව තවදුරටත් ගංවතුරින් පීඩාවට ලක්ව සිටින බව දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
කල්පිටිය ආලංකුඩාව ග්‍රාම නිළධාරී වසම හා වෙන්නප්පුව රංදියගම වසමෙහි දින විස්සක් පුරා ජලය බැස නොයෑම නිසා එහි ජනතාවට අඛණ්ඩව පිසූ ආහාර ලබා දීම සිදු කෙරේ. මෝටර් යොදා එම වසම්හි ජලය ඉවත් කිරීම මේ වන විට ක්‍රියාත්මකය.
2021.11.25 දින හා 28 දිනයන් හි පැවති වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 2193 ක 7916 දෙනෙකු පීඩාවට ලක්ව ඇත. ඥාති නිවෙස් හි පවුල් 501 ක පුද්ගලයින් 1716 දෙනෙකු රඳවා සිටිති. ආරක්ෂිත ස්ථාන 02ක් ස්ථාපිත කර තිබේ. ඒවායෙහි පවුල් 14ක පුද්ගලයින් 64 දෙනෙකු රඳවා ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.
හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර කරවිටාගාර ග්‍රාම නිළධාරී වසමෙහි පිහිටි කුවීන් වත්ත ප්‍රදේශයේ වැසි ජලය බැස නොයෑමේ ආපදා තත්ත්වය මඟ හැරවීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා කාණු පද්ධතිය සැකසීම හා බෝක්කු කැට යෙදීම හලාවත ප්‍රාදේශීය සභාව හා එක්ව ක්‍රියාත්මක කළ බව දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
පුත්තලම 617 C තම්බපණ්ණී වසමෙහි පිහිටි ආබ්දීන් පාසලට යන මාර්ගය හරහා 27 දින රාත්‍රීයේ වැටී තිබූ නුග ගස පසුදින උදෑසන වන විට නගර සභාව හා එක්ව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉවත් කර තිබේ.
வென்னப்புவ மற்றும் கல்பிட்டியில் 20 நாட்களாக நீர் வெளியேற்றப்படாமையால் மக்கள் பாதிக்கப்பட்டுள்ளனர்
சீரற்ற காலநிலை காரணமாக சிலாபம், கல்பிட்டி, ஆராச்சிக்கட்டுவ மற்றும் வென்னப்புவ பிரதேச செயலகப் பிரிவுகளில் உள்ள 20 கிராம சேவையாளர் பிரிவுகளில் மக்கள் இன்னமும் வெள்ளத்தினால் பாதிக்கப்பட்டுள்ளனர். இவ்வாறு திரு.ஜி.விஜேசிறி தெரிவித்தார்.
கல்பிட்டி ஆலங்குடாவ கிராம உத்தியோகத்தர் பிரிவு மற்றும் வென்னப்புவ ரண்டியகம பிரிவுக்கு இருபது நாட்களாக நீர் வடியாததால் சமைத்த உணவு தொடர்ச்சியாக வழங்கப்படும். களத்தின் மோட்டார் மூலம் நீர்நீக்கம் இப்போது நடந்து வருகிறது.
25.11.21 மற்றும் 28.11.21 ஆகிய நாட்களில் பெய்த மழையினால் மாவட்டத்தில் 2193 குடும்பங்களில் 7916 பேர் பாதிக்கப்பட்டுள்ளனர். 501 குடும்பங்களைச் சேர்ந்த 1716 பேர் உறவினர் வீடுகளில் தங்க வைக்கப்பட்டுள்ளனர். இரண்டு பாதுகாப்பான புகலிடங்கள் அமைக்கப்பட்டுள்ளன. அவற்றில் 14 குடும்பங்களைச் சேர்ந்த 64 பேர் தடுத்து வைக்கப்பட்டுள்ளதாக மாவட்டச் செயலாளர் தெரிவித்தார்.
சிலாபம் பிரதேச செயலகப் பிரிவில் கிழக்கு கரவிடகரை கிராம சேவையாளர் பிரிவில் குயின்வத்த பிரதேசத்தில் வடிகாலமைப்புச் சீர்திருத்தம் மற்றும் மதகுகளை நிறுவுவதற்கு பேக்கோ இயந்திரங்கள் பயன்படுத்தப்பட்டதாக சிலாபம் பிரதேச சபையுடன் இணைந்து அனர்த்த முகாமைத்துவ நிலையம் தெரிவித்துள்ளது.
புத்தளம் 617 சி தம்பபன்னி பிரிவுக்குட்பட்ட அப்தீன் பாடசாலை செல்லும் வீதியில் கடந்த 27ஆம் திகதி இரவு வீழ்ந்திருந்த நுக மரம், அனர்த்த முகாமைத்துவ நிலையத்தினால் மாநகர சபையின் ஒத்துழைப்புடன் மறுநாள் காலைக்குள் அகற்றப்பட்டுள்ளது.

විදෙස් මෙහෙවර අගයනු පිණිස යි!
විගමනික දෙමාපිය දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය - පුත්තලම දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කයේ විදේශ රැකියාවන්හි නියුතු දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය 8 වන සඳුදා දින පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
வெளிநாட்டுப் பணியைப் பாராட்ட!
புலம்பெயர்ந்த பெற்றோர் மற்றும் பிள்ளைகளுக்கான புலமைப்பரிசில்கள் - புத்தளம் மாவட்டம்
புத்தளம் மாவட்டத்தில் வெளிநாட்டில் பணிபுரியும் பெற்றோரின் பிள்ளைகளுக்கான புலமைப்பரிசில் வழங்கும் நிகழ்வு கடந்த 8 ஆம் திகதி திங்கட்கிழமை புத்தளம் பிரதேச செயலக பிரதான கேட்போர் கூடத்தில் இடம்பெற்றது. வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு மற்றும் சந்தை பல்வகைப்படுத்தல் அரச அமைச்சின் கீழ் இயங்கும் இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகம் இந்த நிகழ்ச்சித்திட்டத்தை ஏற்பாடு செய்துள்ளது.
To appreciate the foreign mission!
Scholarships for Emigrant Parents and Children - Puttalam District
The scholarship ceremony for the children of parents working abroad in the Puttalam District was held on Monday the 8th at the main auditorium of the Puttalam Divisional Secretariat. The program was organized by the Sri Lanka Bureau of Foreign Employment, which operates under the State Ministry of Foreign Employment Promotion and Market Diversification.


District Secretary KG Wijesiri stated that 1,32,375 persons living in 38298 families in the Puttalam District have been affected by the adverse weather conditions for the past 10 days.
අයහපත් කාලගුණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව පීඩාවට
පවතින අයහහපත් කාලගුණ තත්වය හේතුවෙන් 10 දින වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 38298 වෙසෙන පුද්ගලයින් 1,32,375 දෙනෙකු පීඩාවට ලක් ව ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා කියා සිටියි.
சீரற்ற காலநிலையினால் புத்தளம் மாவட்ட மக்கள் பாதிக்கப்பட்டுள்ளனர்.
புத்தளம் மாவட்டத்தில் கடந்த 10 நாட்களாக நிலவும் சீரற்ற காலநிலையினால் 38298 குடும்பங்களைச் சேர்ந்த 1,32,375 பேர் பாதிக்கப்பட்டுள்ளதாக மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி தெரிவித்துள்ளார்.


Puttalam Meteorological Department Premises, DIG's Office Premises, Archaeological Department Premises, Andrew's College, Municipal Council Office Premises, Divisional Secretariat, Sri Lanka Telecom and other Institutions.
The premises of the Nawagattegama Divisional Secretariat has also been inundated due to the prevailing disaster situation, District Secretary KG Wijesiri said. Due to the opening of the sluice gates of the Thinipitiya tank, the Mahawewa and Madampe roads on the Colombo-Chilaw main road were inundated on the evening of the 9th, disrupting traffic.
Three deaths have been reported so far due to the floods. They are from Wanathawilluwa, Mahakumbukkadawala and Mahawewa Divisional Secretariats. One person is missing. He is a member of the Mundalama Divisional Secretariat. 204 Grama Niladhari Divisions in 16 Divisional Secretariat Divisions in the District have been affected by rains, floods, and winds by the evening of the 9th, the District Secretary said. The total number of affected family units is 22217. 78614 persons. So far 05 small and medium scale enterprises and 22 partial and partial house damages have been reported.
There are 4689 persons detained in 1418 family units in relatives' houses. So far 21 safe havens have been established. He said that 5234 persons belonging to 1637 families are detained in them. The distribution of cooked food is in progress in Mundalama, Karuwalagaswewa, Wanathawilluwa, Puttalam, Mahakumbukkadawala, Arachchikattuwa, Chilaw, Kalpitiya, Pallama and Mahawewa Divisional Secretariats.
District Secretary KG Wijesiri further stated that backhoes were used in Wanathawilluwa, Mundalama, Arachchikattuwa, Wennappuwa, Chilaw and Mahawewa Divisional Secretariats to remove the obstructions.
පුත්තලම නගරය අවට රාජ්‍ය ආයතන කිහියක් ජලයෙන් යටවේ......
පුත්තලම නෙළුම් කුලම වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ජලය පිටාර ගැලීම නිසා පුත්තලම නගරයේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල පරිශ්‍රය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය, ඇන්ඩෘ විද්‍යාලය, නගර සභා කාර්යාල පරිශ්‍රය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන කිහිපයක් ජලයෙන් යට වී තිබේ. නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය ද පවතින ආපදා තත්වය හේතුවෙන් ජලයෙන් යට වී ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
තිණිපිටිය වැවෙහි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මහවැව සහ මාදම්පේ මාර්ගය 09 දින සවස වන විට ජලයෙන් යට වී ගමනාගමනය ට බාධා ඇති විය.
ගංවතුර හේතුවෙන් පුද්ගල මරණ 03ක් මේ වන විට වාර්තා වී ඇත. ඔවුන් වනාතවිල්ලුව , මහකුඹුක්කඩවල සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අයවළුන් ය. එක් අයෙකු අතුරු දහන් වී ඇත. ඔහු මුන්දලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අයෙකි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 යෙහි ග්‍රාමනිලධාරී වසම් 204ක් 09 දින සවස වන විට වර්ෂාව, ජලගැලීම්,ගංවතුර හා සුළං හේතුවෙන් ආපදාවට ලක් ව ඇති බව දිසාපතිවරයා කියා සිටියි. බලපෑමට ලක් වූ මුළු පවුල් ඒකක සංඛ්‍යාව 22217කි. පුද්ගලයින් 78614කි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 05ක් අර්ධ හා පාර්ශවීය නිවාස හානි 22ක් මේ වන විට වාර්තා වී තිබේ. ඥාති නිවාසයන් හි පවුල් ඒකක 1418ක පුද්ගලයින්4689 දෙනෙකු රඳවා තිබේ. ආරක්ෂිත ස්ථාන 21ක් මේ වන විට ස්ථාපිත කර ඇත. ඒවායෙහි පවුල් 1637ක පුද්ගලයින් 5234 දෙනෙකු රඳවා ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මුන්දලම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, පුත්තලම, මහකුඹුක්කඩවල, ආරච්චිකට්ටුව, හලාවත, කල්පිටිය,පල්ලම, මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි පිසු ආහාර ලබා දීම මේ වන විට ක්‍රියාත්මක වේ.
වනාතවිල්ලුව,මුන්දලම,ආරච්චිකට්ටුව,වෙන්නප්පුව,හලාවත,මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි බැකෝ යන්තු යොදා කාණු කපා අවහිරතා ඉවත් කළ බව දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
புத்தளத்தை சுற்றியுள்ள பல அரச நிறுவனங்கள் வெள்ளத்தில்...
புத்தளம் வளிமண்டலவியல் திணைக்கள வளாகம்இ பிரதி பொலிஸ் மா அதிபர் அலுவலக வளாகம்இ தொல்பொருள் திணைக்கள வளாகம்இ அன்ட்ரூஸ் கல்லூரிஇ மாநகர சபை அலுவலக வளாகம்இ பிரதேச செயலகம்இ ஸ்ரீலங்கா டெலிகொம் மற்றும் ஏனைய நிறுவனங்கள் வெள்ளத்தில் மூழ்கியுள்ளன .
நிலவும் அனர்த்த நிலைமை காரணமாக நவகத்தேகம பிரதேச செயலக வளாகமும் வெள்ளத்தில் மூழ்கியுள்ளதாக மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி தெரிவித்துள்ளார். தினிப்பிட்டிய குளத்தின் வான் கதவுகள் திறக்கப்பட்டதன் காரணமாக கடந்த 9ஆம் திகதி மாலை கொழும்பு – சிலாபம் பிரதான வீதியின் மஹாவெவ மற்றும் மாதம்பே வீதிகள் வெள்ளத்தில் மூழ்கியதால் போக்குவரத்துக்கு இடையூறு ஏற்பட்டது.
வெள்ளம் காரணமாக இதுவரை 3 பேர் உயிரிழந்துள்ளனர். இவர்கள் வனாத்தவில்லுவஇ மஹகும்புக்கடவல மற்றும் மஹாவெவ பிரதேச செயலகப் பிரிவுகளைச் சேர்ந்தவர்கள். ஒருவர் காணவில்லை. இவர் முந்தலம பிரதேச செயலக உறுப்பினராவார். மாவட்டத்தில் 16 பிரதேச செயலாளர் பிரிவுகளிலுள்ள 204 கிராம சேவையாளர் பிரிவுகள் கடந்த 9 ஆம் திகதி மாலை வரை மழைஇ வெள்ளம் மற்றும் காற்றினால் பாதிக்கப்பட்டுள்ளதாக அரசாங்க அதிபர் தெரிவித்தார்.
பாதிக்கப்பட்ட குடும்ப அலகுகளின் மொத்த எண்ணிக்கை 22217. 78614 நபர்கள். இதுவரை 05 சிறிய மற்றும் நடுத்தர நிறுவனங்களும்இ 22 பகுதி மற்றும் பகுதி வீடுகளும் சேதமாகியுள்ளன.1418 குடும்பங்களில் 4689 பேர் உறவினர் வீடுகளில் தடுத்து வைக்கப்பட்டுள்ளனர். இதுவரை 21 பாதுகாப்பான புகலிடங்கள் ஏற்படுத்தப்பட்டுள்ளன. அவற்றில் 1637 குடும்பங்களைச் சேர்ந்த 5234 பேர் தடுத்து வைக்கப்பட்டுள்ளதாக அவர் கூறினார்.
முந்தலமஇ கருவலகஸ்வெவஇ வனாத்தவில்லுவஇ புத்தளம்இ மஹகும்புக்கடவலஇ ஆராச்சிக்கட்டுவஇ சிலாபம்இ கல்பிட்டிஇ பல்லம மற்றும் மஹவெவ பிரதேச செயலகப் பிரிவுகளில் சமைத்த உணவு விநியோகம் இடம்பெற்று வருகின்றது.
வனாத்தவில்லுவஇ முந்தலமஇ ஆராச்சிக்கட்டுவஇ வென்னப்புவஇ சிலாபம்இ மஹாவெவ ஆகிய பிரதேச செயலகங்களில் தடைகளை அகற்றுவதற்காக பேக்கோ இயந்திரங்கள் பயன்படுத்தப்பட்டதாக மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி மேலும் தெரிவித்தார்.


Government Agent summons all Agrarian Service Development Officers and Agriculture Instructors in the District ...!
Puttalam District Secretary KG Wijesiri took another step forward in the production of organic fertilizer on Monday (25).
The District Secretary inspected the production of organic manure in the district for the Maha season and made the necessary arrangements to procure adequate organic manure for the areas where there is a shortage.
He further said that he expects successful support from the Agrarian Services Development Officers and Agriculture Officers for the Maha season in the Puttalam District and asked if there were any other difficulties in supplying water to an area or causing cultivation. Further, The District Secretary emphasized that the producer of organic fertilizer as well as the farmers who resort to cultivation using organic fertilizer should always be encouraged to do so and they should never be misled.
කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා පුත්තලම දිස්ත්‍රික්කයෙන් තවත් ඉදරි පියවරක්...!
දිසාපතිතුමා විසින් දිස්ත්‍රික්කයේ සියලූම ගොවිජන සේවා සංවර්ධන නිළධාරීන් සහ කෘෂිකර්ම උපදේශකවරුන් කැදවයි...!
කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා පුත්තලම දිස්ත්රික් ලේකම් කේ.ජී විජේසිරි මහතා විසින් තවත් ඉදිරි පියවරක් පසුගිය සදු දින (25) තබන ලදි.
එහි දී , මෙවර මහ කන්නයට අවශ්‍යය තරම් කාබනික පොහොර දිස්ත්‍රික්කය තුළ ම නිෂ්පාදනය වී ඇති දැයි විමර්ශනය කළ දිසාපතිතුමා හිඟයන් පවතින ප්‍රදේශයන් සඳහා ප්‍රමාණවත් කාබනික පොහොර සපයා ගැනීමට අවශ්‍ය විධිවිධානයන් ද ඒ මොහොතේම සපයා දෙන ලදි.
පුත්තලම දිස්ත්‍රිකයේ මෙවර මහ කන්නය සඳහා සාර්ථක අනුබලයක් මෙම ගොවිජන සේවා සංවර්ධන නිළධාරීන්ගෙන් සහ කෘෂිකර්ම නිළධාරීන්ගෙන් තමන් අපේක්ෂා කරන බව පැවසූ දිසාපති තුමා, යම් ප්‍රදේශයකට ජලය සපයා ගැනීමේ හෝ වගාවන් සදහා හේතු වන වෙනත් යම් දුෂ්කරතාවයන් තිබේ දැයි විමසන ලදි.
කාබනික පොහොර නිෂ්පාදකයා මෙන් ම කාබනික පොහොර භාවිතයෙන් වගාවන් සඳහා යොමු වන ගොවි මහතුන්ව ද සෑම විටම ඒ සඳහා දිරි ගැන්විය යුතු බවත්, කිසිදු විටෙක ඔවුන් නොමඟ යාමට ඉඩ නොතැබිය යුතු බවත් දිසාපතිතුමා විසින් අවධාරණය කරන ලදි.
புத்தளம் மாவட்டத்தில் இருந்து கரிம உர உற்பத்தியில் மேலும் ஒரு படி...!
மாவட்டத்தில் உள்ள அனைத்து கமநல சேவை அபிவிருத்தி உத்தியோகத்தர்கள் மற்றும் விவசாய பயிற்றுனர்களுக்கு அரசாங்க அதிபர் அழைப்பு...!
புத்தளம் மாவட்ட செயலாளர் கே.ஜி.விஜேசிறி அவர்கள் திங்கட்கிழமை (25) கரிம உர உற்பத்தியில் மேலும் ஒரு படியை முன்னெடுத்துள்ளார்.
மாவட்டத்தில் மஹா பருவத்துக்கான அங்கக உர உற்பத்தியை அரசாங்க அதிபர் பார்வையிட்டதுடன்இ தட்டுப்பாடு நிலவும் பிரதேசங்களுக்கு போதியளவு அங்கக உரம் கொள்வனவு செய்வதற்கு தேவையான ஏற்பாடுகளை மேற்கொண்டார்.
புத்தளம் மாவட்டத்தில் மகா பருவத்திற்கான கமநல சேவைகள் அபிவிருத்தி உத்தியோகத்தர்கள் மற்றும் விவசாய உத்தியோகத்தர்களின் வெற்றிகரமான ஆதரவை எதிர்பார்ப்பதாக தெரிவித்த அரசாங்க அதிபர் ஒரு பிரதேசத்திற்கு நீர் வழங்குவதில் அல்லது பயிர்ச்செய்கையை ஏற்படுத்துவதில் வேறு ஏதேனும் சிரமங்கள் உள்ளதா எனவும் கேட்டறிந்தார்.
கரிம உரம் உற்பத்தி செய்பவர்களையும்இ கரிம உரங்களைப் பயன்படுத்தி பயிர்ச் செய்கையை மேற்கொள்ளும் விவசாயிகளையும் எப்பொழுதும் ஊக்குவிக்க வேண்டும் என்றும் அவர்கள் தவறாக வழிநடத்தப்படக்கூடாது என்றும் அரசாங்க அதிபர் வலியுறுத்தினார்.

2021 වර්ෂය සඳහා පාසල් නැවත විවෘත කිරීම - පුත්තලම දිස්ත්‍රික්කය
කෝවිඩ් 19 වසංගත තත්වය යටතේ 2021 වර්ෂය සඳහා පාසල් විවෘත කිරීමට පෙර සුදානම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දා (17.10.2021) වයඹ පාළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
දරුවන් දෙසියයට අඩු පුත්තලම අධ්‍යාපන කලාපය තුළ පාසල් 95ක් හා හලාවත අධ්‍යාපන කලාපය තුළ පාසල් 60ක් ඔක්තෝබර් මස 21 දින නැවත ආරම්භ කිරීම සඳහා පෙර සූදානම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.
මේ වන විට ක්‍රියාත්මක ගුරුභවතුන්ගේ වෘත්තීය ගැටළුකාරි තත්වය හේතුවෙන් හලාවත අධ්‍යාපන කලාපයේ කොට්ඨාශ කිහිපයක පාසල් ආරම්භ කිරීමේ පෙර සූදානමෙහි ගැටළු සහගත තත්වයක් ඇති බව මෙහිදි අනාවරණය විය. එහෙත් පාසල් 140කට වැඩි සංඛ්‍යාවක අවට පරිසරය පිරිසිදු කිරීම හා පංතිකාමර සුදුසු පරිදි සකස් කිරිම මේ වන විට සාර්ථකව සිදුවෙමින් තිබේ. දිස්ත්‍රික්කයේ දෙසියයට අඩු දරුවන් සිටින මුළු පාසල් සංඛ්‍යාව 155කි.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මයාදුන්නේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි මහතා , වයඹ පළාත් ප්‍රධාන ලේකම් පි.බි.එම්.සිරිසේන මහතා ආණ්ඩුකාර ලේකම් නිතිඥ කමල් අමරසිංහ මහතා, වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ආර්.එම්.රත්නායක මහත්මිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එස්.ජයලත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.


පුත්තලම දිස්ත්‍රික්කයෙන් කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා යෝධ පියවරක්.
දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය සහ පොහොර ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද කාබනික පොහොර නිෂ්පාදකයින් සඳහා හමුවක් , දිස්ත්‍රික් දිසාපති කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයී ය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ සදහා සහකාර දිස්ත්රික් ලේකම් ඩබ්.එම්.එස්.ජී කරුණාරත්න මහත්මිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ බ.ප.ස.වි පතිරණ මහතා , සහකාර අධ්‍යක්ෂවරුන් වන ඩී.එම්.එස් දිසානායක මහතා සහ ජී.ජී හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ද සහභාගී විය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වස විසෙන් තොර දේශීය අස්වැන්නක් සහ සෞභාග්‍යමත් හෙට දිනක් උදා කිරීමේ පරමාර්ථයෙන් සමස්ත දේශයම කාබනික පොහොර වගාවට යොමු කිරීමට අපේක්ෂා කරයි. රසායනික පොහොර භාවිතයෙන් මිදී සෑම වගාවකට ම කාබනික පොහොර යොදා කෘෂිකර්මාන්තයෙන් ලෝකය දිනන්නට, නිරෝගී දරු පරපුරක් නිර්මාණය කරන්නට දරන මහත් වෑයමේ තවත් එක් යෝධ පියවරක් පසුගිය දා පුත්තලම දිස්ත්‍රික් දිසාපතිතුමා විසින් සනිටුහන් කරන ලදි.
දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් කාබනික පොහොර නිෂ්පාදනයට දිරි ගැන්වීමටත්, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් එතුමා විසින් අපේක්ෂා කරන අතරම මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදනය කරන්නන් හට සුදුසු වෙළඳපළක් ලබා දීමටත් එතුමා මැදිහත් වී කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදි. රැස්ව සිටි පිරිස කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා දිරිමත් කළ එතුමා වැඩිදුරටත් පවසා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කය යනු විශාල ස්වාභාවික සම්පත් රාශියක් පිහිටි වාසනාවන්ත භූමියක් බවයි. රසායනික පොහොර භාවිතය හේතුවෙන් වැළලී ගිය මෙම භූමියෙහි සරුසාර බවට නැවත පණ දීම රැස්ව සිටි පිරිස සතු බවත්, ඒ සඳහා ඔවුන්ගේ නොමසුරු දායකත්වය මේ සඳහා ලබා දෙන ලෙසත් දිසාපතිතුමා විසින් ඉල්ලා සිටින ලදි.
දැනටමත් කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් සඳහා සිය නිෂ්පාදනයන් මහා පරිමාණයෙන් සිදු කිරීමට අවශය උපකරණ හා සම්පත් ලබා දීමට දිසාපති තුමා විසින් හැකි ඉක්මනින් පියවර ගන්නා බව ද රැස්වීම අතරතුර සඳහන් කරන ලදි. පස යට සැඟවී ඇති නිහඬ මාරයා පරාජය කිරීමට දැන් කාලය එළඹී ඇති බවත්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ හොත් ජයග්‍රහණය වැඩි ඈතක නොවන බව පවසන දිසාපතිතුමා, නිසි පෝෂණ සංඝටකවලින් සුපෝෂිත, ගුණාත්මක මට්ටමේ කාබනික පොහොර නිෂ්පාදනයේ දී අනුගමනය කළ යුතු නිසි තාක්ෂණික ක්‍රමවේදයත් ඒ සඳහා අනිවාර්යෙන් ම අනුගමනය කරන ලෙසත් රැස්ව සිටි පිරිස එතුමා විසින් දැනුවත් කරන ලදි.
කාබනික පොහොර නිෂ්පාදනයෙහි ලා නිෂ්පාදකවරුන් විසින් මුහුණ දෙන ප්‍රබලතම ගැටළුව අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය අධික වීම බව රැස්ව සිටි පිරිස සිය අදහස් දක්වමින් පවසා සිටි අතර ඒ සඳහා ද සුදුසු පරිදි නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන බව දිසාපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිෂ්පාදිත කාබනික පොහොර සඳහා දිස්ත්‍රික්කය තුළ මෙන් ම සෙසු දිස්ත්‍රික්කය තුළ ද වෙළඳපළක් නිර්මාණය කර දී කාබනික පොහොර නිෂ්පාදකයා නඟා සිටුවීම දිසාපතිතුමාගේ අපේක්ෂාව වන බව වැඩිදුරටත් සඳහන් කළ එතුමා ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද අවධානයෙන් සිටින බව පවසා සිටින ලදි.
මෙම අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදකයන් විසි දෙදෙනකු පමණ සහභාගී වී සිටිය අතර ඔවුන් සියලු දෙනාම පවසා සිටියේ දිස්ත්‍රික්කයක් වශයෙන් මෙම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිසාපතිතුමාගේ අවධානය සහ මූලිකත්වය ලැබීම ඔවුන් සියලු දෙනාට ම ශක්තියක් බවයි.
A giant step in the production of organic fertilizer from the Puttalam district
Meeting for Organic Fertilizer Producers organized by the District Agriculture Division and the Fertilizer Secretariat.
District Secretary Mr. K.G. Wijesiri presided over the function which was held on the 09th at the main auditorium of the District Secretariat. Mrs. W.M.S.G Karunaratne, Assistant District Secretary, Mr. B.P.S.V Pathirana, District Director of Agriculture and Assistant Directors of Fertilizer Mr. D.M.S Dissanayake, and Mr. G.G Harishchandra were also present.
Twenty two organic fertilizer producers from the Puttalam District were present at the event and all of them said that it is strength for all of them to receive the attention and leadership of the District Secretary for the production of this organic fertilizer.

පුත්තලම දිස්ත්රික්කයේ මහ කන්නයේ වී වගාව ආරම්භ වේ
සෑම වගාවකටම පූර්ණවශයෙන් කාබනික පොහොරයෙදීමට පියවර
ඉපනැල්ලේ මුං වගාවෙනුත් සරු අස්වැන්නක් - ගොවීන්ගෙන් සතුටුදායක ප්‍රතිචාර
පුත්තලම දිස්ත්රික්කයේ මහ කන්නයේ වී වගාව ආරම්භ කිරීම සනිටුහන් කරමින් තබ්බෝව කන්න රැස්වීම දිස්ත්‍රික් ලේකම් ලේකම් කේ.ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් තබ්බෝව වාරි කේන්ද්‍රයේ දී දී පසුගිය 04 වන දින පැවැත්විණි.
පුත්තලම දිස්ත්රික්කයේ මහ කන්නයේ වගා කටයුතු පූර්ණ වශයෙන් කාබනික පෙහොර යොදා ගෙන සිදු කිරීමට ගොවි මහතුන් විසින් සිය කැමැත්ත සහ එකඟත්වය මෙහි දී ප්‍රකාශ කර සිටින ලදි.එම තීරණය වෙනුවෙන් දිසාපතිතුමා විසින් සියලූම ගොවි මහතුන් හටසිය ප්‍රශංසාව පුද කර සිටි අතර ශුභවාදී හැඟීමෙන් වගා කටයුතු ආරම්භ කර වසවිසෙන් තොර රන්අස්වනු නෙලා ගන්නට එතුමන්ගේ සුභ ප්‍රාර්ථථනාවන් ඔවුනට එක් කරන ලදි.
Paddy cultivation begins in the Maha season in Puttalam District
Steps to apply full organic fertilizer to all crops.
Rich yield from green gram cultivation in Ipanella - Satisfactory response from farmers.
The Tabbowa Season Meeting was held on the 4th at the Tabbowa Irrigation Center under the patronage of District Secretary Mr. K.G Wijesiri to mark the commencement of paddy cultivation in the Puttalam District during the Maha season.
The District Secreatary expressed his willingness and consent to carry out the cultivation activities in the Puttalam District during the Maha season using fully organic manure. His best wishes were added to them to reap the golden harvest.

පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාව
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ත්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මඟින් (I – Road project) පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, පාලාවිය හංදියේ සිට පුත්තලම දක්වා මාර්ගය මංතීරු හතරක මාර්ගයක් ලෙස පුළුල් කිරීමට ද යෝජනා කර ඇත. උක්ත යෝජනාව ප්‍රකාරව මූලික වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මාර්ගය දෙපස ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති හෙයින් ඒ සම්බන්ධව වගකිවයුතු ආයතන සමඟ මූලික වටයේ සාකච්ඡාවක් 2021.08.04 දින දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා පුත්තලම ප්රාදේශීය ලේකම් එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජී.පී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු එම්. ඒ.ඒ.ඩී ඩයස් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුත්තලම සහකාර ඉංජිනේරු ඩබ්. එච් වසන්ත කුමාර මහතා, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු එම්. නම්ජින් සහතා, දුම්රිය දෙපාර්තමේතුවෙහි ඉංජිනේරු ඩී.එස්.බී දිසානායක මහතා, මදුරන්කුලිය ප්‍රාදේශීය ගරු සභා සභාපති ආර්.එම් අංජන සඳරුවන් මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුතුමන් වන ආර්.එම්. එච්.කේ රන්දෙනි මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී වුණා.
මෙම ව්‍යාපෘතිය ආරම්භකර කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු සියල්ලම සාක්ච්ඡාවට ලක් කළ අතර, මේ සඳහා සියලුම පාර්ශවයන්ගේ දායකත්වය ලබා දෙන ලෙස දිසාපතිතුමා විසින් ඉල්ලීමක් ද කරන ලදි. මීළඟ රැස්වීම ප්‍රගතිය ද සමඟ නොබෝ දිනකින්ම පැවැත්වීමට ද තීරණය විය.
Special discussion on widening the Peliyagoda - Puttalam road
The Peliyagoda - Puttalam road will be widened by the (I - Road project) under the Road Development Authority and it is proposed to widen the road from Palaviya Junction to Puttalam into a four lane road. As per the above proposal, land acquisition activities are to be commenced on both sides of the road on which the relevant project is being implemented. It was held at the Puttalam District Secretariat under the patronage of District Secretary K.G. Wijesiri.
Puttalam Divisional Secretary Mrs S.A.Y.R Jayathilaka, Assistant Director - District Disaster Management Unit, Mr. G.P Dissanayake, Regional Electrical Engineer - Puttalam District. Mr. A.A.D Dias, Assistant Engineer - Sri Lanka Telecom Puttalam Mr. H. Wasantha Kumara, Senior Assistant Engineer - Water Supply and Drainage Boardb Namjin Sahatha, Engineer of the Railway Department Mr. D.S.B Dissanayake, Chairman - Madurankuliya Pradeshiya Sabha R.M Anjana Sandaruwan and Chief Engineer of the District Secretariat Mr. R.M.H.K Randeni, District Planning Director. Mrs. P. Sandanayake as well as Administrative Officer Mrs. S.H.A Semasinghe also participated.

ආරක්ෂිත වන සතුන්ගෙන් මහජනතාවට සිදු වන හානි සඳහා වන්දි ගෙවීම
ආරක්ෂිත වන සතුන්ගෙන් මහජනතාවට සිදු වන හානි සඳහා වන්දි ගෙවීමේ දිස්ත්‍රික් කමිටුව පුත්තලම දිස්ත්රික් ලේකම් කේ.ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී 2021.08.02 දා පැවැත්විණි. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එම්. ජී එරන්ද ගමගේ මහතා, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ජී.පී දිසානායක මහතා මෙන් ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා සහන සේවා නිළධරී ධනුෂ්ක ජයසිංහ මහතා ද සහභාගී වුණා.
වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන් පහර දීමෙන් සිදුවන ජීවිත හානි/ ශාරීරික හානි/ දේපල හානි සඳහා ඉදිරිපත් වී ඇති වන්දි ඉල්ලීම්වලට කමිටු රැස්වීම් දී දිසාපතිතුමා විසින් අනුමැතිය ලබා දුන් අතර එසේ අනුමැතිය ලැබූ වන්දි ප්‍රතිලාභීන් ගණන 21කි.
පීඩාවට පත්වන මහජනතාවට සෑම විටම කඩිනමින් වන්දි ලබා දිය යුතු බවත් ,එම ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු විය යුතු බවත් වැඩිදුරටත් දිසාපතිතුමා විසින් කමිටුවේ දී අවධාරණය කර කියා සිටින ලදි.
Compensation for damages caused to the public by protected animals
The District Committee for Compensation for Damages to the Public from Protected Wildlife was held on 02.08.2021 at the Puttalam District Secretariat under the chairmanship of Puttalam District Secretary K.G Wijesiri. The Assistant Director of the Department of Wildlife Conservation Mr. G. Eranda Gamage, Assistant Director of District Disaster Management Mr. G.P Dissanayake as well as Mr. Danushka Jayasinghe, District Disaster Relief Services Officer of the District Secretariat were also present.
The Government Agent approved the claims for compensation for loss of life / bodily harm / property damage caused by attacking protected wildlife including wild elephants at the committee meetings and 21 beneficiaries received such compensation.
The Government Agent further emphasized in the committee that the affected people should always be compensated expeditiously and that the process should be carried out efficiently.

පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති පිළිබඳව දිසාපති කේ.ජි.විජේසිරි මහතාගේ නිරීක්ෂණයට.
වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් සෞඛ්‍යමත් මතුපරපුරක් බිහිකිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම ක්‍රියාවට නංවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබේ. දිස්ත්‍රික්කයේ දැනට සුළු පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින් 421දෙනෙකු හා මහා පරිමාණ නිෂ්පාදකයින් 99 දෙනෙකු හදුනාගෙන ඇත. එම කාබනික පොහොර නිෂ්පාදකයින් අතුරින් කිහිපදෙනෙකුගේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලීන් හා ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා සහභාගී විය.
ඒ අනුව කල්පිටිය බේ ලංකා ආයතනය නිරීක්ෂණයෙහි ප්‍රතිළුලයක් ලෙස එම ආයතනයෙහි නිෂ්පාදිත කාබනික දියර පොහොර දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාවන්ට බෙදාහැරීමට එකඟතාවයට එළඹුණි. දැනට මෙම ආයතනයෙහි ලිටර් ලක්ෂ තුනක දියර පොහොර ගබඩාගතව තිබේ. මෙම ආයතනය දැනටමත් දියර පොහොර අලෙවි කරන ආයතනයකි.
මෙම නිරීක්ෂණ චාරිකාවේ තවත් ප්‍රතිළුලයක් ලෙස එම ආයතනයේ පිවිසුම් දොරටුවට අවහිරතාවයක් ව පැවති විදුලි සැපයුම් ආදාරක කණුවක් ඉවත් කර දෙන ලෙස එහි කළමනාකාරීත්වය විසින් කළ ඉල්ලිම කෙරෙහි ක්ෂණික අවදානය යොමු කළ දිස්ත්‍රික් ලේකම් විජේසිරි මහතා අදාල බලධාරීන්ට එය ඉවත් කරන ලෙස උපදෙස් දුන්නේය.
මුන්දලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරන්කුලිය හා හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුගුණුවටවන පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයන් හි ආරම්භ කර ඇති කාබනික පොහොර නිෂ්පාදනයන් තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ද මෙම චාරිකාවේ දී සිදු විය. මෙම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 2021/22 මහ කන්නය සඳහා මෙට්‍රික්ටොන් සියයේ ඉලක්කගත කාබනික පොහොර නිෂ්පාදන ආයතන වේ.
නාත්තන්ඩිය දුන්කන්නාව පිහිටි වයඹ කොම්පෝස්ට් ආයතනය ජාතික පොහොර ලේකම් කාර්යලයෙහි ලියාපදිංචි දිවයිනටම පොහොර සැපයිමේ හැකියාව සහිත බලපත්‍රලාභී ආයතනයකි. දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතාගේ මෙම චාරිකාවෙහි තවත් අරමුණක් වූයේ වයඹ කොම්පෝස්ට් ආයතනයේ නිෂ්පාදන දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාව සඳහා යොදා ගැනීමයි. මෙම ආයතනය මාසිකව පොහොර මෙට්‍රික් ටොන් හැටක නිෂ්පාදන වෙළද පොළට නිකුත් කිරීමේ හැකියාව සහිත ය. දියර පොහොර නිෂ්පාදනයට ද අපේක්ෂිත මෙම ආයතනය දිසාපතිවරයාගේ දිරිගැන්වීමට ලක් විය.
මෙම සංචාරයේ දී, වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මාරවිල පිහිටුවා ඇති වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදන ආයතනයේ පණු දියර නිෂ්පාදනය පිළිබඳව ද දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා නිරීක්ෂණය කළේය.
2021/22 මහ කන්නයේ වගාවන්ට පුත්තලම දිස්ත්‍රික්කයෙහි කාබනික පොහොර භාවිත වගාවන් හි සමස්ථ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසිහතර දහස් හත්සියයක් පමණ වේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ බී.වී.ටී. ශ්‍යාමලි මහත්මිය, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජි.කේ.එස්.පුෂ්පකුමාර මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂ හේමන්ත දිසානායක මහතා, ලක්පොහොර සමාගමේහි ප්‍රාදේශීය කළමනාකරු, හලාවත සහ නාත්තන්ඩිය ප්‍රාදේශිය ලේකම්වරු, අදාල වසම් හි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීවරු සහ සම්බන්ධ වූහ.


අක්කර හැට තුනක පුරුදුවැල්ල පුරන් කුඹුරු යාය නැවත වගා කෙරේ
මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුඩාවැව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට අයත් වසර තිහකට අධික කාලයක් වගා කටයුතු කිරීමට නොහැකිවීම නිසා පුරන්ව ගිය අක්කර හැට තුනක වපසරියකින් යුත් “පුරුදුවැල්ල කුඹුරු යාය" නැවත වගා කිරීම ආරම්භ කර තිබේ.
අතහැර දමා තිබීම හේතුවෙන් මෙහි එරමිණියා කටුපදුරු හා ආක්‍රමණික ශාඛ බොහොමයක් වර්ධනය වි ඇත.
මෙම කුඹුරු යාය පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා නිරීක්ෂණය කළේය.
යායට ජලය ලබා ගැනීමේ අපහසුතාවය පිළිබඳව මෙහිදී ගොවීන් දිසාපති කේ.ජි.විජේසිරි මහතාට දැන්වූවා. කඩුපිටි ඔයෙහි ක්‍රමවත් ජල පාලනයක් නොමැති වීම හේතුවෙන් කුඹුරු යාය ජලයෙන් යට වී ගොයම විනාශ වීම මෙම කුඹුරු යාය අස්වැද්දවීම අතහැර දැමීමට ප්‍රධාන හේතුව වි තිබෙනවා.ඊට විසදුම් ලෙස “කෙටල ඔය අමුණ" ප්‍රතිසංස්කරණය කරන ලෙස දිසාපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය.
එමෙන්ම කුඹුරු යායට යාබදව පිහිටි, කැලයට අතහැර දමන ලද කුඹුරු ඉඩම් නොවන අක්කර 18ක පමණ භූමියෙහි පොල් හා වෙනත් භෝග වගාවන්ට යොමු වන ලෙස ද දිසාපති විජේසිරි මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය.
මෙම යාය අස්වැද්දවීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් එකොළොස් ලක්ෂ අනුහය දහසක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
හේමසිරි අබේකෝන් මහතාගේ සභාපතිත්වයෙන් පද්මිණි අධිකාරි මහත්මියගේ ලේකම් දූරයෙන් හෙබි පුරුදුවැල්ල ගොවි සංවිධානයෙහි ගොවීන්ගේ උනන්දුව පිළිබඳව දිසාපතිවරයාගේ විශේෂ ඇගයුමට ලක් විය.
එස්.එස්.රාමක්‍රිෂ්ණා මහතා කුඩාවැව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීවරයා වේ. ඔහු 2018 වසරේ ගොවිජන අභිමන් තරගාවලියේ පුරන්කුඹුරු අස්වැද්දවීම තරගයෙහි රන්සම්මානලාභින්ගේ නියමුවා ය. (හලාවත ඉරණවිල වසම)
මෙම කුඹුරු යාය නිරීක්ෂණ අවස්ථාවට ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජි.කේ.එස්.පුෂ්පකුමාර මහතා, මහවැව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.නදීජා හේරත් මහත්මිය, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ටී.එච්.එම්.එස්.අබේරත්න මහත්මිය, ග්‍රාමනිලධාරී එම්.ඒ.තිලිණි චතුරිකා මහත්මිය ඇතුළු නිලධාරීන් හා ගොවී සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.


පුත්තලම "ප්රාදේශීය ලේකම් සාකච්ජාව" Zoom වීඩියෝ තාක්ෂණයෙන්....
මේ වන විට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හා පවතින Covid19 වසංගත අවධානම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී විජේසිරි මහතා විසින් 2021/09/02 දින Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ "ප්‍රාදේශීය ලේකම් සාකච්ජාව" පවත්වනු ලැබීය. දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු හා
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශ ප්‍රධානීනහු මෙම සාකච්ඡාවට එක් වූ අතර කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර/එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග/සහනාධාර ලබාදීම/සංවර්ධන ව්‍යාපෘති හා එහි ප්‍රගතිය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ දී සිදු කරන ලදී.
8,923 families in Puttalam district who lost their livelihood due to the Corona epidemic have been given an allowance of two thousand rupees.
District Secretary Mr.K.G. Wijesiri made a statement says that the family units of Puttalam district who are suffering from economic difficulties are being given a grant of Rs. 2000 to people in Puttalam district.
Also The highest number of families in the district qualified for the offer are families living within the Puttalam Divisional Secretariat. It's for people from 14,282 families says District Secretary Mr. K.G. Wijesiri
කොරෝනා වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 78,923කට රුපියල් දෙදහසක දීමනාව ලබා දේ.
පවතින වසංගත තත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් ඒකක හැත්තෑ අටදහස් නවසිය විසිතුනකට රුපියල් දෙදහසක දීමනාව ලබා දීම මේ දිනවල සිදුකරන බව දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
මෙම දීමනාවට දිස්ත්‍රික්කයේ වැඩිම පවුල් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ, පුත්තලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන පවුල්වල අයවළුන් ය. ඒ පවුල් 14,282ක පුද්ගලයින් සඳහා බව දිසාපති කේ.ජී.විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 හි ම ක්‍රියාත්මක මෙම වැඩසටහනට රුපියල් මිලියන අනුවක ප්‍රතිපාදන ලැබී ඇත.
ඒ අනුව දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1501 කට, වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 2953 කට,පවුල් ඒකක 3021ක නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් සඳහාත්, මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 8084 කට, මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 4149 කට හා පවුල් ඒකක 7599ක හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් සඳහාත්, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 4227කට , මුන්දලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 6075 කට, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 9420කට , පවුල් ඒකක 2000ක වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව සඳහාත්, ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 3185කට, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 4763කට, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 3102කට, නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1966කට සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 2596 කට මෙම දීමනාව හිමිව තිබේ.
මායිම් ගල් දැමූ ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු විසදීම - පුත්තලම දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන ලෙස මායිම් ගල් දැමූ ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (12) පුත්තලම දිස්ත්රික් ලේකම් කේ.ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ඒ පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දීය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දමා ඇති මායිම් ගල්වලින් පිටත පිහිටන ඉඩම් කට්ටි නිදහස් කිරීම සම්බන්ධවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත සීමා දැක්වෙන සිතියමට පිටතින් මායිම් ගල් දමා ඇත්නම් සියලු ආයතනවල එකඟතාව මත එම වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාව සම්බන්ධවත් , රක්ෂිතය තුළ පිහිටා තිබෙන ඉඩම් නිදහස් කිරීම සඳහා Re – Gazette කිරීමට අදාළ තොරතුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්ර්ධාන කාර්යාලයට කඩිනමින් යොමු කිරීම සම්බන්ධවත් ප්‍රධාන වශයෙන් එහි දී සාකච්ඡා වන ලදි.
තවද, මෙම සාකච්ඡාව සඳහා අතිරේක දිස්ත්රික් ලේකම් රවීන්ද්ර වික්‍රමසිංහ මහතා, සහකාර දිස්ත්රික් ලේකම් ප්රියන්ත ශ්රී වික්රමසිංහ මහතා, වනාතවිල්ලුව, පල්ලම, කරුවලගස්වැව, පුත්තලම සහ නවගත්තේගම ප්රාදේශීය ලේකම්වරුන්ද, දිස්ත්රි,ක් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඒස්. පී සන්දනායක මහත්මිය, ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලයේ සහකාර අධ්ය ක්ෂ පී ජයලාල් දසනායක මහතා, පුත්තලම වනජීවී සහකාර අධ්ය ක්ෂ එරන්ද ගමගේ මහතා, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරී ඩබ්. ඕ. එස්.සී කුමාරසිරි මහතා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිළධාරී සරත් කුමාර මහතා, මහකුඹුක්කඩවල, නවගත්තතේගම, පල්ලම, , කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්ර දේශයන්හි ජනපද නිළධාරී මහත්වරුන්ද සහභාගී වුණා.
Solving the problems regarding the lands where the borders were stoned - Puttalam district
Discussion about the issues that have been raised regarding lands which were stoned to belong to the forest department in Puttalam district on 12th of August under the patronage of District secretary Mr.K.G Wijesiri. It was held in the main auditorium of the Puttalam District Secretariat Premises.

Solid waste management to promote social cooperation with women's contribution
Chrysalis, a Non-Government organization, is conducted to promote social cooperation with the contribution of women with the full support of the United Nations and an awareness about its progress in Puttalam district on 6th August which held at Puttalam district secretariat office.
for that Northwestern Chief Secretary Mr.P B.M Sirisena, Puttalam District Secretary Mr. K.G Wijesiri, Local Government Commissioner Indika Ilangakoon, Additional District Secretary Raviendra Wickramasinghe, Arachchikattuwa, Kalpitiya, Mundalama, Puttalam, Chilaw Divisional Secretaries,Chairmans and Secretaries of the respective Pradeshiya Sabha also participated.
CEO of Chrysalis, local representative of United Nations Women's Program, attended the program via zoom technology, and she explained the purpose as the keynote lecture of the project.
The project is being implemented by the Aarachchikattuwa Pradeshiya Sabha, Mundalama Pradeshiya Sabha, Kalpitiya Pradeshiya Sabha, Chilaw Urban Council and Puttalam Urban Council as the steps they have taken so far on the management of debt waste in those areas. Explaining the public the importance of debt waste management for sustainable development, inviting local researchers and tech officers to work on their project, educating women in homes about proper disposal of waste, etc. The project is in progress, Mrs. Nemanika, project member of the UNWOMAN Institute, also joined through zoom technology.
කාන්තා දායකත්වයෙන් සමාජ සහයෝගීතාව ප්‍රවර්ධනයට ඝන අපද්‍රව්‍ය කලමනාකරණය
===========================================
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ ආධාර මත කාන්තා දායකත්වයෙන් සමාජ සහයෝගීතාව ප්‍රවර්ධනය උදෙසා පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියක් රාජ්‍ය නොවන සංවිධානයක් වන Chrysalis ආයතනය අනුබද්ධිතව සිදු කරමින් යන අතර එහි ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමක් පසුගිය 6 වැනිදා පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ සඳහා වයඹ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා, පුත්තලම දිසාපතිතුමා වන කේ.ජී විජේසිරි මහතා, පළාත් පාලන කොමසාරිස් ඉන්දික ඉලංගකෝන් මහතා, අතිරේක දිසාපති රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා, ,ආරච්චිකට්ටුව,කල්පිටිය, මුන්දලම, පුත්තලම, හලාවත ප්‍රාදේශීය ලේකම්වරුන් ද , අදාළ ප්‍රාදේශීය සභාවල ගරු සභාපති හා ලේකම්වරුන් ද සහභාගී විය.
Chrysalis ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා වැඩසටහන්හි දේශීය නියෝජිතවරිය zoom තාක්ෂණය ඔස්සේ මෙම වැඩසටහනට සහභාගී වූ අතර, ඇය විසින් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන දේශනය මෙන් ම අරමුණ පැහැදිලි කිරීම සිදු කරනු ලැබිණි.
මෙම ව්‍යාපෘතිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, මුන්දලම ප්‍රාදේශීය සභාව,කල්පිටිය ප්‍රාදේශීය සභාව, හලාවත නගර සභාව, පුත්තලම නගර සභාව මූලික කොට ගෙන ක්‍රියාත්මක වන බැවින් එම ප්‍රදේශයන්හි ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය පිළිබඳ මේ වන විට ඔවුන් ගෙන තිබෙන පියවරයන් ලෙස, තිරසාර සංවර්ධනය සඳහා ඝණ අපද්‍රව්‍ය කලමනාකරණයේ වැදගත්කම ජනතාවට පහදා දීම , කර්මාන්ත නවෝත්පාදනය මෙන් ම දේශීය පර්යේෂකයන් හා තාක්ෂණ නිළධාරීන්ට ඔවුන්ගේ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කිරීමට ආරාධනා කිරීම, නිවෙස්වල සිටින කාන්තාවන් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධව දැනුවත් කිරීම, ආදී කටයුතු සිදු කරමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට සිදු ක්‍රියාත්මක වෙමින් පවතින බව UNWOMAN ආයතනයේ ව්‍යාපෘති සාමාජිකා නෙමානිකා මහත්මිය විසින් zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රැස්ව සිටි පිරිස දැන්වත් කරනු ලැබුවා.



District Covid Control committee meeting
The COVID Control Committee Meeting was held at the District Secretariat Auditorium on 6th August 2021 Under the patronage of District Secreatary Mr.K.G. Wijesiri.
For this meeting, North Western Chief Secretary Mr.P B.M Sirisena, including Minister of State for Rural and Regional Water Supply Project Development, Hon. Sanath Nishantha Perera and other government officials also participated.
According to the data reports presented at the meeting, the number of virus infected people in the entire Puttalam district is 646. Covid treatment centers in the district have been established in the areas of Madurankuliya, Iranawila, Lunuwila, Dankotuwa and the total number of treatment beds that can be provided to patients at this time is 789.
So far, the death toll of COVID infected in the district has been 134 and the highest death toll has been reported from the Nattandiya Divisional Secretariat.
Vaccination programs are continuously running in the district, and the total of 125,000 people who have received the first dose of the sinopharm vaccine in the entire district, while the total of 141,234 people who have received the first dose of the Pfizer vaccine. In the future, planned to treat inside the homes to control the COVID epidemic and continue to provide medical advice via telephone.
It was said that all people over the age of 30 will be given the vaccine as soon as possible and about 2 lakh more doses of vaccines are needed to meet the target. The State Minister Sanath Nishantha Perera stated that all the work needed to be provided by the government will be completed soon. He also noted that he is expecting to vaccinate people over 18 years old in the future.
දිස්ත්‍රික් කොඩිඩ් මර්දන කමිටු රැස්වීම
පුත්තලම දිස්ත්‍රි්‍රික්කම් කේ. ජී විජේසිරි මහතාගේ ප්රරධානත්වයෙන් පසුගිය 6 වැනිදා කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික්ක ම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා ග්‍රාමීය හා ප්‍රා්‍රාදේශීයනීය ජල සම්පාදන ව්යාපෘති සංවර්ධන රාජ්ය අමාත්ය ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා ඇතුළු වයඹ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා, අතිරේක දිස්ත්රිතක් ලේකම් රවීන්ද්‍ද්‍ර වික්‍රමසිංහ මහතා, ප්රා දේශීය සෞඛ්‍්‍ය සේවා අධ්‍යක්ෂ ආර්. එම්. එස්.ඩී ප්‍්‍රනාන්දු මිය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යරක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය් එච්.ජේ.එම්.ඒ.එල් ජයසිංහ මහතා,පුත්තලම ප්‍්‍රාශීය ලේකම් එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, මුන්දලම ප්රාදේශීය ලේකම් ජේ.ඒ.වී වසන්තිකා මිය , කල්පිටිය ප්‍රිදේශීය ලේකම් ඩී.ඒ.පී දනන්සූරිය මහතා, මෙන් ම දිස්ත්රි්ක් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍්‍යක්ෂ එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී විය .
රැස්වීමේ දී ඉදිරිපත් වූ දත්ත වාර්තා අනුව සමස්ත පුත්තලම දිස්ත්රි ක්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 646 ක් වේ.දිස්ත්රිරක්කයේ කොඩිඩ් ප්‍්‍රතිකාර මධ්‍යස්ථාන මදුරන්කුලිය, ඉරණවිල, ලුණුවිල, දන්කොටුව යන ප්‍්‍රදේශයන්හි පිහිටුවා ඇති අතර ඒවායෙහි මේවන විට රෝගීන් සඳහා ලබා දිය හැකි මුළු ප්‍රතිකාර ඇඳන් සංඛ්යානව 789කි. මෙතෙක් දිස්ත්‍රික්කත්‍රික්කයළ කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 134 ක් වන අතර වැඩිම මරණ සංඛ්යා්ව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් වාර්ථා වී තිබේ.
දිස්ත්රියක්කය තුළ එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍්‍රිත්මක වන බවත්, මේ වන විට සමස්ත දිස්ත්‍රික්කයේ ම ම සයිනොෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් මුළු පිරිස125,000 ක් වන අතර , ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් පිරිස මුළු පිරිස 141,234කි. දිස්ත්රිතක්කය තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉදිරියේ දී නිවෙස් තුළම ප්ර,තිකාර කිරීමට සැලසුම් කර ඇති අතර දුරකථන මාර්ගයෙන් අදාළ වෛද්‍්‍ය උපදෙස් අඛණ්ඩව ලබා දීමටත් කටයුතු සැලසුම් කර තිබේ.
එසේ ම හැකි ඉක්මනින් වයස අවුරුදු 30ට වැඩි සියලුම පුද්ගලයන්ට එන්නත ලබා දීමට කටයුතු කරන අතර එම ඉලක්කය සපුර ගැනීමට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් පමණ අවශ්‍්‍යවති බවත් සඳහන් විය.එම අවශ්‍ය්‍යතාවකි ඉක්මනින් රජය මඟින් ලබා දීමට අවශ්යඅ සියලූම කටයුතු සම්පාදනය කර දෙන බව රාජ්‍්‍ය අමාත්‍්‍ය ගරු සනත් නිශාන්ත පෙරේරා මැතිතුමා විසින් එම මොහොතේ දී ප්රාකාශ කරන ලදි. ඉදිරියේ දී වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට ද එන්නත්කරණය සිදු කිරීමට ද බලාපොරොත්තු වන බවත් එතුමා විසින් වැඩි දුරටත් සඳහන් කලා.



Special discussion on expansion of Peliyagoda-Puttalam road
=====================================
The Joint Road Development Project (I-Road Project), which is running under the Road Development Authority, is set to begin the expansion of the Peliyagoda-Puttalam road, and the road from Palaviya junction to Puttalam is also proposed to be expanded as a four lane road, held at Puttalam District Secretariat under the patronage of District Secretary Mr. K.G Wijesiri.
A preliminary round discussion with responsible institutions on 2021.08. 04 as the land acquisition work is to be started on both sides of the road where the relevant project is primarily operated according to the excavation proposal.
All the basics needed for the initiative and quick implementation of the project were discussed, and the District Secretary also requested the contribution of all parties for this.
The next meeting was decided to be held in a few days along with progress...
පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ විශේෂ සාකච්ඡාව
=====================================
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ත්‍රියාත්මක වන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මඟින් (I – Road project) පෑලියගොඩ - පුත්තලම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, පාලාවිය හංදියේ සිට පුත්තලම දක්වා මාර්ගය මංතීරු හතරක මාර්ගයක් ලෙස පුළුල් කිරීමට ද යෝජනා කර ඇත. උක්ත යෝජනාව ප්‍රකාරව මූලික වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මාර්ගය දෙපස ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති හෙයින් ඒ සම්බන්ධව වගකිවයුතු ආයතන සමඟ මූලික වටයේ සාකච්ඡාවක් 2021.08. 04 දින දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා පුත්තලම ප්‍රාදේශීය ලේකම්තුමිය එස්.ඒ. වයි.ආර් ජයතිලක මිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ජී.පී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු එම්. ඒ.ඒ.ඩී ඩයස් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පුත්තලම සහකාර ඉංජිනේරු ඩබ්. එච් වසන්ත කුමාර මහතා, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරු එම්. නම්ජින් සහතා, දුම්රිය දෙපාර්තමේතුවෙහි ඉංජිනේරු ඩී.එස්.බී දිසානායක මහතා, පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම් අංජන සඳරුවන් මහතා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු වන ආර්.එම්. එච්.කේ රන්දෙනි මහතා, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක එස්. පී සන්දනායක මිය මෙන් ම පරිපාලන නිළධාරී එස්.එච්.ඒ සේමසිංහ මහත්මිය ද සහභාගී වුණා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු සියල්ලම සාකච්ඡාවට ලක් කළ අතර, මේ සඳහා සියලූම පාර්ශවයන්ගේ දායකත්වය ලබා දෙන ලෙස දිසාපතිතුමා විසින් ඉල්ලීමක් ද කරන ලදි. මීළඟ රැස්වීම ප්‍රගතිය ද සමඟ නොබෝ දිනකින් ම පැවැත්වීමට ද තීරණය විය. .



District Agriculture Committee - Puttalam District Secretariat
---------------------------------------------------------------
The District Agriculture Committee was held at the Puttalam Divisional Secretariat on Friday, 28th July 2021, under the patronage of Additional District Secretariat Ravindra Vikramasinghe. For this, Assistant District Secretary Priyantha Sri Wickramasinghe, District Director of Agriculture, Mr. B.P.S.V Pathirana, Deputy Director of District Agriculture Mrs. B.V.T. Shyamali also participated and the meeting was conducted with the participation of all the divisional secretaries and other officials applicable to the Agriculture Committee.
දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුව - පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලය
---------------------------------------------------------------
අතිරේක දිස්ත්රික් ලේකම් රවීන්ද්ර වික‍්‍රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුව පසුගිය 28.07.2021 වන සිකුරාදා පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ සදහා සහකාර දිස්ත්රික් ලේකම් ප්රියන්ත ශ්රී වික්රමසිංහ මහතා, දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ බ.ප.ස.වි පතිරණ මහතා, දිස්ත‍්‍රික් කෘෂි නියෝජ්‍ය අධ්‍යක්ෂ බී. වී. ටී ශ්‍යාමලී මහත්මිය ද සහභාගී වූ අතර සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරු සහ කෘෂි කමිටුවට අදාළ වන අනිකුත් නිළධාරීන්ගේ ද සහභාගීත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලදි.



දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය පුත්තලම - 2020
පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණය දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (2021-07-27) පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 නියෝජනය කරමින් ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල සභාපති සහ ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා තිස් දෙනමක් මෙහිදී ඡන්දය ප්‍රකාශ කළා.
දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල ගරු සභාපති තනතුර සඳහා හලාවත ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමින්වහන්සේ ගේ සහ ආණමඩුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය වඩත්තේ සෝමානන්ද ස්වාමින්වහන්සේ ගේ නම් යෝජනා වූ බැවින් රහස්‍ය ඡන්ද විමසීමකට යොමු වුවා.
ඒ අනුව හලාවත ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන්වහන්සේ වැඩි ඡන්ද ලබාගනිමින් පුත්තලම දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ස්වාමීන්වහන්සේ ලෙස තේරි පත්විය.
දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරි තනතුර සඳහා ආරච්චිකට්ටුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය නවදන්කුලමේ මේධානන්ද ස්වාමින්වහන්සේ ගේ සහ කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත ස්වාමින්වහන්සේ ගේ නම් යෝජනා වූ බැවින් ලේඛකාධිකාරිධුරය සඳහා ද රහස්‍ය ඡන්ද විමසීමකට යොමු වූවා.
ඒ අනුව ආරච්චිකට්ටුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය නවදන්කුලමේ මේධානන්ද ස්වාමින්වහන්සේ වැඩි ඡන්ද ලබාගනිමින් පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමින්වහන්සේ ලෙස තේරි පත් විය.
අනතුරුව නාත්තන්ඩිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හාල්දඩුවන පඤ්ඤාසෝම ස්වාමින්වහන්සේ නියෝජ්‍ය සභපති ධුරයට ද මාදම්පේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හේනේපොල ශ්‍රි සුමංගල තිස්ස ස්මාමින්වහන්සේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරය ද තේරීපත් විය.
එමෙන් ම මෙහිදී සහකාර ලේඛකාධිකාරි ආගමික අනුමණ්ඩල සාමාජික ස්වාමින්වහන්සේලා හතරනමක් ද දහම්පාසල් අනුමණ්ඩල සාමාජික ගිහි/පැවිදි හතර දෙනෙකු ද සංස්කෘතික සමාජ අනුමණ්ඩල සමාජිකයින් හතර දෙනෙකු ද , ශාසනාරක්ෂක ප්‍රාදේශීය මණ්ඩලය පිළිබඳ අනුමණ්ඩලය සඳහා සාමාජිකයින් හතර දෙනෙකු සහ මුල්‍ය අනුමණ්ඩලය සඳහා සමාජිකයින් හතර දෙනෙකු ද තෝරාපත් කරගනු ලැබූවා.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා, ප්‍රධාන ගණකාධිකාරි මිථිලා කදානේගෙදර මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරු, පුත්තලම සහ හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, දිස්ත්‍රික් තරුණසේවා නිලධාරී, බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්,සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
District Government Guard Board Election Puttalam-2020
Government Guard Board Election held at Puttalam Divisional Secretariat Auditorium last day (2021-07-27) under the patronage of District Secretary / GA Mr.K.G.Wijesiri.
Thirty of the Regional Legislative Guard Chairman and Authorary Monks voted here representing the 16 Divisional Secretariat Division in the district.
For the post of Honorable Chairman of the District Government Guard Board, the author of the Chilaw Sanasana Guard Board, Venerable Halpanwila Palitha Thero and the writer of the Anamaduwa Sanasana Guard Board, Wadatte Somananda Swamy's names were proposed.
Accordingly, the writer of the Chilaw Sanasana Guard Board, Hon. Halpanwila Palitha Thero, became the president of the Puttalam Dissa Sanasana Guard Board, getting more votes.
The names of the Aarachchikattuwa Sasana Guard Ven. Navadankulame Mehnanda Thero and the writer of the Kalpitiya Sasana Guard Ven. Migettuwatte Sumitha Thero were proposed for the post of the Hon. Writer of the Aarachchikattuwa Sasana Guard Board and the writer of the Kalpitiya Sasana Guard Board.
According to this, the writer of the Aarachchikattuwa Sanasana Guard Ven. Navadankulame Mehnanda Thero was appointed as the writer of the Puttalam District Legislative Security Board by getting more votes.
After that, the writer of the Naththandiya Sasana Guard Board, Hon. Haldaduwana Pathnasoma Thero was elected as the Deputy Chairman and the writer of Madampe Sasana Guard Board, Ven. Henepola Sri Sumangala Tissa Smamin was also elected as the Deputy Writer of the Madampe Sasana Guard.
Also here, four Assistant Authorities, Religious Affiliate Member Monks, four Dhampasal Affiliate Members, four Cultural Society Affiliate Members, four members for the endorsement of the Sasana Guard Regional Board and four members for the original endorsement. ..
Additional District Secretary Mr. Ravindra Wickramasinghe, Chief Accountant Mrs. Mithila Kadanegedara, Regional Secretaries, Senior Police Officers of Puttalam and Chilaw, District Youth Service Officer, Buddhist Affairs Coordinator Officer, Development Officer and Government Officers also participated in the event.



“සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් මල්ඵල ගැනවීමක්..................!
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දිවයිනෙහි සෑම පාසලකටම පුස්තකාලයක් ලබා දීමෙහි අරමුණ පෙරදැරි කොට ගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසල් අටක් (08) තෝරා ගෙන රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුතු පොත් කට්ටල බෙදා දීමක් අද දින පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී “ගම සමඟ පිළිසඳර” ප්‍රගති සමාලෝචන රැස්වීමට සමගාමීව සිදු වුණා. අදාළ පොත් කට්ටල භාර ගැනීම සඳහා එම පාසල්වල විදුහල්පතිවරුන් ද මෙම අවස්ථාවට පැමිණ සිටියා.
Another fruitful blossom in the "Vistas of Prosperity..................!"
According to the "Vision of Prosperity" policy statement of Honorable President Gotabhaya Rajapaksha, the aim of library to every school in the island has been preceded and selected eight (08) most difficult schools in Puttalam district and distribution took place on 2021.07.17 at Puttalam Divisional Secretariat in conjunction with the "Gama Samaga Pilisandara" progress review meeting. Principals of those schools also attended the event to accept the relevant book sets.


“ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට”
ප්‍රගති සමාලෝචන රැස්වීම - පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනෙහි පුත්තලම විමර්ශන චාරිකාවෙන් අනතුරුව ගම්වාසීන් විසින් එතුමන් වෙත ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දීමේ වැඩපිලවෙළ යටතේ එම කර්තව්‍යයන්ට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීම 2021.07.17 දින පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා පුත්තලම දිස්ත්‍රික් දිසාපතිතුමන් වන කේ.ජි.විජේසිරි මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන් , සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන් මෙ න්ම පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකතුමිය ද සහභාගී වුණා. එමෙන් ම දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ග්‍රාමීය හා පානීය ජල සම්පාදන ව්යාපෘති සංවර්ධන රාජ්ය අමාත්ය ගරු සනත් නිශාන්ත මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු පාර්ලිමේනතු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් රහමාන් මැතිතුමා මෙන් ම අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා ද සහභාගී වුණා.
වාරි මාර්ග හා ගොවිජන සේවා ආයතනවලට සම්බන්ධව ඉදිරිපත් වූ ගැටළු පිළිබද ව ප්‍රථමයෙන් ම විමසීමට ලක්කල අතර අනුක්‍රමයෙන් කෘෂිකාර්මික ගැටළු පිළිබඳව ද, වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ගැටළු පිළිබදව ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ඉඩම් ගැටළු පිීළබඳව ද, අධ්‍යාපනික ක්ෂේත්‍රයට අයත් ගැටළු පිළිබඳව ද අවසානයේ ගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති වාර්ථා පිළිබඳව ද සාකච්ඡාවට භාජනය විය. උක්ත සඳහන් කළ විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට විසඳී ඇත ගැටළු පිළිබඳ විමසා බැලූ අතර තවමත් විසඳා ගත නොහැකිව පවතින ගැටළු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ අතර ඒ ඒ අදාළ ක්ෂේත්‍රයන්හි වගකිව යුතු රාජ්‍ය නිළධාරීන්ගේන් අදාළ ගැටළු තවමත් විසදා දීමට නොහැකි වූ හේතුන් ද දිසාපතිතුමන් විසින් එම අවස්ථාවේ දී විමසා සිටියා. ගැටළුව ඇති ස්ථානය නිවැරදිව හඳුනා ගෙන නිරවුල්බවකින් මෙම කර්තව්‍ය සිදු කළ යුතු බව පුත්තලම දිස්ත්‍රික් දිසාපතිතුමන් වන කේ.ජි.විජේසිරි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වසංගතය හේතුවෙන් මදක් පසුගාමී වුවත් මෙම වැඩසටහන පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එම නිසා සෑම දින 15 කට වරක් ම මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සලසා දෙන ලෙස ගරු රාජ්‍ය අමාත්ය ගරු සනත් නිශාන්ත මැතිතුමා, දිසාපතිතුමන් වන කේ.ජි.විජේසිරි මහතාගෙන් ඉල්ලා සිටි අතර මෙම අවස්ථාවට සහභාගී වූ ගරු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීනාත් ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ ගරු ජනාධිපතිතුමා නැවත සිය දෙවන විමර්ශන චාරිකාව පුත්තලමට පැමිණීමට පෙර මෙම සියලූම ගැටළු විසදාලීමට සියලු දෙනාම එකතු වී කටයුතු කරන්නේ නම් මැනවි යන්නයි .
තව ද මෙම අවස්ථාව සඳහා ගැටළු පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක්ද සහභාගී වුණා......




සුළගින් පුත්තලමට ආපදා.........
පසුගිය දා හමාගිය තද සුළං හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් 50ක පමණ පුද්ගලයින් 110කට අධික පිරිසක් පිඩාවට පත් වී ඇති බව පුත්තලම දිස්ත්රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා සඳහන් කළේය.
ඒ අනුව කරුවලගස්වැව, පුත්තලම, වනාතවිල්ලුව, කල්පිටිය, මහකුඹුක්කඩවල, ආරච්චිකට්ටුව, හලාවත, වෙන්නප්පුව, මහවැව , මාදම්පේ හා පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි දේපළ හා නිවාස හානි හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ එක් විහාරස්ථානයකට ද තද සුළං හේතුවෙන් හානි සිදු වී තිබෙනවා.
ආපදා සහන සේවා නිලධාරින් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැපයිමට කටයුතු කළ බව දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටියා.
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය හරහා (මාදම්පේ ) නුග ගසක් කඩා වැටීම හේතුවෙන් ඇතිව තිබූ ප්‍රවාහන අපහසුතා මගහරවා ගැනීමට එය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කළ බව දිසාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Disaster in Puttalam due to wind.........
More than 110 people from 50 families of several divisional secretariat divisions of Puttalam district have been victimized due to the strong winds that happened last day, Puttalam district secretary Mr K.G. Wijesiri mentioned.
Accordingly, people have been affected by property and house damage in Karuwalagaswewa, Puttalam, Vanathavilluwa, Kalpitiya, Mahakumbukkadawala, Arachchikattuwa, Chilaw, Wennappuwa, Mahawewa, Madampe and Pallama Divisional Secretariats.
One of the temples in the Puttalam Divisional Secretariat has also been damaged due to strong winds. Disaster Relief Service Officers worked quickly to provide relief to the affected peoples.
The District Secretary also said that a huge tree fell through the Chilaw Colombo main road (Madampe) Disaster Relief Service Officers was working to remove it quickly to avoid traffic difficulties.



පුත්තලම අභිනව දිස්ත්‍රික් ලේකම් වශයෙන් අද දින වැඩභාර ගත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී.විජේසිරි මහතාට උණුසුම් සුබ පැතුම්... චිරං ජයතු
இன்று புத்தளத்தின் புதிய மாவட்ட செயலாளராக கடமைகளை ஏற்றுக்கொண்ட உள்துறை அமைச்சகத்தின் மேலதிக செயலாளர் திரு கே.ஜி.விஜேசிரிக்கு வாழ்த்துக்கள்...
Congratulations to Mr. K.G. Wijesiri, Additional Secretary to the Ministry of Home Affairs who assumed duties as the new District Secretary of Puttalam today(2021.06.17) ...

සාම්ප්‍රදායික දිස්ත්‍රික් ලේකම් කාර්යයාලවල ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් වැඩ කරන දිස්ත්‍රික්කයක් යන තේමාව ඔස්සේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යයාලය මගින් නව වැඩසටහන් මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධනය සඳහා සහාය දීම, පාසල් අධ්‍යාපනය නිම කරන සිසුන් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කිරීම, දිස්ත්‍රික්කයේ ත්‍රීරෝද රථ රියදුරන් පුහුණු ශ්‍රමිකයින් බවට පත් කිරීම ඇතුළු වැඩසටහන් 12 ක් ඊට ඇතුළත් වනවා.
සේෆ්ටි කිඩ්ස් නමින් අන්තර්ජාල මාර්ගගත ළමා රක්ෂණ මෘදුකාංගයක් ද එම වැඩසටහන යටතේ හඳුන්වාදී තිබෙනවා. පුත්තලම දිස්ත්රික් ලේකම් එල් ජේ එම් ජී චන්ද්‍රසිරි බණ්ඩාර මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.
කොවීඩියානු සංස්කෘතිය ඇතුලේ පසුගිය මාස වල විවිධ වෙනත් කළමනාකරණ උපක්‍රම වලට යන්න අපිට සිදු වුණා. මහජනතාව ගෙවල් වලට සීමා වූ වෙලාවේ අපට තිබුණ බරපතලම අභියෝගයක් තමයි විවිධ බිල්පත් ගෙවීම් නිවසේ සිට සිදු කරන්නේ කොහොමද කියන එක.ඒ වෙලාවේ අපේ ග්‍රාම නිලධාරීන් විවිධ උපක්‍රම යොදමින් මහජනතාවට සහාය වුණා.
මේ අතරේ තමයි මමත් Mobitel ආයතනයේ දිස්ත්‍රික් කළමනාකරු ජනක මොලගොඩ මහතා හා අපේ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී උපාලි මහතා ඇතුළු අපේ කණ්ඩායම වෙනත් විදිහේ තීරණයක් ගත්තේ. මේ වෙලාවේ අපි ගත්තු තීරණය තමයි විශේෂ අවශ්‍යතා ඇති අය හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙක්ට ආදායම් යන විදියක් හදන ගමන් අර ඉහත ගැටළුවලට උත්තරයක් හොයන එක.
මොබිටෙල් සමාගමේ ජනක මොලගොඩ මහතා අපට කීවා ඒ සඳහා මැදිහත් වීමක් කරන්න පුළුවන් බව. ඒ අනුව අපි එකඟ වුණා විශේෂ අවශ්‍යතා ඇති පවුල් තුළින් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් නියෝජිතයෙක් බැගින් පත් කර ගන්න.ඔවුන් කරන්නේ ගමේ ගෙවල්වලට ගිහිල්ලා හිඟ බිල්පත් ගෙවීම් සිදු කරන එක.එහිදී අපේ ආබාධිත පවුල්වලට එම බිල්පත් එකතු කිරීම වෙනුවෙන් කොමිස් මුදලක් ලැබෙනවා. මේ සඳහා මොබිටෙල් ආයතනය කලාප ප්‍රධානී දෙනම් පෙරේරා මහතාගෙන් ලැබුණු ධෛර්යය අසීමිතයි. අද ජයග්‍රාහි දවසක් වන්නේ අපි හදපු කණ්ඩායමට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට හැකිවූ නිසයි. අපි අදහස් කරන ආකාරයට මෙම පවුලකට රුපියල් 15,000 පමණ ආදායමක් මසකට ලබාගත හැකි වෙනවා.
අද පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පටන් ගැනෙන මෙම වැඩසටහන ඉදිරි දිනවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරා විහිද යනවා.
අපේ ප්‍රාදේශීය ලේකම්වරු, සමාජ සේවා නිලධාරීන්ට මග පෙන්වමින් ඒ සඳහා ලහි ලහියේ වැඩ කරනවා. අපේ ඉලක්කය මෙවැනි ග්‍රාමීය ඒජන්තවරු 500ක් බිහි කරන්න.මේ අතර සමාජ සේවා අංශයේ ප්‍රධාන අරමුණු 05 අතරට ගැනීම එහි තවත් එක් අරමුණක්.
අද උත්සවයට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා, පල්ලම ප්‍රාදේශීය ලේකම් ලක්ෂිමා දිමුතු කුමාරි මහත්මිය, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි උපාලි මහතාත් සංවිධාන දායකත්වය ලබාදුන් සමාජ සේවා නිලධාරිනී උපේක්ෂා අධිකාරි, ඒ.එච්.එම් චන්ද්‍රවතී මහත්මීන්ටත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන්ටත් ස්තුතියි..
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සමථ මණ්ඩල ක්‍රියාවලිය තවදුරටත් බල ගැන්වීමේ අරමුණින් දිවයිනෙහි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි සංවර්ධන නිලධාරී (සමථ) නිලධාරීන් බඳවා ගැනීමට අපේකෂිතය.
மத்தியஸ்த வாரிய செயல்முறையை மேலும் வலுப்படுத்தும் நோக்கில் நாட்டில் உள்ள அனைத்து பிரதேச செயலகங்களையும் உள்ளடக்கி, அபிவிருத்தி அலுவலர்கள் (மத்தியஸ்தகர்) பதவிக்கு நியமிக்க எதிர்பார்க்கப்படுகிறது.
அதன்படி, புத்தளம் மாவட்டத்தில் உள்ள மாதம்பை பிரதேச செயலகத்தைத் தவிர பிற பிரதேச செயலகங்களுக்கான அபிவிருத்தி அலுவலர்கள் (சமரசம்) பதவிக்கு நியமிக்க பொருத்தமான பட்டதாரிகள் இருப்பின், அவர்கள் மத்தியஸ்த வாரிய ஆணைக்குழுவிற்கு உள்வாங்கப்படுவார்கள் என அறிவுறுத்தப்படுகின்றது.
It is expected to recruit Development Officers (Mediation) Officers covering all the Divisional Secretariats in the island with a view to further strengthening the Mediation Board process.
Accordingly, if there are suitable graduates to be recruited for the post of Development
Officers (Conciliation) for the Divisional Secretariats other than Madampe Divisional Secretariat in the Puttalam District, they have been directed to refer to the Mediation Board Commission.
ශ්රී ලංකා පරිපාලන සේවයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය සේවාවේ ලබාගත් සුවිශාල වූ අත්දැකීම් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ද, වනාතවිල්ලුව / කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ද , පසුව නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් (කුරුණෑගල හා නාරාහේන්පිට) ලෙස විශිෂ්ඨ රාජ්ය සේවාවක් ඉටු කර, පුත්තලම දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් අද දින (2021/01/01), රාජකාරි ආරම්භ කළ ඩබ්.ඒ රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතාට, දිස්ත්‍රික් ලේකම් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්....!

2021 නව වසර ඔබට හා ඔබ සැමට සාමය සතුට හා නිරෝගිමත් සුබ නව වසරක් වේවා!
පුත්තලම දිස්ත්රික් ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලය.
உங்களுக்கும் உங்கள் அனைவருக்கும் மலர்ந்திருக்கும் 2021 புத்தாண்டு அமைதி, மகிழ்ச்சி மற்றும் ஆரோக்கியமான ஆண்டாக அமைய வாழ்த்துகிறோம்.
~ புத்தளம் மாவட்ட செயலாளர் மற்றும் அலுவலர்கள் .
We wish you and all of you a prosperous 2021 New Year of Peace, Happiness and Health.
~ Puttalam District Secretary and Staff
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක හදිසියේ ඇතිවූ ගංවතුර තත්වය නිරීක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 2020/12/05 දින සහභාගී වූ අතර එම තත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා අවශ්‍යය උපදෙස් අදාළ අංශ වෙත ලබා දීම සිදු කළේය.

























